ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම පළමු ටෙස්ට් තරගයේ දී ආබාධවලට ලක්ව සිටියි. ඒ නිසාවෙන් එංගලන්ත සංචාරයට පෙර සූදානමක් ලෙස තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සූදානම් කොට තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු යොදා ඇති බව ThePapare.com වෙත වාර්තා වේ.
දකුණු අප්‍රිකානු තරගාවලිය ආරම්භ කරමින් දෙරට අතර Centurion හිදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 45ක දැවැන්ත පරාජයකට උරුමකම් කීමට ශ්‍රී ලංකාවට සිදු විය. එම තරගය අතරතුර දී ධනංජය ද සිල්වා, කසුන් රාජිත සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයින් ආබාධවලට ලක්වූ නිසාවෙන් තරගයේ අවසානය දක්වා ක්‍රීඩා කිරීමට ඔවුන්ට නොහැකි විය. අවසානයේ දී දිනේෂ් චන්දිමාල් ද ආබාධයකට ලක්විය.
තවත් ක්‍රිකට් පුවත්:
- du Plessis අලුත් කළ Club 199
- හිටපු ඉන්දීය නායකයාට අනතුරක්
- නායකත්වයේ පීඩනය ගැන දිමුත්, De Kock කතා කරයි
- එළඹෙන අප්‍රේල් මාසයේ දී බංගලියෝ ශ්‍රී ලංකාවට
- දකුණු අප්‍රිකාවේ lockdown නිසා තරගාවලියට බාධාවක් නැහැ!
කෙසේ නමුත් පළමු ටෙස්ට් තරගයේ දී දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වුනු චන්දිමාල්ගේ ඉන ප්‍රදේශය ආශ්‍රිතව මතුව තිබෙන ආබාධය නිසා ඔහුට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ද මඟ හැරීමට වැඩි ඉඩක් තිබේ. මේ ක්‍රීඩකයින්ට අමතරව ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල් සහ ඕෂද ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ආබාධවලට ලක්ව සිටින නමුත් ඔවුන්ගේ ආබාධ සුවවීම සඳහා ගත වන කාලය අනුව මේ ක්‍රීඩකයින් එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩා කරනවා ද, නැද්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් තීරණය කරනු ඇත.
එනමුත් එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතයක් සූදානම් කර ගැනීමේ අරමුණ වෙනුවෙන් තේරුණු ක්‍රීඩකයින් අතර රොෂේන් සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් (ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පසුව), නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් සිටියි. මීට අමතරව වමතින් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සහ කලන පෙරේරා ද අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් වීමට වැඩි ඉඩක් තිබෙන බව වාර්තා වේ.
දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ගිය ශ්‍රී ලංකා සංචිතයේ සිටින ආබාධවලට ලක්වූ ක්‍රීඩකයින් – ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස් (සංචිතයේ සිටි නමුත් දකුණු අප්‍රිකාවට සංචාරය කළේ නැත), ලහිරු කුමාර, කසුන් රාජිත, දිනේෂ් චන්දිමාල්, ඕෂද ප්‍රනාන්දු, සුරංග ලක්මාල්.
එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වන අතර එම තරග ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාලව පැවැත්වේ. තරගාවලිය සඳහා සහභාගී වීමට මෙරටට පැමිණීමට පෙර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ සෙසු නිලධාරීන් හට කොරෝනා වයිරස ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීමට පසුගිය දා පරීක්ෂණ සඳහා සහභාගී වූ අතර එම පරීක්ෂණ අනුව කිසිදු ක්‍රීඩකයෙකුට හෝ නිලධාරියෙකුට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය.
ඒ නිසාවෙන් ජෝ රූට්ගේ නායකත්වය යටතේ අද (3) දිනයේ දී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණෙන එංගලන්ත කණ්ඩායම ජනවාරි 26 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත අතර එම කාලය තුල ඔවුන් ජෛව ආරක්ෂිත වටපිටාවක් තුල රැඳී සිටීමට නියමිතය. එසේම ජනවාරි 5 වැනිදා සිට 9 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එංගලන්ත කණ්ඩායම සිය පුහුණු සැසිය දියත් කිරීමට දැනට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය: Joe Root (නායක), Moeen Ali, James Anderson, Jonathan Bairstow, Dom Bess, Stuart Broad, Jos Buttler, Zak Crawley, Sam Curran, Ben Foakes, Dan Lawrence, Jack Leach, Dom Sibley, Olly Stone, Chris Woakes, Mark Wood.
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස පසුගිය මාර්තු 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූයේ කොරෝනා වයිරසයේ බලපෑම ශ්‍රී ලංකාව තුලත් ව්‍යාප්තව ගිය නිසාවෙනි. ඒ වන විටත් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සිටි අතර ඔවුන් ක්‍රීඩා කරමින් සිටි පුහුණු තරගය ද අතර මඟ දමා නැවතත් සිය මව් රට බලා යාමට එංගලන්තය කටයුතු කළේය.
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021
- පළමු ටෙස්ට් තරගය – ජනවාරි 14-18 – ගාල්ලේ දී
- දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 22-26 – ගාල්ලේ දී
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<