ශ්‍රී ලාංකේය ධාවන ශූරියක් වන තරුෂි කරුණාරත්න ඇමරිකාවේ දී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
ඇමරිකාවේ Tennessee හිදි පැවැත්වුණු Vanderbilt Indoor Invitational 2025 තරගාවලියේ දී කාන්තා මීටර් 400 ඉසව්වේ තෙවන තරග වටය වෙනුවෙන් Tulane විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වූ තරුෂි කරුණාරත්න එහි දී ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.
මෙම ඉසව්වේ දී ඇය විසින් තත්පර 54.51ක තරග නිමි කාලයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර, ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් 52ක් අතුරින් තරුෂි දෙවැනි ස්ථානයේ රැඳීමත් විශේෂත්වයක්.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මීට පෙර මෙම තරගාවලියේ දී තරුෂි විසින් කාන්තා මීටර් 1000 ඉසව්වට ද සහභාගී වූ අතර, එහි දී ඇය සමස්ත තරගයේ හත් වැනියා බවට පත් වීමට ද සමත් වුනා.
දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>