ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ‘Super League 2021’ තරගාවලියේ ප්‍රධාන තරග කාලසටහන අද (02) දින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මාධ්‍ය වෙත නිකුත් කර සිටියා.
ඉතා උණුසුම් තරග කිහිපයකින් පසු තරගාවලියේ පූර්ව තරග වටයේ තරග පසුගිය 23 වනදා නිමාවට පත්වූ අතර එහිදී කණ්ඩායම් සියල්ලම පාහේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා.
එම වටයෙන් පසු මෙවර තරගාවලියේ පළමු තරගය අප්‍රේල් මස 19 වනදා Colombo FC සහ New Youngs FC කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව ඇති අතර එදිනම රාත්‍රියේ Renown FC සහ Defenders FC අතර තරගය පැවැත්වීමට නියමිතව ඇත.
තරගාවලියේ මූලික වටයේ දී සියලුම කණ්ඩායම් අනෙකුත් කණ්ඩායම් සියල්ල සමඟින් තරග වැදීමට නියමිතව ඇති අතර අගෝස්තු මස 08 වැනිදා මූලික වටයේ තරග අවසන් වේ.
තවත් පාපන්දු පුවත් කියවන්න:
- Colombo FCට තියුණු සටනක්; Blue Starට පහසු ජයක්
- හම්බන්තොටෙන් ඇරඹෙන Dialog Beach Soccer වසන්තය
- කවිඳු සහ ශිෆාන් Up Country Lionsට ජය ගෙනෙද්දී; Renown පරදවා Blue Star ජය ලබයි
මෙවර තරගාවලිය සඳහා ප්‍රබල දේශීය සහ විදෙස් ක්‍රීඩකයන් රැසක් සහභාගී වීමට සූදානමින් පසුවන නිසා කලකට පසුව දේශීය පාපන්දු පිටියෙහි උණුසුම් තරගාවලියක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වනු ඇත.
තරගාවලියේ මූලික වටයේ තරග කාලසටහන,
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <