දිනෙත් ජයකොඩි සහ සදීෂ් ජයවර්ධන විසින් සාන්තුවරයින්ගේ ක්‍රිකට් සංග්රාම ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කළ 86 වන සාන්තු වරයින්ගේ සටන පළමු දිනය වෙනුවෙන් පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී අද (06) දින පැවැත්විනි.
එක් වෙනස්කමක් සමඟින් ශ්‍රී ලංකාව පිතිකරණයට!
පරාජයකින් අවසන් වූ කොදෙව් – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගයෙන් පසුව මාලිංග ප්රමුඛ ශ්‍රී ලංකා
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වෙන මෙම තරගයේ මුල් දිනය අවසන් වන විට සිය පළමු පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 191ක් රැස්කර ගෙන සිටියේ සාන්ත පීතර පළමු ඉනිමට වඩා ලකුණු 33ක් පසුපසින් සිටිමිනි.
මෙහිදී ශතකයක් රැස්කර ගත් දිනෙත් ජයකොඩි සහ සදීෂ් ජයවර්ධන එක්ව 43/4ක් තිබූ ලකුණු සටහන තුළ පස්වන කඩුල්ල සඳහා ලකුණු 148ක නොබිඳුනු සබඳතාවයක් ගොඩ නංවමින් වසර 63කට පෙර සාන්ත ජෝසප් විද්‍යාල පිතිකරුවන් දෙදෙනෙකු ඔවුන්ගේ විද්‍යාලය වෙනුවෙන් තබා තිබූ වාර්තාව බිඳ හෙලමින් තරගයේ වැඩි වාසිය සාන්ත ජෝසප් විද්‍යාලය දෙසට හරවාදුනි.
Photos: St. Joseph’s College vs St. Peter’s College | 86th Battle of the Saints – Day 1
කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාල නායක ජොහෑන් ප්‍රනාන්දු පළමුව පිතිකරණය සඳහා අවස්ථාව සාන්ත පීතර විද්‍යාලයට ලබා දුන් අතර ඔවුන්ගේ සිය නියමිත පන්දුවාර 60 අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 224කට සීමා කිරීමට දකුණතින් පිට දඟපන්දු යවන අශේන් ඩැනියල් ඇතුළු සාන්ත ජෝසප් විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ.
සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් යුගලය වූ ශෙනාල් බොතේජු සහ රිශික සන්තුෂ් වැඩි දළ ලකුණු වේගයක් රඳවා ගනිමින් පළමු පන්දුවාර කිහිපය තුළ තරගයේ අණසක පැතිරවූ නමුත් සාන්ත ජෝසප් දඟපන්දු යවන්නන්ගේ ආගමනය සහ ඔවුන්ගේ දක්ෂ පන්දු රැකීම නිසා ඔවුන්ගේ ඉනිම මෙවැනි මට්ටමකට සීමා කිරීමට හැකි විය.
මෙම තරගය ගෙවී ගිය වසර කිහිපය පුරාවටම මුල් ඉනිම පන්දුවාර 60කට සීමා කරනු ලබන්නේ තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීම අරමුණු කරගෙනයි.
Video – අන්තර්ජාතික තරගවල දී ශ්‍රී ලංකාව පරාජය කළ ශ්‍රී ලාංකිකයන් – Sri Lankan coaches who challenged Sri Lanka
බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩයමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හෙබවූ නවීඩ් නවාස්, ලෝක කුසලාන ජයග්‍රහණයකට.
කෙසේ නමුත් මහා තරග ඉතිහාසයේ සිය මංගල අර්ධ ශතකය වාර්තා කරගත් දකුණතින් පිතිකරණයේ නිරත වන ලහිරු දවටගේ පන්දු 95ක් තුළ ලකුණු 64ක් රැස්කර ගත්තේ හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් එල්ල කරමිනි. ඊට අමතරව සාන්ත පීතර මැදපෙළ සවිමත් කිරීම වෙනුවෙන් දවටගේ වෙත සහය ලබා දුන් වනුජ කුමාර හයවන කඩුල්ල සඳහා ලකුණු 80ක සබඳතාවයක් ගොඩනැංවීම සඳහා සහය ලබා දෙමින් ලකුණු 48ක් වාර්තා කර ගත්තේය. අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවීම නිසා මහා තරග අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට අවස්ථාව උදාවූයේ නැත.
