ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නගේ ශතකයෙන් අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වර්ණවත් වූවද වර්ෂාව හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් එය දීප්තියකින් තොර විය.
මැතිව්ස් සහ භානුක දඹුලු කණ්ඩායම ගොඩ ගනී
අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය තීරණය …
ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර පැවති අවසන් මහ තරගය අද (11) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයක් ලෙසිනි. ගාල්ල ඉනිම අවසානයේ ක්‍රීඩාංගණයට වට වැස්ස හේතුවෙන් තරගය යළි පැවැත්වීමට නොහැකි වූ අතර පිටියේ විනිසුරුවන් වූ රුචිර පල්ලියගුරුගේ සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරුන් විසින් තරගය 3.30ට විසඳුමකින් තොරව අතහැර දමන ලද තරගයක් සේ ප්‍රකාශයට පත් කළහ.
කාසියේ වාසිය දිනූ ගාල්ල නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 337ක් ලබා ගත්හ.
ගාල්ල ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් සඳුන් වීරක්කොඩි පළමු පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ දී කිසිදු ලකුණක් ලබා නොදී දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් විය. ඒ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. කාසියේ වාසිය පරහකට වී දැයි යන සැකයෙන් යුතුව ගාලු ක්‍රීඩකයෝ විපිළිසර වෙද්දී, ලහිරු තිරිමාන්න සහ ධනංජය ද සිල්වා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩ නගමින් ඔවුන්ගේ මුහුණු මතට මදහසක් ගෙන දුන්හ.
Photos: Galle vs Colombo | SLC Super Provincial One Day Tournament 2019 – Final
ධනංජය ද සිල්වා පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේ ය. කුසල් මෙන්ඩිස්ට අද තරගයේ දී ද තම කණ්ඩායම වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වීමට නොහැකි වූ අතර ඔහුගේ ඉනිම ලකුණු 11කින් නිමා විය.
ලහිරු තිරිමාන්න එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ගාලු ඉනිම ගොඩ නැගූ අතර ඔහු මිලින්ද සිරිවර්ධන හා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් ද ගොඩ නැගුවේ ය. මිලින්ද සිරිවර්ධන පන්දු 29කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේ ය.
ගාලු ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් වූයේ ඉන් අනතුරුව ය. ඒ ලහිරු තිරිමාන්න සහ වනිඳු හසරංග එක්ව වාර්තා කළ ලකුණු 144යි. වනිඳු හසරංග පන්දු 53කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 87ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී නොයන්නට ගාලු ඉනිම මීටත් වඩා ශක්තිමත් වීමට ඉඩ තිබුණි.
IPL තරගාවලියේ අවසන් සටනේ සත්කාරකත්වය දෝණිට අහිමි වන ලකුණු
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය…..
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලහිරු තිරිමාන්න ය. ඔහු පන්දු 128කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 115ක් ලබා ගත්තේ ය.
මිනෝද් භානුක සහ ලහිරු මධුශංක පන්දු 19ක දී ලකුණු 28ක සබඳතාවක් එක් කළ සිටිය දී මිනෝද් භානුක ද දුවද්දී දවා ගැනීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ. ඔහු පන්දු 15කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේ ය. ලහිරු මධුශංක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 13කට මුහුණ දුන් අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කළේය.
පන්දු යැවීමේ දී සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, සීක්කුගේ ප්‍රසන්න සහ චාමික කරුණාරත්න කඩුල්ල බැගින් දවා ගත්හ.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sandun Weerakkody | lbw b Suranga Lakmal | 0 | 4 | 0 | 0 | 0.00 |
Lahiru Thirimanne | b Asitha Fernando | 115 | 128 | 9 | 1 | 89.84 |
Dhanajaya de silva | c Kamindu Mendis b Shehan Jayasuriya | 32 | 43 | 4 | 0 | 74.42 |
Kusal Mendis | c Angelo Perera b Chamika Karunaratne | 11 | 12 | 1 | 0 | 91.67 |
Milinda Siriwardana | c Avisha Fernando b Seekkuge Prasanna | 32 | 29 | 3 | 1 | 110.34 |
Wanindu Hasaranga | run out (Suranga Lakmal) | 87 | 53 | 13 | 1 | 164.15 |
Minod Bhanuka | run out (Suranga Lakmal) | 21 | 15 | 2 | 0 | 140.00 |
Lahiru Madushanka | not out | 24 | 13 | 2 | 1 | 184.62 |
Dhammika Prasad | not out | 1 | 3 | 0 | 0 | 33.33 |
Extras | 14 (b 1 , lb 0 , nb 0, w 13, pen 0) |
Total | 337/7 (50 Overs, RR: 6.74) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 9 | 2 | 52 | 1 | 5.78 | |
Asitha Fernando | 9 | 0 | 66 | 1 | 7.33 | |
Shehan Jayasuriya | 10 | 0 | 42 | 1 | 4.20 | |
Seekkuge Prasanna | 4 | 0 | 41 | 1 | 10.25 | |
Chamika Karunaratne | 6 | 0 | 47 | 1 | 7.83 | |
Akila Dananjaya | 9 | 0 | 63 | 0 | 7.00 | |
Kamindu Mendis | 3 | 0 | 25 | 0 | 8.33 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<