ලෝක ක්‍රිකට් පිටියේ නිමා වූ 2024 වසරේ දී කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ වනිඳු හසරංග සමත් වීම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයට සුවිශේෂී බවක් එක් කළා.
ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ලෙසින් ගෙවී ගිය වසරේ දී නිමා වූ තුන් ආකාරයේ ම තරගවල වැඩිම ලකුණුලාභියා වීමට කුසල් මෙන්ඩිස් ද, එහි 3 වැනි ස්ථානය දිනා ගැනීමට පැතුම් නිස්සංක ද සහ 6 වැනි ස්ථානය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස් ද සමත් වෙනවා.
ඒ අතුරින් ගෙවී ගිය වසරේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට කුසල් මෙන්ඩිස් ද සහ එම ලැයිස්තුවේ ම 2 වැනියා බවට පත් වීමට පැතුම් නිස්සංක ද සමත් වෙනවා.
පිතිකරුවන් ඒ ලෙසින් වර්ගීකරණයට ලක් වෙද්දී ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි ස්ථානය සහ එක්දින තරග පිටියේ වැඩිම කඩුලුලාභියා බවටත් සහ විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලුලාභීන් අතර 3 වැනියා බවට පත් වීමටත් වනිඳු හසරංග සමත් වෙනවා.
මීට අමතර ව ICCය විසින් කමිඳු මෙන්ඩිස් වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් නිර්දේශ කෙරුණ අතර කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ කර තිබෙනවා.
මේ ඔවුන් එලෙසින් ඇගයීම් ලැබීමට වසරක් පුරා ක්‍රිකට් පිටියේ පෑ දක්ෂතාවන් පිළිබඳ තැබෙන කෙටි සටහනක්.
කුසල් මෙන්ඩිස්
ශ්‍රී ලංකාව වෙනුවෙන් ත්‍රිත්ව ආකාරයේ ම තරගවලට මුහුණ දුන් ප්‍රමුඛතම පිතිකරුවෙක් බවට පත් වූ කුසල් මෙන්ඩිස් නිමා වූ වසරේ දී තරග 48කට ක්‍රීඩා කරමින් ඉනිම 55ක දී ලකුණු 1860ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු අසුනට හිමිකම් කියනවා.
ඔහු මෙම ස්ථානයට පත් වෙන්නේ ලෝකයේ අංක 1 පිතිකරුවන් බවට නිර්දේශිත බොහෝ දෙනෙක් ම පසු පසට දමමිනුයි. කෙසේ වෙතත් මෙම ලැයිස්තුවේ කුසල් ට ආසන්නයෙන් ම සිටින්නේ ඉන්දියාවේ යොවුන් ක්‍රීඩක Yashasvi Jaiswal. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව තරග 23ක ඉනිම 37ක දී ලකුණු 1771ක්.
ගෙවී ගිය වසරේ දී කුසල් වඩාත් ම දක්ෂතා දක්වන්නේ එක්දින ජාත්‍යන්තර තරගවලදීයි. එහි දී ඔහු තරග 17ක දී ලකුණු 742ක් ලබා ගන්නවා. ඒ අතරට නවසීලන්තයට එරෙහි ව දඹුල්ලේ දී පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 143ක් තිබෙනවා. එය ඔහුගේ තරග 138ක් වන එක්දින තරග දිවියේ හොඳම ඉනිමයි.
මෙම ඉනිමට අමතර ව අර්ධ ශතක ඉනිම් 6ක් ද සහ හතරේ පහර 78ක් සහ හයේ පහර 10ක් ද ඇතුලත් කිරීමට ඔහු සමත් වෙනවා. මේ දක්ෂතාත් සමඟිනුයි ඔහු එක්දින ජාත්‍යන්තර තරග පිටියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ.