සාන්ත පීතර විද්‍යාලයේ ආරම්භක වේගපන්දු යවන්නන් තිදෙනා හමුවේ සාන්ත ජෝසප් විද්‍යාලයේ ලකුණු අතර සිටින මුල්පෙළ පිතිකරුවන් දැඩි අපහසුතාවයට ලක්වූ අතර වමතින් වේගපන්දු යවන විනුද ලියනගේ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පළමු පන්දුවාර කිහිපය තුළ තරගයේ වැඩි වාසිය සාන්ත පීතර විද්‍යාල දෙසට හරවා දුන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිද්දෙනි.
ප්‍රභාත් සහ ලසිත ශතක සබඳතාවක
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ
කෙසේ නමුත් තණතීරුවේ හැසිරීම සහ සාන්ත පීතර විද්‍යාල පන්දු යවන්නාගේ තරග සැලසුම හොඳින්ම අවබෝධ කරගත් දකුණත් පිතිකරුවන් යුගලයක් වන ජයකොඩි (නොදැවී ලකුණු 100) සහ සදීෂ ජයවර්ධන (නොදැවී ලකුණු 50) සාන්ත පීතර විද්‍යාල පන්දු යවන්නන්ට විඩාකාරී දිනයක් උදා කරමින් තරගයේ පළමු දිනය නිමා කරන ලදි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
S Botheju | b Ashen Daniel | 37 | 46 | 7 | 0 | 80.43 |
Rishika Santhush | b Johanne De Zilva | 9 | 9 | 2 | 0 | 100.00 |
Shannon Fernando | b Ashen Daniel | 9 | 36 | 1 | 0 | 25.00 |
Lahiru Chethaka | c Shalinda Senevirathne b Ashen Daniel | 64 | 95 | 2 | 2 | 67.37 |
Nipunaka Fonseka | run out (Dinal Anuradha) | 10 | 44 | 1 | 0 | 22.73 |
Kanishka Maduwantha | c Johanne De Zilva b Ashen Daniel | 10 | 35 | 1 | 0 | 28.57 |
Wanuja Sahan | run out (Ashen Daniel) | 48 | 72 | 4 | 0 | 66.67 |
V Liyanage | c Johanne De Zilva b Dunith Wellalage | 12 | 16 | 1 | 0 | 75.00 |
Ruwin Senevirathne | b Dunith Wellalage | 8 | 6 | 1 | 0 | 133.33 |
Danal Hemananda | run out (Shevaan Rassool) | 7 | 3 | 0 | 1 | 233.33 |
Trishen Herath | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 10 (b 2 , lb 0 , nb 2, w 6, pen 0) |
Total | 224/10 (60 Overs, RR: 3.73) |
Fall of Wickets | 1-23 (3.1) Rishika Santhush, 2-57 (13) S Botheju, 3-64 (16.5) Shannon Fernando, 4-95 (29.2) Nipunaka Fonseka, 5-114 (38.3) Kanishka Maduwantha, 6-194 (54.3) Lahiru Chethaka, 7-198 (57.1) Wanuja Sahan, 8-216 (59.1) V Liyanage, 9-224 (59.4) Danal Hemananda, 10-224 (60) Ruwin Senevirathne, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lakshan Gamage | 8 | 0 | 32 | 0 | 4.00 | |
Johanne De Zilva | 5 | 0 | 29 | 1 | 5.80 | |
Ashen Daniel | 25 | 6 | 70 | 4 | 2.80 | |
Shalinda Senevirathne | 7 | 2 | 20 | 0 | 2.86 | |
Miranga Wickramage | 7 | 0 | 32 | 0 | 4.57 | |
Dunith Wellalage | 8 | 0 | 39 | 2 | 4.88 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Johanne De Zilva | lbw b V Liyanage | 21 | 18 | 4 | 0 | 116.67 |
Sheran Fonseka | b Trishen Herath | 8 | 27 | 0 | 0 | 29.63 |
Shevon Daniel | c Kanishka Maduwantha b V Liyanage | 1 | 5 | 0 | 0 | 20.00 |
Dineth Jayakody | c V Liyanage b Trishen Herath | 122 | 130 | 13 | 3 | 93.85 |
Dunith Wellalage | c & b V Liyanage | 6 | 7 | 1 | 0 | 85.71 |
Sadeesh Jayawardana | c Nipunaka Fonseka b Trishen Herath | 70 | 103 | 5 | 1 | 67.96 |
