අභියාචනාධිකරණය විසින් ක්‍රීඩා අමාත්‍යංශයට සහ එයට අදාළ පාර්ශව සඳහා නොතීසි නිකුත් කර තිබෙනවා.
පසුගිය 14 වැනිදා පැවති පාපන්දු සම්මේලනයේ නිලවරණයේ දී තමාට අසාධාරණයක් සිදු වූ බව හිටපු සභාපති ජස්වර් උමාර් මහතා විසින් ගොනු කළ අභියාචනාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුව පෙබරවාරි 21 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළා.
එම අභියාචනාව සැලකිල්ලට ගත් පසු එහි නඩු නිමිත්තක් ඇති නිසා මෙම නඩුව විභාග කරන බවට එම අධිකරණය තීරණය කිරීමෙන් පසුවයි ක්‍රීඩා අමාත්‍යංශය සහ අදාළ පාර්ශව වෙත නොතීසි නිකුත් කර තිබෙන්නේ.
- නව පාපන්දු සභාපතිට අතුරු තහනම් නියෝගයක්
- TPFC කිරුළ දෙවැනි වරටත් සාන්ත ජෝසප් විද්‍යාලයට
- සුපිරි වැටුපක් සමඟින් Ronaldo සෞදි අරාබියට
- ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
- 2023 ජාතික ක්‍රීඩා දින දර්ශනය නිකුත් කරයි
මෙම අභියාචනාව නිසා නව සභාපති ශ්‍රී රංගා මහතා ඇතුළු පාපන්දු සම්මේලනයේ නව විධායක මණ්ඩලයට සිය රාජකාරි සිදු කිරීම වාරණය කරමින් අතුරු තහනමක් අභියාචනාධිකරණය මීට පෙර නිකුත් කර තිබුනත්, එය අද (20) ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ පාපන්දු පරිපාලනය නිසියාකාරව පවත්වා ගැනීම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<