යුද සහ නාවික ජාතික වෙරළ වොලිබෝල් ශූරතා දිනා ගනී

Sunquick National Beach Volleyball Championship

30
Sunquick National Beach Volleyball Championship

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ පූර්ණ අධීක්ෂකත්වයෙන් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කොමිසම සංවිධානය කළ Sunquick ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලියේ දී ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විවෘත ශූරතා දිනා ගන්නා ලදි.

මෙම තරගාවලිය පසුගියදා මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීඩාංගණයේ දී අවසන් වුනා.

තරගාවලියේ කාන්තා විවෘත ඉසව්වේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ A කණ්ඩායම සහ එම ක්‍රීඩා සමාජයේ ම B කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීම කැපී පෙණුනා.

තීරණාත්මක එම තරගයේ දී තරග වට 2-0ක් ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජ‍යීය A කණ්ඩායම ජයග්‍රහණය කළ අතර තරගාවලියේ 3 වැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවැති තරගයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයීය A කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය පරාජයට පත් කරනු ලැබුවා.

මේ අතර මෙම තරගාවලියේ පිරිමි විවෘත ඉසව්වේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ B කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ A කණ්ඩායම තරග වැදුණ අතර එහි දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයීය B කණ්ඩායම තරග වට 2-0කින් ජයග්‍රහණය කරනු ලැබුවා.

එම ඉසව්වේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයීය A කණ්ඩායම සහ එම ක්‍රීඩා සමාජයේ ම C කණ්ඩායම තරග පිටියට පිවිසි අතර එහි දී ශ්‍රී ලංකා යුද හමුදා A කණ්ඩායම ජයග්‍රහණය කළා.

වෙරළ වොලිබෝල් ශූරතාවලියේ තරග ප්‍රතිඵල

  • වයස අවුරුදු 18න් පහළ කාන්තා

ශූරතාව –

Bitulink ක්‍රීඩා සමාජයීය A කණ්ඩායමේ ජිනේෂි මදුශානි සහ හර්ෂනී නිසංසලා විසින් හුංගම විජබා විද්‍යාලයීය A කණ්ඩායමේ ශදීෂා දිල්රුක්ෂි සහ නිපුනි දිලාශිකා 17/21ක්, 21/14ක් සහ 15/12ක් ලෙස තරග වට 2-1කින් පරාජය කරන ලදි.

3 වැනි ස්ථානය  –

හුංගම විජබා විද්‍යාලයේ නුවංගි අප්සරා සහ මිලාශා නෙත්සරණි විසින් දිනා ගන්නා ලදි.

4 වැනි ස්ථානය –

Bitulink ක්‍රීඩා සමාජයීය C කණ්ඩායමේ අචිනි නිකේශා සහ සවිද්‍යා ඉඳුවරී විසින් දිනා ගන්නා ලදි.

  • වයස අවුරුදු 18න් පහළ පිරිමි

ශූරතාව –

ලොයෙලා විද්‍යාලයේ රශ්මික ප්‍රනාන්දු සහ සුබෝධ ගිම්හාන් විසින් නාත්තණ්ඩිය ජනාධිපති විද්‍යාලයේ මිහිඳු ලක්ෂාන් සහ අවිශ්ක කුමාර 21/14ක්, 12/21ක් සහ 15/8ක් ලෙස තරග වට 2-1කින්  පරාජය කරන ලදි.

3 වැනි ස්ථානය –

පන්නල ජාතික පාසලේ ගිසෙත් නෙත්සර සහ සී. එස්. සෝමරත්න විසින් දිනා ගන්නා ලදි.

4 වැනි ස්ථානය –

සාන්ත මරියා විද්‍යාලයේ එම්. කේ. එස්. මිරැන්ඩා සහ ශෙහාන් රනුක විසින් දිනා ගන්නා ලදි.

  • වයස අවුරුදු 21න් පහළ කාන්තා

ශූරතාව –

හුංගම විජබා ක්‍රීඩා සමාජයේ තුරුශි යසාරා සහ හිරුණි ප්‍රබෝධා විසින් සංඝමිත්තා ක්‍රීඩා සමාජයේ මලිති කාව්‍යා සහ විහාරා ශමින්දි 21/13ක් සහ 21/15ක් ලෙස තරග වට 2-0කින්  පරාජය කරන ලදි.

3 වැනි ස්ථානය –

Saga Beach ක්‍රීඩා සමාජයේ දිල්කි නෙත්සරා සහ ගීත්මා හංසනී විසින් දිනා ගන්නා ලදි.

4 වැනි ස්ථානය –

ඇහිලියගොඩ නෙත්සර ක්‍රීඩා සමාජයේ සංජනා හරිස්චන්ද්‍ර සහ ආර්. අයි. ලියනගම විසින් දිනා ගන්නා ලදි.

