බ්‍රිතාන්‍ය සවි එසවීමේ ජාතික ශූරතාවයේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ සුරේන් පෙරේරා විසින් සමත් වී තිබෙනවා.
පසුගිය දා නිමාවට පත් වුනු 2024 British Power Lifting National Championship තරගාවලියේ දී බ්‍රිතාන්‍ය ජාතික තරගකරුවන් රැසක් අබිබවා යමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සුරේන් විසින් සමත් වී ඇති අතර, මීට පෙර ඔහු විසින් 2023 තරගාවලියේ දී රිදී පදක්කමක් ද ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
- සුරේන් බ්‍රිතාන්‍ය තරගාවලියට සුදුසුකම් ලබයි
- රජු වෙනුවෙන් දැල් වූ පහන්
- සුලෝහිත සංග්රාම දුනු විදීමේ ජය නාලන්දාවට
- වසර 33කට පසුව ක්ලිෆර්ඩ් කුසලානය පොලිසිය අතට
- මහනුවර ආධිපත්‍යය බිඳ දැමූ CR & FC වසර 26කට පසුව රග්බි කිරුළ දිනයි!
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද ආසියානු ශූරතාව ඇතුළු විශේෂ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට සමත් වූ සුරේන් පසුව පදිංචිය සඳහා බ්‍රිතාන්‍යය බලා ගිය අතර, මෙම ජයග්‍රහණයත් සමඟින් ඔහුට බ්‍රිතාන්‍ය සවි එසවීමේ ජාතික කණ්ඩායමට එකතු වීමට ද අවස්ථාව හිමි වනු ඇති බවයි අනුමාන කරන්නේ.
සුරේන්ගේ ඉදිරි ජයග්‍රහණය පිළිබඳවත් ඔබ වෙත පුවත් සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<