ෂැන්හයි මාස්ටර්ස් ස්නූකර් තරගාවලිය පසුගිය දා අවසන් වුනේ රොනී ඔ’සුලිවන් හට තවත් කුසලානයක් අත්කර දෙමින්.
අවසන් මහා තරගයේ දී ලෝක ශූර ලූකා බ්‍රෙසෙල් ඔහු අතින් පරාජයට පත්වුනේ වට 11-09ක් වශයෙන්.
රොනී ඔ‘සුලිවන් නම් ස්නූකර් පුරාවෘත්තය හා බැඳුණු කතා බොහොමයක් තිබෙනවා. සාමාන්‍ය ස්නූකර් ක්‍රීඩකයෙකුට වඩා නිදහස් ආකාරයක් අනුගමනය කරන ඔ‘සුලිවන් ඔහුගේ ජීවිතය තුළ දී ද වෙනස් පුද්ගලයෙක්.
ඔහු මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගැලවීම සම්බන්ධ පුවත පසුගිය මාස කිහිපයේ දී අසන්නට ලැබුණා. ෂැන්හයි මාස්ටර්ස් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු, ඔහුට සම්බන්ධ තවත් යමක් අනාවරණය කළා.
“මෙහෙ සමාජ ශාලාවක් විවෘත කරන්න යන මගේ මිතුරෙකුට මම කුසලානය දෙනවා. ඒක චීනයේම තියේවි,” ඔහු BBC වෙත පැවසුවා. ශූරතාවය ජය ගැනීම වෙනුවෙන් ඔහුට ලැබුණු තෑගි මුදල බ්‍රිතාන්‍ය පවුම් 210,000ක් වනවා.
Caption – රොනී ඔ’සුලිවන් 2023 ෂැන්හයි මාස්ටර්ස් කුසලාන අතැතිව
ජීවිතයේ දී උපයා ගත් කිසිදු ස්නූකර් මතක සටහනක් තමන් සතුව තබාගෙන මිය යාමට තමන්ට අවශ්‍ය නොවන බවයි ඔ‘සුලිවන් පවසන්නේ.
“මම හැමවෙලේම ඒවා දෙනවා. මගේ මිත්‍ර පෝල් ළඟ එකක් තියෙනවා. ප්‍රේක්ෂකයන් අතර හිටපු ළමයෙකුටත් මම එකක් දුන්නා,” ඔහු පැවසුවා.
“කුසලාන ගැන ඇත්තටම මම වද වෙන්නේ නැහැ. ඒවායින් කිහිපයක්ම මම විකිණුවා. මට අවුරුදු 70-80ක් වෙනකොට ඒ කිසිම මතකයක් මං එක්ක තියෙන්න මට අවශ්‍ය නැහැ. මම මරණයට සූදානම් වෙනවා. මට ස්නූකර් සම්බන්ධ කිසිවක් අනවශ්‍ය වීම එහි කොටසක්. වේස්ට් කෝට්, ස්නූකර් දඬු, ඒ හැමදේම යන්න ඕන,” ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ වන විට සත්වරක් ලෝක ශූරතාවය දිනා ඇති 47 හැවිරිදි ඔ‘සුලිවන් චීනයේදී එක දිගට ලද 18 වැනි ජයග්‍රහණය මෙයයි.
- රොනී ඔ’සුලිවන් මත්ද්‍රව්‍ය ගැන කතා කළ හැටි
- සර් ජඩේජා, ප්‍රාන්තෙට ද්‍රෝහී විය
- නටලා ඔලිම්පික් රන් පදක්කම් දිනමු
“මම අවශ්‍ය මට්ටමේ හිටියේ නැතත් මම හොඳට ක්‍රීඩා කළ යුතුව තිබුණු වෙලාවල් වල මම හොඳට කරපු තරගාවලියක් මේක,” ඔහු පැවසුවා. අවසන් මහා තරගයේ දී 4-3ක් ලෙස පසුපසින් සිටි ඔ‘සුලිවන් එක දිගට තරග වට තුනක ජය ලබමින් පෙරමුණ ගත්තා.
“ලූකා හොඳින් කර තිබෙන එක ගැන මම පුදුමයට පත්වෙන්නේ නැහැ. ලූකා කියන්නේ අහම්බෙන් ලෝක ශූරයෙකු වුණු කෙනෙක් නෙමෙයි. ඔහුට මේ ක්‍රීඩාව ක්‍රීඩා කරන්නට පුදුමාකාර හැකියාවක් තිබෙනවා,” ඔ‘සුලිවන් අනුශූරයාව ඇගයුවේ එලෙසින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<