Super League 2021 පාපන්දු තරගාවලියේ පූර්ව තරග කාලසීමාවට අදාළව අද (17) දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගවලින් New Youngs FC සහ Renown SC කණ්ඩායම් පරදා ජයග්‍රහණය කිරීමට Up Country Lions FC සහ Blue Star SC ක්‍රීඩකයන් සමත් වුනා.
New Youngs FC – Up Country Lions FC
තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ප්‍රබල Up Country Lions කණ්ඩායමට හැකි වූ අතර තරගයේ 44 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් පළමු ගෝලය රැස්කිරීමට Up Country Lions ක්‍රීඩක කවිඳු ඉෂාන් සමත් වුනා.
එම ගෝලය වාර්තා කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු එනම් තරගයේ පළමු අර්ධයේ අමතර කාලයේ දී New Youngs ක්‍රීඩකයෙකු දඬුවම් රාමුව තුළදී සිදුකළ වරදක් නිසාවෙන් තවත් දඩුවම් පහර අවස්ථාවක් Up Country Lions ක්‍රීඩකයන්ට හිමි වූ අතර එයද සාර්ථක කරගැනීමට කවිඳු ඉෂාන් සමත් වුනා.
වාසිදායක පළමු අර්ධයෙන් පසුව පිටියට පිවිසි Up Country Lions වෙනුවෙන් තෙවන ගෝලය තරගයේ 51 වන මිනිත්තුවේ දී රැස්කිරීමට මොහොමඩ් ශිෆාන් සමත් වූ අතර නැවතත් තරගයේ 56 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ශිෆාන් දඬුවම් රාමුව තුළට පැමිණි පන්දුවක් හිසින් ගෝලයට යොමු කරමින් තරගයේ සිව්වන ගෝලය රැස්කිරීමට සමත් වුනා.
එම ගෝලයේ උණුසුම නැතිවීමටත් පෙර නැවතත් තරගයේ 63 වන මිනිත්තුවේ දී දඬුවම් රාමුවට යොමුකළ පන්දුවක් ගෝලය වෙත එල්ල කරමින් තරගාවලියේ පළමු ගෝල ත්‍රිත්වය වාර්තා කිරීමට මොහොමඩ් ශිෆාන් සමත් වුනා.
තරගයේ 77 වන මිනිත්තුවේ දී ලද පන්දුවක් ප්‍රතිවාදී ක්‍රීඩකයන් මගහැර සාර්ථකව ගෝලය වෙත එල්ල කරමින් තරගයේ 6 වන ගෝලය වාර්තා කරමින් සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කිරීමට හිටපු ශ්‍රී ලංකා නායක කවිඳු ඉෂාන් සමත් වුනා.
New Youngs දැඩි පසුබෑමකට ලක්ව සිටිය දී නැවත ක්‍රියාත්මක වූ කාවින්ද ප්‍රනාන්දු තරගයේ 85 වන මිනිත්තුවේ දී Up Country Lions කණ්ඩායම වෙනුවෙන් සත්වන ගෝලය රැස්කිරීමට සමත් වුනා.
තරගයේ සම්පූර්ණ කාලය අවසන් වනතුරුම කිසිඳු ගෝලයක් රැස්කිරීමට New Youngs ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා ගෝල 7-0ක දැවැන්ත ජයක් ලැබීමට Up Country Lions ක්‍රීඩකයන් සමත් වුනා.
අවසන් ලකුණු තත්වය: Up Country Lions FC 7 – 0 New Youngs FC
ගෝල රැස්කළ ක්‍රීඩකයින්:
- Up Country Lions FC: කවිඳු ඉෂාන් 44′ (P), 45+2′ (P), 77′, මොහොමඩ් ශිෆාන් 51′, 56′, 63′, කාවින්ද ප්‍රනාන්දු 85’.
තවත් පාපන්දු පුවත් කියවන්න:
- තියුණු සටනකින් පසු Red Stars සහ Sea Hawksට ජයග්රහණ
- Sea Hawks හමුවේ Colombo FC පැරදේ; Defendersට නොසිතු ජයක්
- Ratnamට පළමු ජය; Blue Eagles, New Youngs සමයි
Blue Star SC – Renown SC
තරගයේ 22 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට Blue Star ක්‍රීඩක මොහොමඩ් අශාඩ්ට හැකි වුනා.
එම ගෝලය වාර්තා කිරීමෙන් පසු තරගයේ පළමු අර්ධය අවසන් වනතුරුම ගෝල වාර්තා කරගැනීමට ලැබුනු අවස්ථාවන් සාර්ථක කරගැනීමට දෙපිළෙහිම ක්‍රීඩකයන් අසමත් වීම නිසාවෙන් Blue Star කණ්ඩායමට වාසි ගෙන දෙමින් එම අර්ධය අවසන් වුනා.
පළමු අර්ධයේ ලද පසුබෑමෙන් පසුව තරගයේ 63 වන මිනිත්තුවේ දී Renown ඉදිරි පෙළ ක්‍රීඩකයන්ගේ අලංකාර පන්දු පාලනය සහ පිරිනැමීම නිසාවෙන් ලද පන්දුවක් හිසින් ගෝලයට යොමු කරමින් තරගයේ ගෝල තත්වය සමකිරීමට Renown නායක දිලීප් පීරිස් සමත් වුනා.
තරගයේ 65 වන මිනිත්තුවේ දී Blue Star ක්‍රීඩකයන්ට ගෝලයක් වාර්තා කරගැනීමට තිබූ ඉතා ආසන්නතම අවස්ථාවක් ප්‍රතිවාදී කණ්ඩායමේ දැල් රකින්නාගේ අගනා වැළැක්වීම නිසාවෙන් අහිමිව ගියා.
තරගයේ 82 වන මිනිත්තුවේ දී ලැබූ නිදහස් පහර අවස්ථාවකින් දඬුවම් රාමුව තුළට එල්ල කළ පන්දුවක් ගෝලය වෙත එල්ල කරමින් තරගයේ දෙවන ගෝලය රැස්කිරීමට සෙනාල් සංදේශ් සමත් වුනා.
එම ගෝලයෙන් පසු ගෝල වාර්තා කරගැනීමට තිබූ ආසන්නතම අවස්ථාවන් කිහිපයක් Renown ක්‍රීඩකයන්ට මගහැරී යාම නිසා ගෝල 2-1ක් ලෙස Blue Star SC ක්‍රීඩකයන්ට ජයගනිමින් තරගය අවසන් වුනා.
අවසන් ලකුණු තත්වය: Blue Star SC 2 – 1 Renown SC
ගෝල රැස්කළ ක්‍රීඩකයින්:
- Renown SC: දිලීප් පීරිස් 63’.
- Blue Star SC: මොහොමඩ් අශාඩ් 22’(P), සෙනාල් සංදේශ් 82’.
කහ කාඩ්පත ලබාගත් ක්‍රීඩකයන්:
- Blue Star SC: M. Munfik 67′.
- Renown SC: ජූඩ් සුබාන් 15’, මොහොමඩ් රිස්නි 81’.
රතු කාඩ්පත ලබාගත් ක්‍රීඩකයන්:
- Blue Star SC: M. Munfik 67′ (කහ කාඩ්පත් ද්විත්වයක් ලැබීම නිසා)
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<