ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (6) පැවති තරගයකින් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කරන්නට කොළඹ පළාත් කණ්ඩායම සමත් වුනා. ඒ මහනුවර පල්ලෙකැලේ පැවැත්වුණු තරගයක දී මහනුවර පළාත් කණ්ඩායම පරාජය කරමින්.
Photos: Kandy vs Colombo | Super Provincial One Day 2019
කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් ලකුණු කඩුලු හයකට ලකුණු 289 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගුවේ ශෙහාන් ජයසූරියගේ පන්දු 133කින් වාර්තා වූ ලකුණු 115 න් සවිය ලබමින්. ඔහුට අනගි සවියක් වූ ඇන්ජෙලෝ පෙරේරා පන්දු 82කින් අගනා ලකුණු 84ක් රැස් කර ගත්තේ ශෙහාන් සමඟ සිව්වැනි කඩුල්ලට ලකුණු 138ක අගනා සබඳතාවයක් ගොඩ නගමින්.
කොළඹ වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ අවිශ්ක ප්‍රනාන්දු හා උපුල් තරංගයි. තරංග එක් ලකුණකට නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට කසුන් රාජිත සමත් වූ අතර රාජිතගේම පන්දුවක් හමුවේ ආබාධයකට ලක්වූ අවිශ්ක ලකුණු පහකට පිටියෙන් ඉවත් වූයේ කොළඹ ඉනිම අවදානමකට ඇද දමමින්.
කෙසේ වෙතත් නායක චන්දිමාල් හා එක් වූ ශෙහාන් ජයසූරිය ලකුණු පුවරුව ලකුණු 82ක් දක්වා ඔසවා තැබීමට සමත් වූ අතර චන්දිමාල් සචිත්‍ර සේනානායකගේ පන්දුවක් හමුවේ ලකුණු 35කට පිටියෙන් ඉවත් වූයේ කඩුලු රකින සධීර සමරවික්‍රම හට උඩපන්දුවක් ලබා දෙමින්. කමිඳු මෙන්ඩිස් ලකුණු 13කට පිටියෙන් ඉවත් වූයේ ලකුණු පුවරුව කඩුලු තුනකට ලකුණු 111ක් වෙද්දීයි.
“ලෝක කුසලානයට මම සූදානම්” – කුසල් පෙරේරා
දකුණු අප්‍රිකාවේ දී සුපිරි දස්කම් දැක්වූ සුපිරි ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා තමන් ලෝක කුසලානයට සූදානම් බව BBC සිංහල වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා…
අනතුරුව තරගය උඩු යටිකුරු කරමින් ශෙහාන් හා ඇන්ජෙලෝ සුපිරි ලකුණු 138ක සබඳතාවක් ගොඩ නගන්නට සමත් විය. ඔවුන් දෙදෙනාම දුවද්දී දැවී යාම් වලට හසුව පිටියෙන් ඉවත් වූ අතර තිසර පෙරේරා ශෙහාන් දවා ගද්දී දිමුත් කරුණාරත්න ඇන්ජෙලෝ දවා ගන්නට සමත් විය. අවසන් පන්දුවාර කිහිපයේ දී පිටියට පැමිණි සීක්කුගේ ප්‍රසන්න වේගවත් ලකුණු 17ක් රැස් කරමින් කොළඹ ලකුණු තත්වය කඩුලු හයකට ලකුණු 289ක් දක්වා ඔසවා තබන්නට සමත් විය. කසුන් රාජිත ලකුණු 74කට කඩුලු දෙකක් දවා ගන්නට සමත් විය.
ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතා දඹුල්ල දෙදරවයි!
පිළිතුරු ඉනිම ආරම්භ කරමින් මහනුවර වෙනුවෙන් පිටියට පිවිසුණේ නායක දිමුත් කරුණාරත්න හා සධීර සමරවික්‍රමයි. ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු හතකට සීමා කරමින් සධීර ලකුණු හතරකට පිටියෙන් ඉවත් වූ අතර නායක දිමුත් පන්දු 58ක දී ලකුණු 44ක් වාර්තා කර ගන්නට සමත් විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සංගීත් කුරේ දිමුත් හා ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පැතුම් නිස්සංක සමඟින් එක්ව සාර්ථක සබඳතා ගොඩනැගීමට සමත් වූ අතර ඔහු පන්දු 100කට මුහුණ දෙමින් ලකුණු 88ක් රැස් කරගන්නට සමත් විය.
මාලිංගගේ සප්ත කඩුලු දඩයම දේශීය පිටිය කළඹයි!
