මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන 88 වැනි සාන්තුවරුන්ගේ සටන අද (18) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
පළමු දිනයේ අවසන් වන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සාන්ත පීතර විද්‍යාලය කඩුලු 2ක් දැවී 35ක් ලබාගෙන සිටියේ ලකුණු 123ක වාසියක් ද සහිතවයි.
කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර නායක වනුජ කුමාර පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පසුගිය දා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් දුනිත් වෙල්ලාලගේ ද මේ තරගයට ක්‍රීඩා කළා.
තරග වදිනු ලබන කණ්ඩායම්
- සාන්ත පීතර විද්‍යාලය – රුසඳ ගමගේ, විශේන් හැලඹගේ, ශෙනාල් බොතේජු, ලහිරු දවටගේ (කඩුලු රකින්නා), වනුජ කුමාර (නායකයා), නිමුතු ගුණවර්ධන, දනාල් හේමානන්ද, සන්ශේ ගුණතිලක, නිමාන් උමේෂ්, ශනොන් රොද්‍රිගෝ, අභිලාෂ් වෙල්ලාලගේ
- සාන්ත ජෝසප් විද්‍යාලය – සදීෂ් ජයවර්ධන (කඩුලු රකින්නා), නරේන් මුරලිදරන්, ශෙවෝන් ඩැනියල් (නායක), හිරාන් ජයසුන්දර, දුනිත් වෙල්ලාලගේ, මිතිර තෙනුර, මුදිත දිසානායක, රිෂ්ම අමරසිංහ, දේශාන් සෙනෙවිරත්න, ලහිරු අමරසේකර, ශෙනුක් සේරසිංහ
තරගයේ ආරම්භක පන්දු කිහිපය තුල දී විශේන් ලකුණු නොලබා දවා ගනිමින් තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනා. කෙසේ නමුත් සාන්ත පීතර මුල්පෙළ පිතිකරු බොතේජු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඔවුන්ගේ මුල් පෙළ සවිමත් කළා. මහා තරග ඉතිහාසයේ පළමු අර්ධ ශතකය ලබා ගත් බොතේජු 4 පහර 10ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් මේ ලකුණු 81ක් ලබා ගත්තා.
එසේම ඔවුන්ගේ පසුපෙළ සවිමත් කරමින් අගනා සබඳතාවයන් කිහිපයක්ම ගොඩනැංවීමට දායක වුනු හේමානන්ද සිය මහා තරග ඉතිහාසය තුල ලබා ගත් දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 55*ක් ලබා ගත්තා.
හේමානන්ද, නිමුතු සහ සන්ශේ සමඟ එක්ව ගොඩනැංවූ සබඳතාවයන් සවියක් කරගෙන පළමු ඉනිමට නියමිත පන්දුවාර 60 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 251ක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි වුනා.
සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම අද දිනයේ දී එතරම්ම හොඳ මට්ටමකට පවත්වා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොලැබීම කැපී පෙනුණු අතර සාන්ත ජෝසප් මුල් ඉනිමේ කඩුලු 5ක් ලකුණු 21ක් තුල බිඳ වැටීම ද ඔවුන්ට විශාල තර්ජනයක් වුනා.
- 143 වැනි ‘නිල් මහා සටන’ Dialog විසින් බලගන්වයි
- 88 වැනි ‘සාන්තුවරුන්ගේ සටන’ කල් දමයි
- 69 වසරකට පසු නාලන්දාවට සුලෝහිත සංග්‍රාමයක ජයක්
- 59 වැනි සහෝදරයින්ගේ සටනට අලුත් දිනයක්
- ඕෂද, කුසල් සහ චන්දිමාල්ගෙන් අර්ධ ශතක ඉනිම්
ඉතාමත් හොඳ ධනාත්මක මානසිකත්වයක් සමඟ පිටියට අවතීර්ණ වුනු කුමාර ඇතුළු සාන්ත පීතර පන්දු යවන්නන් සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 163කට සීමා කළා. එහි දී නායකත්වයේ පිතිකරණයක නිරත වෙමින් මහා තරගයක ලබා ගත් පළමු අර්ධ ශතකය ලබා ගත් ඩැනියල් 4 පහර 7ක් සහ 6 පහර 4ක් සමඟ ලකුණු 71කට දැවී ගියා.
