තරුෂි සහ නදීශා ඔලිම්පික් වරම් ලබයි

Paris Olympics 2024

28

2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට තරුෂි කරුණාරත්න සහ නදීශා ලේකම්ගේ සමත් වී තිබෙනවා.

මෙම මස ආරම්භ වීමට නියමිත ඔළිම්පික් උළෙල සඳහා කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කරන තරුෂි කරුණාරත්න සුදුසුකම් ලබා ඇති අතර, ඇය මෙම ඉසව්ව වෙනුවෙන් සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් 45 දෙනා අතුරින් 45 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.

මෙහි දී ඇය විසින් සිය ඉසව්වට අදාළ ඔලිම්පික් පරිසාධන මට්ටම සම්පූර්ණ කර ගැනීමට සමත් නොවූ නමුත්, ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවයි ඔලිම්පික් සුදුසුකම් ලබා ගන්නේ.

මේ අතර කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් හිමි කර ගැනීමට නදීශා ලේකම්ගේ සමත් වී ඇති අතර, ඇය මෙම ඉසව්වේ ඔලිම්පික් සුදුසුකම් ලබන ක්‍රීඩිකාවන් 32 අතුරින් 26 වැනි ස්ථානයේ රැඳී සිටීම විශේෂත්වයක්.

ඇය ද ඉසව්වට නියමිත ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යාමට සමත් නොවූ නමුත්, ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවයි ඔලිම්පික් සුදුසුකම් ලබා ගන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තවත් ඔලිම්පික් බලාපොරොත්තු ලෙස හඳුනාගෙන සිටි පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරන අරුණ දර්ශන ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීම්වල 51 වැනි ස්ථානය සහ කාලිංග කුමාරගේ 58 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, මෙවර එම ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලබන්නේ ක්‍රීඩකයින් 48 දෙනෙකු පමණක් නිසා තවමත් ඔවුන් නිල වශයෙන් ඔලිම්පික් සුදුසුකම් ලබා ගනීවීද යන්න තහවුරු වී නැහැ.

දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<