කන්ද උඩරටට අභිමානයක් වෙමින් අමේෂා ලෝකඩ පදක්කම දිනයි

209

යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් දිනය වන අද (17) දිනයේ ප්‍රථම ජයග්‍රහණය 400m කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් වාර්තා විය. ඒ අමේෂා හෙට්ටිආරච්චි විසින් 400m කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ලබා ගැනීමත් සමඟය.

රටවල් 7ක් අතරින් නවිෂ්ක රිදි පදක්කම දිනයි

තුන්වැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය අද (16) ආරම්භ විය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් අද දිනයේදීත් තරග කිහිපයකටම සහභාගී…

මහනුවර විහාර මහාදේවි විද්‍යාලය නියෝජනය කරමින් අමේෂා ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා සංචිතයට තේරී පත්වූ අතර අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.55ට ආරම්භ වූ 400m කඩුලු මතින් දිවීමේ තරගය අමේෂා ක්‍රීඩා කරනු ලැබුවේ රටවල් කිහිපයක අතිදක්ෂ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් සමඟිනි. ආරම්භයේ පටන්ම දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්වූ  අමේෂා තෙවැනි ස්ථානය දිනා ගනිමින් තරග නිමා කළේය.

මලින්ද හා නවිෂ්කගෙන් සුපිරි දස්කම්; තවත් හතරක් ඉදිරියට

තෙවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද (15) හොංකොං හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30ට ආරම්භ විය. ඔලිම්පික් සිහිනය…

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමේ නායිකාව වන ශානිකා ලක්ෂානි අද උදෑසන 800m කාන්තා අවසන් තරගයට මුහුණ දුන් අතර අතිශය තරගකාරී මුහුණුවරක් ගත් මෙම ඉසව්වෙන් ඇයි දිනා ගැනීමට හැකි වූයේ සිව්වැනි ස්ථානයයි.

අදින් අවසන් වන යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ඉසව් කිහිපයක් පැවැත්වීමට නියමිත අතර ඒවායේ එසැණ තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<