මරදාන සාන්ත ජෝසප් සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල අතර පැවති 88 වැනි සාන්තුවරුන්ගේ සටන අද (19) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවයි.
පළමු දිනයේ අවසන් වන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කඩුලු 2ක් දැවී 35ක් ලබාගෙන සිටියේ ලකුණු 123ක වාසියක් ද සහිතවයි.
තරග වැදුණු කණ්ඩායම්
- සාන්ත පීතර විද්‍යාලය – රුසඳ ගමගේ, විශේන් හැලඹගේ, ශෙනාල් බොතේජු, ලහිරු දවටගේ (කඩුලු රකින්නා), වනුජ කුමාර (නායකයා), නිමුතු ගුණවර්ධන, දනාල් හේමානන්ද, සන්ශේ ගුණතිලක, නිමාන් උමේෂ්, ශනොන් රොද්‍රිගෝ, අභිලාෂ් වෙල්ලාලගේ
- සාන්ත ජෝසප් විද්‍යාලය – සදීෂ් ජයවර්ධන (කඩුලු රකින්නා), නරේන් මුරලිදරන්, ශෙවෝන් ඩැනියල් (නායක), හිරාන් ජයසුන්දර, දුනිත් වෙල්ලාලගේ, මිතිර තෙනුර, මුදිත දිසානායක, රිෂ්ම අමරසිංහ, දේශාන් සෙනෙවිරත්න, ලහිරු අමරසේකර, ශෙනුක් සේරසිංහ
දිනයේ පළමු කඩුල්ල ලෙස ශෙනාල් බොතේජු දවා ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනා. කෙසේ නමුත් සිය පළමු පාසල් මහා තරගය සඳහා ක්‍රීඩා කරන අභිලාෂ් පළමු දිනය අවසානයේ දී සැදෑ ආරක්ෂක පිතිකරුවා ලෙස පැමිණ අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දක්වමින් සාන්ත පීතර දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනා.
ඊට අමතරව ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ දවටගේ ලකුණු 53ක් ලබාගෙන මේ මහා තරග ඉතිහාසය තුල ලබා ගත් තුන්වැනි අර්ධ ශතකය ඔහුගේ නමට ඉදිරියෙන් සටහන් කරගත්තා.
දවටගේ සහ අභිලාෂ් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 131ක් තුල ලකුණු 94ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ අතර එය මේ තරගය පුරාවට වාර්තා වූ හොඳම සබඳතාවය වුනා.
අවසානයේ දී පන්දුවාර 59කුත් පන්දු 5ක් අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 232ක් ලබාගෙන සිය දෙවැනි ඉනිම ද අත්හිටුවීමට සාන්ත පීතර විද්‍යාලය තීරණය කළා. පන්දු යැවීමේ දී ඩැනියල් දෙවැනි ඉනිමේ කඩුලු 5ක් දවාගෙන සමස්ත තරගය තුල කඩුලු 8ක් දවාගැනීමට සමත් වුනා.
- බංග්ලාදේශ සුපිරි තරුව ජාත්‍යන්තර T20 පිටියට සමුදෙයි
- Kohli, Bumrah සහ Chahalට විවේකයක්
- බංග්ලාදේශ ක්‍රීඩකයෙක්ට තරග තහනමක්!
- T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් ස්ථීරයි
- ප්‍රේක්ෂකයින් පුදුම කරමින් Ben Stokes එක්දින පිටියට සමුදෙයි!
දිනයේ නිමාව අවසන් වීමට අවම ලෙස පන්දුවාර 48ක් ඉතිරිව තිබියදී ලකුණු 321ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත ජෝසප් විද්‍යාලයේ ජයවර්ධන ලබා ගත් සුපිරි ශතකය නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයට හැකියාව ලැබුණා.
සාන්ත ජෝසප් දෙවැනි ඉනිම ලකුණු 22ක්ව තිබිය දී මුරලිදරන් සහ නායක ඩැනියල් දවා ගැනීමට සාන්ත පීතර පන්දු යවන්නන් සමත් වීම නිසා ඒ මොහොත වන විට තරගයේ වැඩි පීඩනය සාන්ත ජෝසප් ක්‍රීඩකයින් දෙස පතිතව තිබුණා. මුදිත සහ දුනිත් පිතිකරණයෙන් දැක්වූ සහය නිසා ඔවුන්ට තේ පානය දක්වා විශාල ගැටලුවකින් තොරව තරගය තුල රැඳී සිටීමට හැකියාවක් ලැබුණා.