එමෙන් ම කුසල් නිමා වූ වසරේ දී විස්සයි විස්ස තරග පිටිය නිමා කරන්නේ තරග 22ක දී ලකුණු 628ක් ලබා ගනිමිනුයි. ඔහුගේ එම ලකුණු අතර ට අර්ධ ශතක 3ක් ඇතුලත් වන අතර ඒ අතුරිනුත් වැඩිම ලකුණු ලබා ගත් ඉනිම බවට පත් වෙන්නේ බංග්ලාදේශයට එරෙහි ව Sylhet හි දී පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා ගත් ලකුණු 86යි. එය කුසල් ගේ තරග 78ක් වන විස්සයි විස්ස තරග දිවියේ හොඳම ඉනිමයි.
ඊට අමතර ව කුසල් තම ටෙස්ට් තරග දිවිය ද යම් පෝෂණීය තත්ත්වයක පවත්වාගෙන යෑමට පසුගිය වසරේ දී සමත් වෙනවා. ඔහු තමන් මුහුණ දුන් ටෙස්ට් තරග 9ක ඉනිම් 16 දී ශතකයක් ද සමඟින් ලකුණු 490ක් ලබා ගන්නවා. ඒ ඉනිම් අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ නවසීලන්තයට එරෙහි ව ගාල්ලේ දී පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 106යි.
එම ශතකය ඔහු වාර්තා කරන්නේ ටෙස්ට් තරග 8ක ඉනිම් 15කට පසුවයි.
ගෙවී ගිය වසරේ කුසල් මෙන්ඩිස් ගේ ගමන් මඟ
Mat | Inns | No | Runs | HS | 100 | 50 | 0 | 4s | 6s | |
Test | 9 | 16 | 1 | 490 | 106* | 1 | 2 | 2 | 59 | 6 |
ODI | 17 | 17 | 3 | 742 | 143 | 1 | 6 | – | 78 | 10 |
T20 | 22 | 22 | 1 | 628 | 86 | – | 3 | 1 | 63 | 21 |
එකතුව | 48 | 55 | 5 | 1860 | 143 | 2 | 11 | 3 | 200 | 37 |
පැතුම් නිස්සංක
මෙම ලෝක ලැයිස්තුවට පැතුම් නිස්සංක එක් වෙන්නේ 3 වැනියා ලෙසයි. ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවේ 23 හැවිරිදි වමත් පිතිකරු Yashasvi Jaiswal. මේ යොවුන් ක්‍රීඩකයා ගේ මෙම ලකුණු ලබා ගැනීමට එක්දින තරග කිසිවක් ඇතුලත් වෙන්නේ නැහැ. ඒ තවමත් ඔහු එක්දින ජාත්‍යන්තර වරම් ලබා නොලැබීම හේතුවෙනුයි.
එම ලැයිස්තුවට එලෙසින් එක් වූ පැතුම් එක්දින ජාත්‍යන්තර තරග පිටියේ වැඩිම ලකුණුලාභීන් අතර කුසල් මෙන්ඩිස් ට පමණක් 2 වැනියා වෙමින් එම ලැයිස්තුව ආක්‍රමණය කිරීමට සමත් වෙනවා.
ඔහු එහි දී එක් දින තරග 12කට සහභාගී වෙමින් ලකුණු 694ක් ලබා ගැනීමට සමත් වෙනවා. මේ ලකුණු අතරට ඇෆ්ගනිස්තානයට එරෙහි ව පල්ලෙකැලේ දී පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 210ක් ද වෙනවා. එය ඔහුගේ මෙන් ම මෙරට එක්දින තරග පිටියේ පිතිකරුවෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
පැතුම් ගේ මෙම ඉනිමට අමතර ව නැවතත් ඇෆ්ගනිස්තානයට සහ බංග්ලාදේශයට එරෙහි ව වාර්තා කරන ලද ශතක 2ක් ද සහ අර්ධ ශතක 2ක් ද ඇතුලත්.
පැතුම් එක්දින තරග පිටියේ දී සේ ම නිමා වූ වසරේ දී විස්සයි විස්ස තරග පිටියේ දී ද සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වුනා. ඔහු විස්සයි විස්ස තරග 19ක දී ලබා ගත් ලකුණු ලකුණු සංඛ්‍යාව 622ක්. ඊට ඇෆ්ගනිස්තානයට එරෙහි ව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 60ක්, ඉන්දියාවට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 79ක්, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 54ක්, නවසීලන්තයට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 52ක් සහ නැවතත් නවසීලන්තයට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 90ක් ද ඇතුලත්.
