ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (11) නිමාවට පත්විය. ඒ අතරින් කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් ඉලෙවන් පංජාබ් අතර පැවති තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩක Sunil Narineගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවරුන් විසින් තරග තීරකවරයා වෙත වාර්තා කර ඇත.
අබුඩාබි හිදී පැවති එම තරගය ඉතාමත් උණුසුම් තරගයක් බවට පත් වූ අතර අවසානයේ දී කොල්කටා කණ්ඩායම ලකුණු දෙකක තියුණු ජයක් ලබා ගත් අතර එහි දී Sunil Narine ඉතාමත් විශාල දායකත්වයක් දක්වන ලදි. ඔහු එම තරගයේ දී පන්දුවාර 4ක් තුල ලකුණු 28කට කඩුලු 2ක් දවා ගනිමින් ඉතාමත් හොඳින් පංජාබ් පිතිකරුවන්ව පාලනය කරන ලදි.
තවත් ක්‍රිකට් පුවත්:
- සජිත් ප්‍රනාන්දුට ඇමරිකාවේ ක්‍රිකට් නිලයක්
- සුපිරි ක්‍රිකට් තරු දෙකක් LPL එන්න බැහැ කියයි
- යුද හමුදා ක්‍රිකට් ලීගයේ මුල් දිනයේම සුපිරි පන්දුවාරයක්
- කුසල් මෙන්ඩිස්ගෙන් සටන්කාමී ශතකයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග සංවිධායකයින් විසින් එවනු ලැබූ මාධ්‍ය නිවේදනයකට අනුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත (පන්දුව දමා ගසන බව) බවට විනිසුරුවරුන් විසින් තරග තීරකවරයා වෙත වාර්තා කර තිබෙන අතර මෙවර තරගාවලිය තුල ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවත වතාවක් සැක සහිත වුවහොත් ඔහුට තරග තහනමක් පැනවීමට විනිසුරුවරුන්ට හැකියාව ඇත.
බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායම හරහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ Sunil Narine දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අතර දකුණතින් පිට දඟපන්දු යවන ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව මීට පෙර ද ජාත්‍යන්තර තරග අවස්ථා කිහිපයක දී ම සැක සහිත බවට තරග විනිසුරුවරුන් වාර්තා කරන ලදි.
2015 වසරේ පැවති IPL ක්‍රිකට් තරගාවලියේ දී ද Sunil Narine හට මෙවැනිම ආකාරයක චෝදනාවක් එල්ල වූ නමුත් ඔහුට එම චෝදනාව එල්ල වූයේ එක් තරගයක දී පමණක් වූ නිසා ඔහුට තරග තහනමක් පැනවූයේ නැත.
කෙසේ නමුත් 2015 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ දී නැවත වතාවක් නරීන් පන්දුව දමා ගසන බවට වාර්තා වීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔහුට තරග තහනමක් පනවන ලදි.
පසුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවතත් සකසා ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි නමුත් 2018 වසරේ පැවති පාකිස්තානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී නැවතත් ඔහුට පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල විය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<