ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය ලබයි

CAVA Men’s Volleyball Nations League 2024

98
CAVA Men’s Volleyball Nations League 2024

පාකිස්තානයේ පැවැත්වෙන 2024 මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවයේ පළමු ජයග්‍රහණය ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ (13) සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරලයි.  

ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය ලැබීමට සමත් වූ අතර සමස්ථ වටයේ ලකුණු සටහන දැක්වුණේ 25-19ක්, 25 -20ක් සහ 25-14ක් ලෙසයි.  

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඔවුන් කිරිකිස්ථානයට එරෙහිව තරග වැදි අතර එම තරගය තියුණු සටනකින් පසු තරග වට 3-2ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වුනා. 

එම පරාජයෙන් පසු ශ්‍රී ලංකාව සත්කාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසි නමුත් එම තරගයේ පාකිස්තාන කණ්ඩායම ඉදිරියේ පසුබෑමකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරග වට 3-0ක් ලෙස එම තරගය ද පරාජයකින් අවසන් කළා. 

ඒ අනුව ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පරාජ රැල්ලට තිත තැබීමට සමත් වූ අතර ඔවුන් සහභාගී වන මීලඟ තරගය අද හෙට (150 ඉරාන කණ්ඩායම සමඟින් පැවැත්වෙනවා.  

මෙම තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සූදානම්, රැඳී සිටින්න අප සමඟ. 

>>තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න<<