සාමාජිකයන් සත් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවසරය හිමි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (04) නිවේදනය කරන ලදි.
ශ්‍රී ලංකා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටු සාමාජිකයන් විසින් මෙම නව තේරීම් කමිටුව පසුගිය මාසයේ දී තෝරාපත් කර ගැනීමට කටයුතු සිදු කිරීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය ලබා ගැනීම සඳහා යොමු කොට තිබුණි.
ඒ අනුව එම නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස වත්මන් තේරීම් කමිටු සභාපතිවරයා වන අසන්ත ද මෙල් මහතා පත් කිරීමට කටයුතු කර තිබූ අතර ඔහුත් සමඟින් මීට පෙර තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ චමින්ද මෙන්ඩිස් මහතා ද නව තේරීම් කමිටුව සඳහා ඇතුළත්ව තිබුණි.
තවත් ක්‍රිකට් පුවත්:
- ස්වභාවධර්මය වෙනුවෙන් Jaffna Stallions නිල ඇදුම වෙනසක්
- වනිඳු සහ අවිශ්ක Jaffna Stallions නම ඉහළින් තබයි
- තිසර පෙරේරා ඇතුළු Jaffna Stallions අපරාජිතවම ඉදිරියට
- උණුසුම් වූ Tuskers – Gladiators තරගය ගැන Afridi කතා කරයි
ඔවුන් දෙදෙනාට අමතරව නව තේරීම් කමිටුව සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, හේමන්ත දේවප්‍රිය, රංජිත් මධුරසිංහ, උවායිස් කර්නයින් යන මහත්වරුන් සහ නිල්මිණි ගුණරත්න මහත්මිය ඇතුළත්ව තිබුණි.
2018 වසරේ දී හිටපු තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතාගෙන් පසුව අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙස පත් කිරීමට එවකට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කල අතර මෙම නව පත්වීමත් සමඟින් එතුමා තෙවැනි වතාවටත් තේරීම් කමිටුවේ මුලසුන හොබවනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව,
- අසන්ත ද මෙල් මහතා – සභාපති
- චමින්ද මෙන්ඩිස් මහතා
- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා
- හේමන්ත දේවප්‍රිය මහතා
- රංජිත් මධුරසිංහ මහතා
- උවායිස් කර්නයින් මහතා
- නිල්මිණි ගුණරත්න මහත්මිය
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<