මේ අතුරින් නවසීලන්තට එරෙහි ව Mount Maunganui හි දී පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබා ගන්නා ලකුණු 90 ඔහුගේ තරග 62ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිම බවට ද පත් වුනා.
ගෙවී ගිය වසරේ පැතුම් නිස්සංක ගේ ගමන් මඟ
Mat | Inns | No | Runs | HS | 100 | 50 | 0 | 4s | 6s | |
Test | 6 | 11 | 1 | 380 | 127* | 1 | 2 | – | 50 | 3 |
ODI | 12 | 12 | 1 | 694 | 210* | 3 | 2 | 1 | 86 | 17 |
T20 | 19 | 19 | 2 | 622 | 90 | – | 5 | 1 | 79 | 16 |
එකතුව | 37 | 42 | 4 | 1696 | 210* | 4 | 9 | 2 | 215 | 36 |
- ගෙවුණු වසරේ ශ්‍රී ලංකා ක්රිකට් මතක
- ICC සම්මාන දෙකක් සඳහා තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් නිර්දේශ ලබයි
- 2024 වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් වරුණ
- කමිඳු මෙන්ඩිස් ICC වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ ලබයි
- කුසල්, පැතුම්, චරිත්, වනිඳු පිනුම් ගැසූ 2024 එක්දින පිටිය
කමිඳු මෙන්ඩිස්
කමිඳු මෙන්ඩිස් මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ ලෝකයේ 6 වැනියා ලෙසයි. පැතුම්ගෙන් පසුව එංගලන්තයේ Harry Brook තරග 27ක ඉනිම් 34ක දී ලකුණු 1575ක් සහ Joe Root තරග 17ක ඉනිම් 31ක දී ලකුණු 1556ක් ද ලෙසින් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ සිව් වැනි සහ 5 වැනි ස්ථානවලට පත් ව සිටින අතර ඉන් අනතුරුවයි කමිඳු මෙන්ඩිස් ට මෙහි ස්ථානයක් හිමි වෙන්නේ.
කමිඳු මේ වසරේ දී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කරන්නේ ටෙස්ට් තරගවල දී වීම සුවිශේෂයි. ඔහු ටෙස්ට් තරග 9ක ඉනිම් 16ක දී ලකුණු 1049ක් ලබා ගන්නවා. එය ගෙවී ගිය වසරේ ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී 5 වැනි අසුනට හිමිකම් කියන දක්ෂතාවයි.
ඔහුට ඉහළින් එංගලන්තයේ Joe Root (1556), ඉන්දියාවේ Yashasvi Jaiswal (1478), එංගලන්තයේ Ben Duckett (1149) සහ එරටේ ම Harry Brook (1100) මෙම ලැයිස්තුවේ අසුන් වෙන්කර ගෙන සිටිනවා.
කමිඳුගේ මෙම ගමනේ දී බංග්ලාදේශයට එරෙහි ව එක ම තරගයක දී ලබා ගත් ලකුණු 102ක් සහ ලකුණු 164ක්, එංගලන්තයට එරෙහි ව ලබා ගත් ලකුණු 113ක්, නවසීලන්තයට එරෙහිව ලබා ගත් ලකුණු 114ක් සහ ඊට පසු තරගයේ දී නොදැවී ලබා ගත් ලකුණු 182ක් ද ඇතුලත්.
මේ ඉනිම් අතර කමිඳුගේ තරග 10ක ටෙස්ට් දිවියේ වාර්තා කරන ලද හොඳම ඉනිම ද අන්තර් ගතයි. ඒ නවසීලන්තයට එරෙහි ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පන්දු 250කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 182යි.
