ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ලෝක විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන හතරක් පෙරමුණට පැමිණෙමින් දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා.
වනිඳු ලකුණු 696ක් සමඟ දෙවැනි තැන රැඳෙනා අතරේ, මහීෂ් තීක්ෂණ එම ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් පහතට යමින් සිව්වැනි ස්ථානයට පත් වී තිබෙනවා.
මේ අතර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි ද එක් ස්ථානයක් පෙරමුණට පැමිණෙමින් වනිඳු 05 වැනි ස්ථානයට පත් වීමට සමත් වීම විශේෂත්වයක්.
එමෙන්ම විස්සයි විස්ස පිතිකරුවන් අතර තවදුරටත් අට වැනි ස්ථානය රැක ගැනීමට පැතුම් නිස්සංකට හැකි වී තිබෙනවා. එමෙන්ම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හිද සිය හත් වැනි ස්ථානයේ එලෙස ම රැඳී සිටීමට පැතුම් සමත් වී ඇති අතර, චරිත් අසලංක එක් ස්ථානයක් පෙරමුණට පැමිණෙමින් 09 වැනි ස්ථානය හිමි කර ගැනීම විශේෂත්වයක්.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
එක්දින පන්දු යවන්නන් අතර ශ්‍රී ලාංකිකයකු ලබා ඇති ඉහළම ස්ථානය ලෙස මහීෂ් තීක්ෂණ 12 වැනි ස්ථානයේ රැඳෙනවා.
මේ අතර ටෙස්ට් පන්දු යවන්නන් අතර 06 වැනි ස්ථානයේ රැඳුණු ප්‍රභාත් ජයසූරිය එක් ස්ථානයක් පහතට වැටීමත් විශේෂත්වයක්.
ටෙස්ට් පිතිකරුවන් අතරේ ද මීට පෙර 09 වැනි ස්ථානයේ රැඳී සිටි කමිඳු මෙන්ඩිස් 11 වැනි ස්ථානය දක්වා පහතට ඇද වැටී තිබෙනවා. කෙසේ වෙතත් හොඳම ටෙස්ට් පිතිකරුවන් 25 දෙනා අතර කමිඳුට අමතරව තවත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙක් (දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස්) රැඳී සිටීම ඉතාමත් විශේෂ කාරණයක්.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<