ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක් කළ නව නීතිය වන පන්දුවාර අතර කාල ගණනය කිරීම හෙට (12) ආරම්භ වන එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් විස්සයි විස්ස තරගාවලියේ සිට අත්හදා බැලීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පන්දුවාරයක් අවසන් වී තත්පර 60ක් ඇතුළත නව පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට පන්දු යවන්නා සූදානම් විය යුතු අතර එසේ කිරීමට අපොහොසත් වන තෙවැනි අවස්ථාවේ දී ප්‍රතිවාදී කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබා දීම සිදු වෙනවා.
මෙම තාවකාලික නීතිය 2020 දෙසැම්බර් මස සිට 2024 වසරේ අප්‍රේල් දක්වා අත්හදා බැලීමට නියමිතව තිබෙන අතර දළ වශයෙන් තරග 59ක දී මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වෙනවා.
- ආනන්ද සහ මහින්ද සම ශූරතා දිනා ගනී
- Team ශ්‍රී ලංකා Melbourne Renegades ශූරතාවයේ අවසන් තරගයට
- මානසික සුවය පතා එංගලන්ත ක්‍රීඩකයා සමාජ මාධ්‍යයට සමුදෙයි !
- Warnerට කී දෙයක් ගැන Johnson පසුතැවෙයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු මුල් පුටුවෙහි වෙනසක්
මෙම නීතිය අත්හදා බැලීම ගැන සිය අදහස් දක්වමින් Wasim Khan ප්‍රකාශ කර සිටියේ,
“අපි ක්‍රිකට් ක්‍රීඩාවේ කාලය අපතේ යැවීම නතර කරන්න සෑම පියවරක් ගන්නවා. 2023 වසරේ දී අපි අඩු පන්දුවාර වේගයට පියවරක් ලෙස අවසන් පන්දු වාරයේ දී අමතර ක්‍රීඩකයෙක් යාර 30 සීමාවට ගෙන ඒමට කටයුතු කළා ( නියමිත පන්දුවාර වේගය රඳවා ගැනීමට අපොහොසත් වූ විට).
මෙම නව නීතිය පිළිබඳ තීරණය අදාළ කාලසීමාව අවසන් වූ පසු ගැනීමට සූදානමින් සිටිනවා.”
දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<