දුනිත් ලකුණු 36යි. මීට අමතරව ඔවුන් දෙදෙනා අද දිනය තුල ලබා ගත් ලකුණුවලට අමතරව කඩුලු 3 බැගින් ද දවා ගත්තා.
සාන්ත ජෝසප් විද්‍යාලය හා සසඳා බැලීමේ දී අද දිනය තුල සාන්ත පීතර පන්දු රැකීම ඉතාමත් හොඳ මට්ටමක තිබුණු අතර එය නිසාවෙන් සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 163කට සීමා කිරීමට වනුජ (කඩුලු 4) සහ රොද්‍රිගෝ (කඩුලු 3) ඇතුළු සාන්ත පීතර පන්දු යවන්නන් සමත් වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Vishen Halambage | c Sadeesh Jayawardana b Deshan Seneviratne | 0 | 1 | 0 | 0 | 0.00 |
Rusanda Gamage | lbw b Shevon Daniel | 13 | 24 | 2 | 0 | 54.17 |
Shenal Boteju | c Lahiru Amarasekara b Muditha Lakshan | 81 | 136 | 10 | 1 | 59.56 |
Lahiru Dewatage | c Shevon Daniel b Dunith wellalage | 6 | 19 | 1 | 0 | 31.58 |
Wanuja Sahan | b Shevon Daniel | 0 | 6 | 0 | 0 | 0.00 |
Nimuthu Gunawardene | b Dunith wellalage | 36 | 64 | 3 | 1 | 56.25 |
Danal Hemananda | not out | 55 | 58 | 2 | 2 | 94.83 |
Niman Umesh | b Dunith wellalage | 2 | 7 | 0 | 0 | 28.57 |
Shanshay Gunathilaka | c Sadeesh Jayawardana b Shevon Daniel | 47 | 46 | 3 | 2 | 102.17 |
Shenon Rodrigo | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
Extras | 9 (b 2 , lb 0 , nb 3, w 4, pen 0) |
Total | 251/8 (60 Overs, RR: 4.18) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Deshan Seneviratne | 2 | 0 | 13 | 1 | 6.50 | |
Muditha Lakshan | 8 | 0 | 48 | 1 | 6.00 | |
Dunith wellalage | 24 | 3 | 92 | 1 | 3.83 | |
Shevon Daniel | 15 | 2 | 67 | 2 | 4.47 | |
Lahiru Amarasekara | 8 | 3 | 16 | 0 | 2.00 | |
Shenuka Serasinghe | 3 | 0 | 13 | 0 | 4.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadeesh Jayawardana | c Shenon Rodrigo b Danal Hemananda | 15 | 31 | 2 | 0 | 48.39 |
Naren Muralidaran | lbw b Wanuja Sahan | 6 | 28 | 0 | 0 | 21.43 |
Shevon Daniel | c Nimuthu Gunawardene b Wanuja Sahan | 71 | 93 | 7 | 4 | 76.34 |
Hiran Jaysundara | c Wanuja Sahan b Shenon Rodrigo | 2 | 18 | 0 | 0 | 11.11 |
Dunith wellalage | b Niman Umesh | 36 | 26 | 3 | 2 | 138.46 |
Mithira Thenura | b Nimuthu Gunawardene | 1 | 6 | 0 | 0 | 16.67 |
Rishma Amarasinghe | lbw b Shenon Rodrigo | 5 | 19 | 0 | 0 | 26.32 |
Muditha Lakshan | c Lakindu Sachin b Wanuja Sahan | 4 | 24 | 0 | 0 | 16.67 |
Deshan Seneviratne | b Shenon Rodrigo | 4 | 7 | 1 | 0 | 57.14 |
Lahiru Amarasekara | st Wanuja Sahan b Lahiru Dewatage | 11 | 18 | 2 | 0 | 61.11 |
Shenuka Serasinghe | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 8 (b 5 , lb 0 , nb 1, w 2, pen 0) |
Total | 163/10 (45.1 Overs, RR: 3.61) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Danal Hemananda | 7 | 0 | 23 | 1 | 3.29 | |
Abilash Dinakara | 1 | 0 | 7 | 0 | 7.00 | |
Wanuja Sahan | 18.1 | 3 | 63 | 4 | 3.48 | |
Niman Umesh | 9 | 3 | 31 | 1 | 3.44 | |
Shenon Rodrigo | 7 | 1 | 26 | 3 | 3.71 | |
Nimuthu Gunawardene | 3 | 0 | 8 | 1 | 2.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rusanda Gamage | c Mithira Thenura b Lahiru Amarasekara | 7 | 24 | 1 | 0 | 29.17 |
Vishen Halambage | st Sadeesh Jayawardana b Dunith wellalage | 22 | 21 | 3 | 0 | 104.76 |
Abilash Dinakara | b Shevon Daniel | 61 | 134 | 2 | 0 | 45.52 |
Shenal Boteju | c Mithira Thenura b Shevon Daniel | 18 | 45 | 1 | 0 | 40.00 |
Lahiru Dewatage | c Muditha Lakshan b Shevon Daniel | 53 | 65 | 6 | 0 | 81.54 |
Wanuja Sahan | c Deshan Seneviratne b Shevon Daniel | 28 | 33 | 2 | 0 | 84.85 |
Shanshay Gunathilaka | b Shevon Daniel | 0 | 4 | 0 | 0 | 0.00 |
Danal Hemananda | not out | 21 | 25 | 1 | 0 | 84.00 |
Niman Umesh | not out | 17 | 9 | 3 | 0 | 188.89 |
Extras | 5 (b 2 , lb 2 , nb 1, w 0, pen 0) |
Total | 232/7 (59.5 Overs, RR: 3.88) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dunith wellalage | 12 | 2 | 49 | 1 | 4.08 | |
Shevon Daniel | 17.5 | 1 | 80 | 4 | 4.57 | |
Lahiru Amarasekara | 14 | 3 | 42 | 1 | 3.00 | |
Shenuka Serasinghe | 6 | 0 | 21 | 0 | 3.50 | |
Mithira Thenura | 3 | 0 | 8 | 0 | 2.67 | |
Deshan Seneviratne | 4 | 0 | 15 | 0 | 3.75 | |
Naren Muralidaran | 2 | 0 | 10 | 0 | 5.00 | |
Muditha Lakshan | 1 | 0 | 3 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadeesh Jayawardana | not out | 103 | 189 | 11 | 0 | 54.50 |
Naren Muralidaran | c Wanuja Sahan b Danal Hemananda | 4 | 5 | 1 | 0 | 80.00 |
Shevon Daniel | run out (Abilash Dinakara) | 5 | 5 | 1 | 0 | 100.00 |
Muditha Lakshan | c Wanuja Sahan b Nimuthu Gunawardene | 14 | 37 | 3 | 0 | 37.84 |
Dunith wellalage | c Lahiru Dewatage b Niman Umesh | 10 | 30 | 0 | 0 | 33.33 |
Mithira Thenura | c Shanshay Gunathilaka b Wanuja Sahan | 6 | 19 | 1 | 0 | 31.58 |
Hiran Jaysundara | not out | 19 | 63 | 1 | 0 | 30.16 |
Extras | 2 (b 1 , lb 1 , nb 0, w 0, pen 0) |
Total | 163/5 (58 Overs, RR: 2.81) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Danal Hemananda | 4 | 1 | 17 | 1 | 4.25 | |
Wanuja Sahan | 27 | 2 | 76 | 1 | 2.81 | |
Shenon Rodrigo | 10 | 4 | 22 | 0 | 2.20 | |
Nimuthu Gunawardene | 12 | 2 | 29 | 1 | 2.42 | |
Niman Umesh | 5 | 1 | 17 | 1 | 3.40 |
මේ තරගයේ තීරණාත්මක දෙවැනි දිනය හෙට (19) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වන අතර ThePapare.com, ඩයලොග් නාලිකා අංක 140 සහ Dialog Viu App හරහා තරගය සජීව ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<