නව දශකය ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරි කාලය ඉතා කාර්යබහුල වීමට නියමිත ය. ඒ 2020 වසර පුරාවට විහිදී ක්‍රියාත්මක වීමට නියමිත පිහිනුම් තරගාවලි රැසක් නිසාවෙනි.
මැතිව්ගේ ගෙලට රන් 7ක් සහ රිදී පදක්කමක්
නේපාලයේ කත්මණ්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු……
ආධුනික මට්ටමේ සිට ජාතික මට්ටම දක්වාත්, ජාතික මට්ටමේ සිට අන්තර්ජාතික මට්ටම දක්වාත් තරගාවලි රැසක් පැවැත්වෙන අතර පසුගියදා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මෙම වසරේ පිහිනුම් සහ ජල ක්‍රීඩා කාලසටහන එළිදැක්වූවා.
පිහිනුම්
මෙම වසර සඳහා පිහිනුම් තරගාවලි ආරම්භ වන්නේ එළඹෙන පෙබරවාරි මාසයේ දීය. ජාතික වයස් කාණ්ඩ තෝරා ගැනීමේ තරගාවලිය සහ ශ්‍රී ලංකා පාසල් ආධුනික පිහිනුම් තරගාවලිය සුගතදාස පිහිනුම් තටාකයේ දී පැවැත්වීමට නියමිත ය. මෙම වසර සඳහා ජාත්‍යන්තර තරගාවලි හතරක් පැවැත්වීමට නියමිත අතර 56 වන මලයාසියානු ආරාධිත වයස් කාණ්ඩ ශූරතාවය එළඹෙන මැයි මාසයේ දීත්, 16 වන සිංගප්පූරු විවෘත තරගාවලිය එළඹෙන ජූනි මාසයේ දී සහ 15 වන FINA Short Course තරගාවලිය දෙසැම්බරයේ දීත් පැවැත්වෙනු ඇත.
වසරේ සුවිශේෂී තරගාවලිය වන්නේ ජූලි මස 24 වනදා සිට අගෝස්තු මස 09 වනදා දක්වා ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල යි.
කිමිදුම්
කිමිදුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර ප්‍රධාන ලෙස තරගාවලි හතරක් පැවැත්වෙනු ඇත. ඉන් පළමු තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වෙන ආධුනික කිමිදුම් ශූරතාවය යි. ජූලි මාසයේ දී ශ්‍රී ලංකා පාසල් කිමිදුම් ශූරතාවය පැවැත්වෙන අතර අගෝස්තු මාසයේ දී සහ නොවැම්බර් මාසයේ දී පිළිවෙලින් ජාතික වයස් කාණ්ඩ කිමිදුම් ශූරතාවය සහ ජාතික ශූරතා තරගාවලිය පැවැත්වෙනු ඇත.
තවත් වාර්තාවක් බිඳ වැටේ; පිහිනුම්වලින් නව පදක්කම් 6ක්
නේපාලයේ කත්මන්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු…..
මුහුදු පිහිනුම්
10 වන ජාතික කිලෝමීටර 5 විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය ජනවාරි මස 12 වනදා පැවැත්වෙනු ඇත. ඉන්පසුව ජනවාරි මාසයේ අග භාගයේ දී ජාතික කිලෝමීටර 10 විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය පැවැත්වීමට නියමිත ය.
පෙබරවාරි මාසයේ දී වාර්ෂික සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියත්, කින්රෝස් කමිටුව සංවිධානය කරන 83 වන වාර්ෂික සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියත් පැවැත්වෙනු ඇත. මාර්තු මස පැවැත්වෙන සැතපුම් හයේ මුහුදු පිහිනුම් තරගාවලියෙන් මෙම වසර සඳහා දේශීය මුහුදු පිහිනුම් තරගාවලි නිමාවනු ඇත.
ශ්‍රී ලංකාවට මෙම වසරේ දී එක් ජාත්‍යන්තර තරගාවලියක් නියෝජනය කිරීමට වරම් හිමිව තිබේ. ඒ අගෝස්තු මාසයේ දී පැවැත්වෙන FINA ලෝක කණිෂ්ඨ විවෘත මුහුදු පිහිනුම් ශූරතාවය යි.
වෝටර් පෝලෝ
ජූලි මාසයේ දී පැවැත්වෙන පාසල් වෝටර් පෝලෝ ශූරතාවයෙන් මෙම වසරේ වෝටර් පෝලෝ තරගාවලි ආරම්භ වනු ඇත. අගෝස්තු මාසයේ දී “එල්ලන්වල ලීග්” තරගාවලිය පැවැත්වෙන විට ඔක්තෝබර් මාසයේ දී ජාතික වෝටර් පෝලෝ ශූරතාවය පැවැත්වීමට නියමිත ය.
5 වන FINA පිරිමි සහ කාන්තා යොවුන් වෝටර් පෝලෝ ශූරතාවයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය තවමත් තීරණය කර නොමැත.
Synchronized Swimming තරගාවලි
පිහිනුම් නර්තන සහ පිහිනුම් ජිම්නාස්ටික් ඇතුළත් Synchronized Swimming තරගාවලි රැසක් මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ය. මැයි මාසයේ දී ආධුනික තරගාවලිය පැවැත්වෙන අතර ජාතික වයස් කාණ්ඩ තරගාවලිය, ජාතික ශූරතා තරගාවලිය සහ මට්ටම් තරගාවලිය (Levels Competition) ජුනි, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී පැවැත්වෙනු ඇත.
රන් නැතත් ශ්‍රී ලංකා වාර්තාවන් දෙකක් බිඳ වැටුණු දිනයක්
13 වැනි ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය දා නේපාලයේ කත්මණ්ඩු නුවර දී ආරම්භ……
සිංගප්පූරු ජාතික තරගාවලිය මෙම වසර සඳහා තහවුරු කර ඇති එකම ජාත්‍යන්තර තරගාවලිය යි. FINA ලෝක කණිෂ්ඨ කලාත්මක පිහිනුම් ශූරතාවයට ශ්‍රී ලංකාවේ සභාගීත්වය තවමත් තහවුරු කර නොමැත.
සුපුරුදු පරිදි ThePapare.com අපි මේ සියලු තරගාවලි පිළිබඳ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටින්නෙමු. රැඳී සිටින්න, Thepapare.com සමඟින්.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<