ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම කෙටි දුර ධාවකයකු වන සුගත් තිලකරත්න මහතා නව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා.
පසුගිය දා පැවැත්වුණු 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත් ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබූ සුගත් තිලකරත්න අද (21) නව නියෝජ්‍ය ක්‍රීඩා ඇමති ලෙස නම් කළා.
ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ නොමැකෙන නාමයක් ලෙස සඳහන් කළ හැකි සුගත් තිලකරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවා නියෝජනය කිරීමට වරම් ලබා ගත්තා.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සොඳුරු මතකයන් තබා ඇති සුගත්, ශ්‍රී ලාංකේය පාර්ලිමේන්තු වරම් ලබාගත් පළමු ඔලිම්පික් ක්‍රීඩකයා/ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාසගත වනු ඇති.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<