නිමාන් සහ නිමුතු පිළිවෙළින් දුනිත් සහ මුදිතගේ කඩුලු දවා ගත් නමුත් ජයවර්ධන සහ හිරාන් ජයසුන්දර එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 51*ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ දෙවැනි ඉනිම යම් මට්ටමකට රැගෙන එන්නට සමත් වුනා. 4 පහර 11කින් අලංකාරවත් වුනු ජයවර්ධන තරගයේ අවසානය දක්වා කඩුල්ලේ රැඳෙමින් පන්දු 189ක් තුල නොදැවී ලකුණු 103*ක් ලබා ගත්තේ තරගයේ වීරයා සම්මානය ද දිනාගෙනයි. එය ඔහුගේ ඔහුගේ පළමු මහා තරග ශතකය ද වුනා.
- තරගයේ වීරයා – සදීෂ් ජයවර්ධන (සාන්ත ජෝසප් විද්‍යාලය)
- හොඳම පිතිකරු – ශෙනාල් බොතේජු (සාන්ත පීතර විද්‍යාලය)
- හොඳම පන්දු යවන්නා – වනුජ කුමාර (සාන්ත පීතර විද්‍යාලය)
- හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ශෙවෝන් ඩැනියල් (සාන්ත ජෝසප් විද්‍යාලය)
- හොඳම පන්දු රකින්නා – ලහිරු දවටගේ (සාන්ත පීතර විද්‍යාලය)
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Vishen Halambage | c Sadeesh Jayawardana b Deshan Seneviratne | 0 | 1 | 0 | 0 | 0.00 |
Rusanda Gamage | lbw b Shevon Daniel | 13 | 24 | 2 | 0 | 54.17 |
Shenal Boteju | c Lahiru Amarasekara b Muditha Lakshan | 81 | 136 | 10 | 1 | 59.56 |
Lahiru Dewatage | c Shevon Daniel b Dunith wellalage | 6 | 19 | 1 | 0 | 31.58 |
Wanuja Sahan | b Shevon Daniel | 0 | 6 | 0 | 0 | 0.00 |
Nimuthu Gunawardene | b Dunith wellalage | 36 | 64 | 3 | 1 | 56.25 |
Danal Hemananda | not out | 55 | 58 | 2 | 2 | 94.83 |
Niman Umesh | b Dunith wellalage | 2 | 7 | 0 | 0 | 28.57 |
Shanshay Gunathilaka | c Sadeesh Jayawardana b Shevon Daniel | 47 | 46 | 3 | 2 | 102.17 |
Shenon Rodrigo | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
Extras | 9 (b 2 , lb 0 , nb 3, w 4, pen 0) |
Total | 251/8 (60 Overs, RR: 4.18) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Deshan Seneviratne | 2 | 0 | 13 | 1 | 6.50 | |
Muditha Lakshan | 8 | 0 | 48 | 1 | 6.00 | |
Dunith wellalage | 24 | 3 | 92 | 1 | 3.83 | |
Shevon Daniel | 15 | 2 | 67 | 2 | 4.47 | |
Lahiru Amarasekara | 8 | 3 | 16 | 0 | 2.00 | |
Shenuka Serasinghe | 3 | 0 | 13 | 0 | 4.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadeesh Jayawardana | c Shenon Rodrigo b Danal Hemananda | 15 | 31 | 2 | 0 | 48.39 |
Naren Muralidaran | lbw b Wanuja Sahan | 6 | 28 | 0 | 0 | 21.43 |
Shevon Daniel | c Nimuthu Gunawardene b Wanuja Sahan | 71 | 93 | 7 | 4 | 76.34 |
Hiran Jaysundara | c Wanuja Sahan b Shenon Rodrigo | 2 | 18 | 0 | 0 | 11.11 |
Dunith wellalage | b Niman Umesh | 36 | 26 | 3 | 2 | 138.46 |
Mithira Thenura | b Nimuthu Gunawardene | 1 | 6 | 0 | 0 | 16.67 |
Rishma Amarasinghe | lbw b Shenon Rodrigo | 5 | 19 | 0 | 0 | 26.32 |
Muditha Lakshan | c Lakindu Sachin b Wanuja Sahan | 4 | 24 | 0 | 0 | 16.67 |
Deshan Seneviratne | b Shenon Rodrigo | 4 | 7 | 1 | 0 | 57.14 |
