Master and Fitness Trainer සුදුසුකම සපුරා ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාව වීමේ වරම් දිනා ගන්නට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි සමත්ව ඇත.
ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අවසර
BDCrictime වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඇය මේ බව තහවුරු කර ඇති අතර,
“ඕස්ට්‍රේලියානු යෝග්‍යතා ආයතනය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර මට්ටමේ Master and Fitness Trainer කෙනෙක් වීම වෙනුවෙන් වසර කිහිපයක් තිස්සේ මම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. වසර 12ක කාලයක් තිස්සේ මම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තරය නියෝජනය කළා. මගේ වෘත්තීය දිවියේ තිබ්බ තවත් ප්‍රධාන සිහිනයක් තමයි මේක. බොහෝ අය මගෙන් ඇහුවා පසුගිය වසරේ දී ගොඩ දෙනෙක් ඇහුවා ඇයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිය දැක්කේ නැත්තේ කියලා. ඒකට හේතුව වුනේ මේක තමයි” යැයි 34 හැවිරිදි වීරක්කොඩි එහි දී වැඩිදුරටත් පැවසීය.
“දැන් මට ඕනෑම මට්ටමක ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන්න පුළුවන් සුදුසුකම් තියෙනවා. කවුරු හරි කණ්ඩායමක් මට ඒ වෙනුවෙන් ආරාධනා කළොත් මම ගොඩක් කැමැත්තෙන් ඒ ආරාධනය පිළිගන්නවා” යැයි ඇය අවසන් ලෙස පැවසීය.
වීරක්කොඩි මේ වන විට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 89ක් සහ විස්සයි විස්ස තරග 58ක් ක්‍රීඩා කරමින් ලකුණු 931ක් රැස් කිරීමට සමත්ව ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<