ශ්‍රී ලංකා යෞවනයන් දීර්ඝ තරගාවලියක් සඳහා එංගලන්තයට

Sri Lanka u19 Tour of England

101

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුනි සහ ජුලි මාසවල දී ක්‍රිකට් තරගාවලියක් සඳහා එංගලන්තයට පිටත්ව යාමට නියමිතයි.

මෙහි දී ඔවුන් විසින් එක් පුහුණු තරගයක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග ද්විත්වයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා යෞවනයින්ට විදෙස් තණතීරූ මත ඉහළ මට්ටමේ අත්දැකීමක් ලබා ගැනීම සඳහා සහය වනු ඇති බව විශ්වාස කළ හැකි.

තරග කාලසටහන

තරගය ක්‍රීඩාංගණය

ජුනි 25 පුහුණු එක්දින තරගය Loughborough University

ජුනි 28 පළමු එක්දින තරගය Cloud County Grounds –
Chelmsford

ජුලි 1 දෙවන එක්දින තරගය 1 st Century County Ground ,
Hove

ජුලි 3 තෙවන එක්දින තරගය 1 st Century County Ground
Hove

ජුලි 8 සිට 11 දක්වා පළමු ටෙස්ට් තරගය Wormsley

ජුලි 16 සිට 19 දක්වා දෙවන ටෙස්ට් තරගය Cheltenham

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<