ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවැනි අදියරේ තරග ඉසව් ඊයේ (08) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
මෙහි දී ඊයේ දිනය තුළ තරග බිමට පිවිසුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පිරිමි දුර පැනීමේ ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්පත් මිරෙන්ද සමත් වූ අතර, කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කළ නදීශා ලේක්ම්ගේ මීටර් 56.26ක දුරක් හෙල්ල විසි කරමින් ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.
මේ අතර කාන්තා දුර පැනීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට මදුශානි හේරත් විසින් සමත් වුනේ මීටර් 6.07ක දුරක් තරණය කරමිනුයි. කාන්තා මීටර් 100 ඉසව්ව අමාශා ද සිල්වා ජයග්‍රහණය කළ අතර, පිරිමි මීටර් 100 ඉසව්ව Y.C.M යෝදසිංහ විසින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
පිරිමි මීටර් 400 ඉසව්ව කාලිංග කුමාරගේ ජයග්‍රහණය කරනා අතරේ, කාන්තා මීටර් 400 ඉසව්ව M.A.N.H ප්‍රනාන්දු විසින් ජය ගැනීමට සමත් වුනා.
තරගාවලියේ පළමු දිනයේ තරග ඉසව් එසේ නිමාවට පත් වූ අතර, අද (09) තරගාවලියේ දෙවැනි දිනයට අදාළ තරග ඉසව් ආරම්භ වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මෙහි දී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ සුමේධ රණසිංහ විසින් මීටර් 85.78ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වී ඇති අතර, එය නව ජාතික වාර්තාවක් ලෙස ද සටහන් වීම විශේෂත්වයක්.
මීට පෙර පසුගිය වසරේ දී රුමේෂ් තරංග විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලංකා වාර්තාව ලෙස මීටර් 85.45ක් සටහන් කිරීමට සමත් වුනා.
එමෙන්ම සුමේධ විසින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පරිසාධන මට්ටම වන මීටර් 85.50ක සීමාව ද තරණය කිරීමට සමත් වී තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඔහු මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගනු ඇතැයි අනුමාන කළ හැකි.
එමෙන්ම මෙම දක්ෂතාව මෙම වසරේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා හොඳම දක්ෂතාව ලෙස සටහන් වන අතර, මීට පෙර එම වාර්තාව ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සතු වී තිබුණේ මීටර් 85.41ක දක්ෂතාවක් සමඟයි.
මේ සමඟම මෙම වසරේ පිරිමි හෙල්ල විසි කිරීමේ ලොව හොඳම දක්ෂතා 5න් 4ක්ම ශ්‍රී සුමේධ සහ රුමේෂ් අතර බෙදී ගොස් තිබීමත් විශේෂත්වයක්.
තේරීම් තරගවල දෙවැනි දිනයේ ඉතිරි තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>