Colombo FC නිරුත්තරයි; Blue Starට ප්‍රථම ජය

Super League 2021

332

මෙරට ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය ලෙස හැඳින්වෙන Super League පාපන්දු තරගාවලියේ දෙවැනි තරග සතිය අද (23) ආරම්භ වුනා. දෙවැනි සතියේ සමාරම්භක තරගයේ දී ගෝල 1-0ක් ලෙස Colombo FC ක්‍රීඩකයින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට Blue Star SC ක්‍රීඩකයින් සමත් වුනා.

තරගාවලියේ සමාරම්භක සතියේ පැවති තරගවල දී Blue Star ක්‍රීඩකයින් ගෝල 4-2ක් ලෙස පරාජය කරන්නට Red Star ක්‍රීඩකයින් සමත් වුනා. පළමු තරග සතියේ දී New Youngsට අමිහිරි මතකයක් ඉතිරි කරමින් Colombo ක්‍රීඩකයින් ගෝල 4-0ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින් අද තරගය සඳහා අවතීර්ණ වුනා. 

තවත් පාපන්දු පුවත්:

රාත්‍රි 7:30ට පමණ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ඇරඹි මේ තරගයේ පළමු මිනිත්තු 10 යෑමටත් මත්තෙන් සාර්ථකව ගෝලයක් වාර්තා කරන්නට Blue Star ක්‍රීඩකයින් සමත් වුනා. තරගයේ 6 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලයේ හිමිකාරිත්වය M. Ihsan සතු වුනා.

ඒ සමඟම Colombo ක්‍රීඩකයින් වෙත දැඩි පීඩනයක් එල්ල කරන්නට Blue Star ක්‍රීඩකයින් සමත් වූ අතර ප්‍රථම අර්ධය අවසන් වන තෙක් නැවතත් කිසිදු ගෝලයක් වාර්තා වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ දී වැඩි වාසියක් Colombo FC සතු වුනත් ගෝල වාර්තා කරන්නට ඔවුන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔවුන්ට ගෝල වාර්තා කරන්නට අවස්ථා කිහිපයක් ලැබුණු නමුත් ඒවා සාර්ථක කරගන්නට ඔවුන් අසමත් වුනා. 

පළමු තරගයේ දී සිදු වූ අත්වැරදීම් නිවැරදි කරගනිමින් ප්‍රබල Colombo ක්‍රීඩකයින්ට හොඳ අභියෝගයක් ලබා දෙන්නට Blue Star සමත් වීම කැපී පෙනුණු කරුණක් වූ අතර අවසානයේ දී ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය හිමි වුනේ Blue Star ක්‍රීඩකයින් වෙතයි. 

අවසන් ලකුණු තත්වය: Blue Star SC 1 – 0 Colombo FC

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • Blue Star: M. Ihsan

කහ කාඩ්පත්:

  • Blue Star: ශෙනාල් සංදේෂ් 73’
  • Colombo FC: Zarwan Johar 65′, Afeel Mohamed 69′, චලන චමීර 81′

දෙවැනි තරග සතියේ තවත් තරග 4ක් පහත පරිදි මේ සති අන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<