  • වයස අවුරුදු 21න් පහළ පිරිමි

ශූරතාව –

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ උදයංග ප්‍රනාන්දු සහ හේෂාන් ප්‍රනාන්දු විසින් සාන්ත මරියා විද්‍යාලයේ එම්. ජේ. එම්. ජරීර් සහ ඒ. එන්. නස්රාන් 21/13ක් සහ 21/18ක් ලෙස තරග වට 2-0කින්  පරාජය කරන ලදි.

3 වැනි ස්ථානය –

මීගමුව යොවුන් ක්‍රීඩා සමාජයේ මහේෂික ප්‍රනාන්දු සහ මංජුල නිසල් විසින් දිනා ගන්නා ලදි.

4 වැනි ස්ථානය –

තිඹිරිගස්කඩුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ විනුත් සස්මින සහ කවිශ්ක ජෝසප් පුල්ලේ විසින් දිනා ගන්නා ලදි.

  • වයස අවුරුදු 25න් පහළ කාන්තා

ශූරතාව

MAS Casualline ක්‍රීඩා සමාජයීය B කණ්ඩායමේ ටී. එච්. හේරත් සහ ආර්. එන්. ධනංජනී විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සුරේකා ඩිල්ශානි සහ සචිනි මල්ශානි 21/13ක් සහ 21-13ක් ලෙස තරග වට 2-0කින් පරාජය කරන ලදි.

3 වැනි ස්ථානය –

MAS Casualline ක්‍රීඩා සමාජයීය B කණ්ඩායමේ කේ. ඒ. යු. ශ්‍රීමාලි සහ ඒ. එන්. ප්‍රියමාලි විසින් දිනා ගන්නා ලදි.

4 වැනි ස්ථානය –

MAS Casualline ක්‍රීඩා සමාජයීය C කණ්ඩායමේ එච්. ඩී. සඳරුවනි සහ ඒ. එස්. මදුවන්ති විසින් දිනා ගන්නා ලදි.

 

  • වයස අවුරුදු 25න් පහළ පිරිමි

ශූරතාව –

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සඳුන් බණ්ඩාර සහ මේලක හේෂාන් විසින් මීගමුව යොවුන් ක්‍රීඩා සමාජයේ එම්. එන්. අන්ෆාස් සහ ඩිල්ශාන් අධිකාරි 21/14ක්, 24/22ක් සහ 15/13ක් ලෙසින් පරාජය කරන ලදි.

3 වැනි ස්ථානය –

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ එස්. රාමන් සහ ජී. කේ. කේ. ගිම්හාන් විසින් දිනා ගන්නා ලදි.

4 වැනි ස්ථානය –

Slimline ක්‍රීඩා සමාජයේ කේ. එන්. සඳරුවන් සහ ඉසුරු සඳරුවන් විසින් දිනා ගන්නා ලදි.

  • විවෘත කාන්තා

ශූරතාව –

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයීය A කණ්ඩායමේ ඒ. කේ. ටී. ලක්ෂානි සහ එම්. ජී. ඩී. බණ්ඩාර විසින් 21/17ක්, 21/17ක් ලෙස තරග වට 2-0කින් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයීය B කණ්ඩායමේ ඩබ්ලිව්. එස්. අසංග සහ ඩී. එම්. කේ. කේ. දිසානායක පරාජය කරන ලදි.

3 වැනි ස්ථානය –

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජේ. ඩබ්ලිව්. පී. තුෂාරි සහ ජේ. එච්. ඩී. ප්‍රසාදනී දිනා ගන්නා ලදි.

4 වැනි ස්ථානය –

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජයේ රශ්මි පෙරේරා සහ වාසනා මදුමාලි විසින් දිනා ගන්නා ලදි.

  • විවෘත පිරිමි

ශූරතාව –

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයීය B කණ්ඩායමේ නලින් පෙරේරා සහ ඩබ්ලිව්. ඩී. එම්. වික්‍රමසිංහ විසින් 21/15ක් සහ 21/16ක් ලෙස තරග වට 2-0කින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයීය A කණ්ඩායමේ මලිත් ඩිල්ශාන් සහ දිලීප චාමික පරාජය කරන ලදි.

3 වැනි ස්ථානය –

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයීය A කණ්ඩායමේ සඳුන් මදුශංක සහ අංජන සංදීපන විසින් දිනා ගන්නා ලදි.

4 වැනි ස්ථානය –

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයීය C කණ්ඩායමේ ඩි. එස්. වී. සමරනායක සහ සුපුන් චාමික විසින් දිනා ගන්නා ලදි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<