Lahiru Amarasekara | st Wanuja Sahan b Lahiru Dewatage | 11 | 18 | 2 | 0 | 61.11 |
Shenuka Serasinghe | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 8 (b 5 , lb 0 , nb 1, w 2, pen 0) |
Total | 163/10 (45.1 Overs, RR: 3.61) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Danal Hemananda | 7 | 0 | 23 | 1 | 3.29 | |
Abilash Dinakara | 1 | 0 | 7 | 0 | 7.00 | |
Wanuja Sahan | 18.1 | 3 | 63 | 4 | 3.48 | |
Niman Umesh | 9 | 3 | 31 | 1 | 3.44 | |
Shenon Rodrigo | 7 | 1 | 26 | 3 | 3.71 | |
Nimuthu Gunawardene | 3 | 0 | 8 | 1 | 2.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rusanda Gamage | c Mithira Thenura b Lahiru Amarasekara | 7 | 24 | 1 | 0 | 29.17 |
Vishen Halambage | st Sadeesh Jayawardana b Dunith wellalage | 22 | 21 | 3 | 0 | 104.76 |
Abilash Dinakara | b Shevon Daniel | 61 | 134 | 2 | 0 | 45.52 |
Shenal Boteju | c Mithira Thenura b Shevon Daniel | 18 | 45 | 1 | 0 | 40.00 |
Lahiru Dewatage | c Muditha Lakshan b Shevon Daniel | 53 | 65 | 6 | 0 | 81.54 |
Wanuja Sahan | c Deshan Seneviratne b Shevon Daniel | 28 | 33 | 2 | 0 | 84.85 |
Shanshay Gunathilaka | b Shevon Daniel | 0 | 4 | 0 | 0 | 0.00 |
Danal Hemananda | not out | 21 | 25 | 1 | 0 | 84.00 |
Niman Umesh | not out | 17 | 9 | 3 | 0 | 188.89 |
Extras | 5 (b 2 , lb 2 , nb 1, w 0, pen 0) |
Total | 232/7 (59.5 Overs, RR: 3.88) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dunith wellalage | 12 | 2 | 49 | 1 | 4.08 | |
Shevon Daniel | 17.5 | 1 | 80 | 4 | 4.57 | |
Lahiru Amarasekara | 14 | 3 | 42 | 1 | 3.00 | |
Shenuka Serasinghe | 6 | 0 | 21 | 0 | 3.50 | |
Mithira Thenura | 3 | 0 | 8 | 0 | 2.67 | |
Deshan Seneviratne | 4 | 0 | 15 | 0 | 3.75 | |
Naren Muralidaran | 2 | 0 | 10 | 0 | 5.00 | |
Muditha Lakshan | 1 | 0 | 3 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadeesh Jayawardana | not out | 103 | 189 | 11 | 0 | 54.50 |
Naren Muralidaran | c Wanuja Sahan b Danal Hemananda | 4 | 5 | 1 | 0 | 80.00 |
Shevon Daniel | run out (Abilash Dinakara) | 5 | 5 | 1 | 0 | 100.00 |
Muditha Lakshan | c Wanuja Sahan b Nimuthu Gunawardene | 14 | 37 | 3 | 0 | 37.84 |
Dunith wellalage | c Lahiru Dewatage b Niman Umesh | 10 | 30 | 0 | 0 | 33.33 |
Mithira Thenura | c Shanshay Gunathilaka b Wanuja Sahan | 6 | 19 | 1 | 0 | 31.58 |
Hiran Jaysundara | not out | 19 | 63 | 1 | 0 | 30.16 |
Extras | 2 (b 1 , lb 1 , nb 0, w 0, pen 0) |
Total | 163/5 (58 Overs, RR: 2.81) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Danal Hemananda | 4 | 1 | 17 | 1 | 4.25 | |
Wanuja Sahan | 27 | 2 | 76 | 1 | 2.81 | |
Shenon Rodrigo | 10 | 4 | 22 | 0 | 2.20 | |
Nimuthu Gunawardene | 12 | 2 | 29 | 1 | 2.42 | |
Niman Umesh | 5 | 1 | 17 | 1 | 3.40 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<