විස්සයි විස්ස පිටියේ දී ද කමිඳු ගේ දක්ෂතා යම් ඇගයීම් මට්ටමකට පැවැතියා. ඔහු ගෙවී ගිය වසරේ දී විස්සයි විස්ස තරග 18කට මුහුණ දෙමින් ලකුණු 305ක් ලබා ගන්නා. ඊට ඇෆ්ගනිස්තානයට එරෙහි ව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 65ක් සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 51ක් ද ඇතුලත්.
මේ අතුරින් ඇෆ්ගනිස්තානයට එරෙහි ව දඹුල්ලේ දී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 65 ඔහුගේ තරග 23ක් වන විස්සයි විස්ස තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වුනා.
ගෙවී ගිය වසරේ කමිඳු මෙන්ඩිස් ගේ ගමන් මඟ
Mat | Inns | No | Runs | HS | 100 | 50 | 0 | 4s | 6s | |
Test | 9 | 16 | 2 | 1049 | 182* | 5 | 3 | – | 108 | 21 |
ODI | 7 | 6 | 4 | 104 | 40 | – | – | 1 | 7 | 1 |
T20 | 18 | 16 | 1 | 305 | 65* | – | 2 | 1 | 33 | 10 |
එකතුව | 34 | 38 | 7 | 1458 | 182* | 5 | 5 | 2 | 148 | 33 |
වනිඳු හසරංග
වනිඳු හසරංග නිමා වූ වසරේ දී තරග 30ක ඉනිම් 30ක දී කඩුලු 64ක් ලබා ගනිමින් ලෝකයේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි අසුන දිනා ගැනීමට සමත් වෙනවා. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලට පමණක් සහභාගී වෙමින් වීම කැපී පෙණෙනවා.
ඔහුගේ මෙම ගමනේ දී වැඩිම දක්ෂතා දක්වන්නේ ලෝකයේ එක්දින පන්දු යවන්නා ලෙසයි. එහි දී ඔහු තරග 10ක දී කඩුලු 26ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඔහුත් සමඟින් මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය කඩුලු 26ක් ලබා ගත් කැනඩාවේ Dilon Heyliger ද රැඳී සිටිනවා.
කෙසේ වෙතත් වනිඳුගේ දක්ෂතා අතර ඉහළින් ම සටහන් වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලකුණු 19කට දවා ගත් කඩුලු 7යි. එය වනිඳුගේ තරග 58ක් වන එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.
ඊට අමතර ව ඔහු ඇෆ්ගනිස්තානයට, බංග්ලාදේශයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව කඩුලු 4ක් බැගින් ද දවා ගැනීමට සමත් වෙනවා.
විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ දී වනිඳු හසරංග හිමි වෙන්නේ ලෝකයේ 3 වැනි ස්ථානයයි. එහි පළමු ස්ථානය තරග 27ක ඉනිම් 26ක දී කඩුලු 46ක් ලබා සිටින හොංකොං හී Ehsan Khan වෙතත් සහ 2 වැනි ස්ථානය තරග 25ක ඉනිම 25ක දී කඩුලු 40ක් ලබා සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Junaid Siddique වෙතත් හිමි වෙනවා.
වනිඳු ගේ මෙම විස්සයි විස්ස කඩුලු දඩයමේ මේ වසරේ ඉහළ ම දක්ෂතාව වූයේ සිම්බාබ්වේ ට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලකුණු 15කට දවා ගත් කඩුලු 4යි. ඊට අමතර ව ඔහු නවසීලන්තයට එරෙහි ව ද දඹුල්ලේ දී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගන්නවා.
ගෙවී ගිය වසරේ වනිඳු හසරංග ගේ ගමන් මඟ
Mat | Inns | Overs | Mdns | Runs | Wkts | Best | 4 | 5 | |
ODI | 10 | 10 | 75.4 | 3 | 406 | 26 | 7/19 | 3 | 1 |
T20 | 20 | 20 | 76.2 | 1 | 543 | 38 | 4/15 | 2 | – |
එකතුව | 30 | 30 | 152.0 | 4 | 949 | 64 | 7/19 | 5 | 1 |
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.