සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කිරීමට තෝමසුවන් සමත් වෙයි

3

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර 65 වැනි වරට පැවැත්වුණු “ජයතිලක ආර්යා පලිහ” වාර්ෂික රග්බි තරගයෙන් ජය ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් වුනා. 

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ පළමු අර්ධය තුළ තෝමසුවන් විසින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් ඔවුන් විසින් උත්සාහක දිනුම් හතරක් වාර්තා කිරීමට සමත් වූ අතර, එහි ප්‍රවර්තන හතර ද සාර්ථක කර ගැනීමට සමත් වුනා. 

මේ අතරතුර සාන්ත ජෝසප් විද්‍යාලය විසින් උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තරගයට වඩාත් හොඳින් අවතීර්ණ වීමට සමත් වුනා. මෙහි දී ඔවුන් විසින් තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මේ අතරවාරයේ දී තෝමසුවන් විසින් වාර්තා කිරීමට සමත් වුනේ උත්සාහක දිනුම් ද්විත්වයක් පමණයි. 

මෙම අර්ධය තුළ ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, සාන්ත තෝමස් ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ 15ක් පමණයි. කෙසේ වෙතත් පළමු අර්ධයේ දී ලද වාසියත් සමඟ තරගයේ ජයග්‍රහණය සාන්ත තෝමස් ක්‍රීඩකයින් සතු වුනා. 

තරගයේ දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් යෙහාන් බුලත්සිංහලගේ උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 19ක් ලබා ගන්නා අතරේ, සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ශෙහාන් මාලින්ද උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා. 

  • සාන්ත තෝමස් විද්‍යාලය 43 (6T,5C, 1P) – සාන්ත ජෝසප් විද්‍යාලය 31 (5T, 3C) 

තරගයේ වීරයා මයන්ක ඩයස් (සාන්ත තෝමස් විද්‍යාලය) 

ඒ අනුව 65 වැනි වරට පැවැත්වුණු මෙම තරගයේ 45 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකියාව ලැබුණා. 

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<