ඔලිම්පික් යන්න හදන ක්‍රීඩකයෝ අටක්

506
Sri Lankan weight lifters

එළඹෙන අගෝස්තුවේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අවස්තාවක් හිමි වීමේ තරගයක් ලෙස පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකාවේ ප්‍ර‍වීන, අත්දැකීම් බහුල ක්‍රීඩයන් වන සුදේෂ් පීරීස්, චින්තන විදානගේ ඇතුළු ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අද දින උස්බෙකිස්තානය බලා පිටත්විය.

මෙම තරගාවලිය හෙට(21) සිට 30වැනිදා දක්වා පැවැත්වීමට නිමිතය. මෙහිදි සුදේශ් පීරීස් කිලෝග්‍රෑම් 62 බර පංතියෙන් තරග වදින අතර ඔහුට ඔලිම්පික් පරිසාධන මට්ටමට පැමීනීමට කිලෝග්‍රෑම් 273ක බරක් ඉසිලිය යුතුය. සුදේශ් මේවන විට දක්වා ඇති උපරීම දක්ෂතාවය වන්නේද කිලෝග්‍රෑම් 273කි. තවද කිලෝග්‍රෑම් 77 බර පංතිය යටතේ තරග වදින චින්තන ගීතාල් හට කිලෝග්‍රෑම් 310ක පරිසාධන මට්ටම ඉක්මවන බරක් එසවිය යුතුයි. ඔහු මේවන විට දක්වා ඇති උපරීම දක්ෂතාවය කිලෝග්‍රෑම් 300කි.

තවද සහභාගීවන ක්‍රීඩකයන්ගෙන් කමල් එගොඩවත්ත හැර අනෙක් ක්‍රීඩකයන් සත් දෙනා නිමාවු දකුණු ආසියානු බර ඉසිලීමේ තරගාවලියේ පදක්කම් ලාභීන් වේ.

සහභාගී වන කණ්ඩායම:

  • ජේ. ඒ. චතුරංග ලක්මාල් (කි.ග්‍රෑ. 56)
  • කමල් එගොඩවත්ත (කි.ග්‍රෑ. 56)
  • සුදේෂ් පීරීස් (කි.ග්‍රෑ.62)
  • තිලංක පලගසිංහ (කි.ග්‍රෑ. 62)
  • ඉන්දික දිසානායක (කි.ග්‍රෑ.69)
  • චින්තන විදානගේ (කි.ග්‍රෑ. 77)
  • තුසිත අබේකෝන් (කි.ග්‍රෑ. 94)
  • ෂානක පීටර්ස් (කි.ග්‍රෑ. 105)
  • පී. කේ. එන්. දයාන් මහතා (පුහුණුකරු)
  • පී. ඒ. ආර්. බණ්ඩාර මහතා (කළමනාකරු)