ක්‍රිකට් ලොව මෞලි මංගල්‍යය සඳහා සියළුම රටවල් ලහි ලහියේ සූදානම් වන වටපිටාවක ශ්‍රී ලංකාවේ ද දේශීය එක්දින තරගාවලියක් අද (04) ආරම්භ විය. ඒ සුපිරි පළාත්…
පැතුම් නිස්සංක ලකුණු 36කටත් සචිත්‍ර සේනානායක ලකුණු 23කටත් පිටියෙන් ඉවත් කරමින් සීක්කුගේ ප්‍රසන්න ඉක්මන් කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු තත්වය ලකුණු 194කට කඩුලු පහක් බවට පත් කරමිනි.
ප්‍රවේගකාරී පිතිකරුවන් වන ප්‍රියමාල් පෙරේරාට හා තිසර පෙරේරා හට පන්දුවාර 11ක දී ලකුණු 95ක ජයග්‍රාහී ඉලක්කයක් පැවරුණු නමුත් ප්‍රේක්ෂකයින්ට සුපිරි අවසානයක් මගහැරුණේ තරගයට අඩු ආලෝක තත්වය හරස් වූ නිසාවෙන්. ඒ අනුව ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු තුනක තියුණු ජයක් කොළඹ කණ්ඩායමට හිමි විය. සීක්කුගේ ලකුණු 55කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Avisha Fernando | not out | 5 | 7 | 1 | 0 | 71.43 |
Upul Tharanga | lbw b Kasun Rajitha | 1 | 4 | 0 | 0 | 25.00 |
Dinesh Chamdimal | c Sadeera Samarawickrama b Sachithra Senanayake | 35 | 34 | 7 | 0 | 102.94 |
Shehan Jayasuriya | run out (Thisara Perera) | 115 | 133 | 9 | 2 | 86.47 |
Kamindu Mendis | c Sadeera Samarawickrama b Sangeeth Cooray | 13 | 26 | 0 | 0 | 50.00 |
Angelo Perera | run out (Dimuth Karunaratne) | 84 | 82 | 9 | 1 | 102.44 |
Seekkuge Prasanna | c Pathum Nissanka b Kasun Rajitha | 17 | 11 | 1 | 1 | 154.55 |
Chamika Karunaratne | not out | 5 | 3 | 0 | 0 | 166.67 |
Chamara Silva | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 14 (b 1 , lb 8 , nb 1, w 4, pen 0) |
Total | 289/6 (50 Overs, RR: 5.78) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nuwan Pradeep | 10 | 1 | 66 | 0 | 6.60 | |
Kasun Rajitha | 9 | 1 | 74 | 2 | 8.22 | |
Thisara Perera | 8 | 0 | 47 | 0 | 5.88 | |
Sachithra Senanayake | 10 | 0 | 28 | 1 | 2.80 | |
Sangeeth Cooray | 4 | 0 | 17 | 1 | 4.25 | |
Jeffrey Vandersay | 6 | 0 | 34 | 0 | 5.67 | |
Chathuranga de Sliva | 3 | 0 | 14 | 0 | 4.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadeera Samarawickrama | b Suranga Lakmal | 4 | 9 | 1 | 0 | 44.44 |
Dimuth Karunaratne | c Chamika Karunaratne b Kamindu Mendis | 44 | 58 | 5 | 0 | 75.86 |
Sangeeth Cooray | run out (Chamika Karunaratne) | 82 | 100 | 0 | 0 | 82.00 |
Pathum Nissanka | lbw b Seekkuge Prasanna | 36 | 35 | 2 | 0 | 102.86 |
Sachithra Senanayake | b Seekkuge Prasanna | 23 | 26 | 1 | 1 | 88.46 |
Priyamal Perera | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
Thisara Perera | not out | 9 | 4 | 2 | 0 | 225.00 |
Extras | 5 (b 1 , lb 1 , nb 0, w 3, pen 0) |
Total | 205/5 (39 Overs, RR: 5.26) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 6 | 2 | 24 | 1 | 4.00 | |
Asitha Fernando | 6 | 0 | 29 | 0 | 4.83 | |
Shehan Jayasuriya | 7 | 0 | 36 | 0 | 5.14 | |
Chamika Karunaratne | 4 | 1 | 18 | 0 | 4.50 | |
Seekkuge Prasanna | 9 | 0 | 55 | 2 | 6.11 | |
Kamindu Mendis | 7 | 0 | 41 | 1 | 5.86 |