Lakshan Gamage | c Kanishka Maduwantha b Danal Hemananda | 13 | 11 | 1 | 0 | 118.18 |
Miranga Wickramage | b V Liyanage | 1 | 3 | 0 | 0 | 33.33 |
Ashen Daniel | run out (V Liyanage) | 5 | 5 | 0 | 0 | 100.00 |
Dinal Anuradha | c Shannon Fernando b Danal Hemananda | 2 | 4 | 0 | 0 | 50.00 |
Shalinda Senevirathne | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 9 (b 0 , lb 2 , nb 5, w 2, pen 0) |
Total | 259/10 (51.3 Overs, RR: 5.03) |
Fall of Wickets | 1-31 (6.2) Johanne De Zilva, 2-33 (7.4) Sheran Fonseka, 3-33 (8.3) Shevon Daniel, 4-43 (10.3) Dunith Wellalage, 5-235 (47.3) Dineth Jayakody, 6-235 (47.5) Sadeesh Jayawardana, 7-242 (48.5) Miranga Wickramage, 8-253 (50.2) Ashen Daniel, 9-258 (51.1) Dinal Anuradha, 10-259 (51.3) Lakshan Gamage, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Trishen Herath | 12 | 0 | 57 | 3 | 4.75 | |
Danal Hemananda | 6.3 | 0 | 40 | 1 | 6.35 | |
V Liyanage | 13 | 1 | 56 | 4 | 4.31 | |
Kanishka Maduwantha | 9 | 0 | 44 | 0 | 4.89 | |
Ruwin Senevirathne | 6 | 0 | 34 | 0 | 5.67 | |
Wanuja Sahan | 5 | 0 | 24 | 0 | 4.80 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
S Botheju | c Shevon Daniel b Lakshan Gamage | 5 | 11 | 0 | 0 | 45.45 |
Rishika Santhush | c Lakshan Gamage b Shevon Daniel | 68 | 144 | 7 | 0 | 47.22 |
Shannon Fernando | c Lakshan Gamage b Ashen Daniel | 10 | 33 | 0 | 1 | 30.30 |
Lahiru Chethaka | c Dinal Anuradha b Dunith Wellalage | 10 | 25 | 1 | 0 | 40.00 |
Nipunaka Fonseka | b Dunith Wellalage | 47 | 110 | 5 | 0 | 42.73 |
Kanishka Maduwantha | c Shenuka De Silva b Dunith Wellalage | 22 | 31 | 3 | 0 | 70.97 |
Wanuja Sahan | c & b Dunith Wellalage | 2 | 4 | 0 | 0 | 50.00 |
Ruwin Senevirathne | not out | 53 | 104 | 4 | 1 | 50.96 |
V Liyanage | c M Thenura b Miranga Wickramage | 8 | 15 | 1 | 0 | 53.33 |
Danal Hemananda | not out | 50 | 54 | 4 | 2 | 92.59 |
Extras | 13 (b 4 , lb 1 , nb 5, w 3, pen 0) |
Total | 288/8 (87.4 Overs, RR: 3.29) |
Did not bat | Trishen Herath, |
Fall of Wickets | 1-7 (2.4) S Botheju, 2-32 (13.5) Shannon Fernando, 3-67 (24.2) Lahiru Chethaka, 4-133 (46.2) Rishika Santhush, 5-174 (58.1) Kanishka Maduwantha, 6-174 (58.4) Nipunaka Fonseka, 7-179 (60.1) Wanuja Sahan, 8-200 (67.1) V Liyanage, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lakshan Gamage | 6 | 0 | 22 | 1 | 3.67 | |
Johanne De Zilva | 7.4 | 0 | 36 | 0 | 4.86 | |
Ashen Daniel | 22 | 0 | 49 | 1 | 2.23 | |
Dunith Wellalage | 28 | 1 | 84 | 4 | 3.00 | |
Shalinda Senevirathne | 7 | 0 | 39 | 0 | 5.57 | |
Miranga Wickramage | 10 | 0 | 29 | 1 | 2.90 | |
Dineth Jayakody | 2 | 0 | 8 | 0 | 4.00 | |
Shevon Daniel | 5 | 0 | 15 | 1 | 3.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<