ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය

172

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය මෙම මස 29 වැනිදා සිට ඔක්තෝබර් මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එයට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා අද (20) අනුමැතිය ලබා දී තිබේ. 

අකිල දනංජයට අපල කාලයක්!

ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නෙකු වන අකිල දනංජය හට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ICCය…

1997 දී පළමු වතාවට කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට වරම් දිනා ගත් ශ්‍රී ලංකා කාන්තාවන් 2009 වසරේ පැවති කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව වෙත සංචාරය කළේය. ඉන්පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි. 

මෙවර ජාතික කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියා සංචාරයේ දී විස්සයි විස්ස තරග 3ක් සහ 2017/20 ICC එක්දින ලෝක ශූරතා තරගාවලියේ එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිත දෙකක් නම් කර ඇත. එම කණ්ඩායම් දෙකේ එකම වෙනස්කම වන්නේ නායකත්වය පමණි. 

එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් දෙකේ නායකත්වය අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන ශෂිකලා සිරිවර්ධන හා චමරි අතපත්තු වෙත ලබා දී ඇත. ‍

“අපේ කණ්ඩායමට මේ ලැබිලා තිබෙන අවස්ථාව මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ලැබෙන හොඳ පෙර සූදානමක්. 2009 අපේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ගියා නමුත්, ඒ ලෝක කුසලානයක් වෙනුවෙන්. අපි ඒ අවස්ථාවේ දී ඕස්ට්‍රේලියාව එක්ක සෙල්ලම් කළේ නැහැ. අපි පළමු වතාවට තමයි ඕස්ට්‍රේලියාව එක්ක ඕස්ට්‍රේලියාවේ දී තරගාවලියක් ක්‍රීඩා කරන්න යන්නේ. හොඳ තරගාවලියක් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායිකා සිරිවර්ධන පැවසීය.

“අපිට හොඳ තරුණ හා අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් ඉන්නවා. ඕස්ට්‍රේලියාව කියන්නේ කාන්තා ක්‍රිකට්වල ඉදිරියෙන්ම ඉන්න රටක්. නමුත් 20-20 කියන්නේ ඉක්මනින්ම වෙනස් වෙන තරග රටාවක් නිසා අවසන් පන්දුවාරය වෙනකන් කවුද දිනන්නේ කියලා හරියටම කියන්න බැහැ.” යැයි විස්සයි විස්ස කණ්ඩායමේ නායිකා අතපත්තු පවසන ලදි. 

සිම්බාබ්වේ ඉවත දමා බංග්ලාදේශය අවසන් සටනට

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (18) බංග්ලාදේශය….

මෙම වසරේ අප්‍රේල් මාසයේ දී පැවති එංගලන්ත තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අවසන් වරට ක්‍රීඩා කළ තරගාවලිය වන අතර එහි එක්දින හා විස්සයි විස්ස තරග සියල්ලම සංචාරක ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 

එම තරගාවලියේ ක්‍රීඩා කළ උමේශා තිමාශිනි, කවීෂා දිල්හාරි හා ඉමල්කා මෙන්ඩිස් යන ක්‍රීඩිකාවන්ට මෙවර සංචිතයේ අවස්ථාවක් හිමිව නැත. ඒ වෙනුවට යශෝධා මෙන්ඩිස්, අමා කාංචනා, ඩිලානි මනෝදරා හා අනුෂ්කා සංජීවනී වැනි ක්‍රීඩිකාවන් නැවතත් සංචිතයට කැඳවා ඇත. 

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර 2000 වසරේ සිට මේ දක්වා එක්දින තරග 8ක් හා විස්සයි විස්ස තරග 2ක් පවත්වා තිබේ. ඒ එකඳු තරගයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී නොමැත.

2020 වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන මේ අවස්ථාව ඉතාමත් වැදගත් වේ. 

අත්දැකීම් බහුල පුහුණුකරුවෙක් වන හර්ෂ ද සිල්වා මහතාගේ පුහුණුකාරීත්වය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. 

Photos: Pre-Departure Media Briefing of Sri Lanka Women’s National Team Tour to Australia

ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් සංචිතය: ශෂිකලා සිරිවර්ධන (නායිකා), චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම, අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, යශෝධ මෙන්ඩිස්, නිලක්ෂි ද සිල්වා, ඩිලානි මනෝදරා, ඕෂදී රණසිංහ, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, අමා කාංචනා

අතිරේක ක්‍රීඩිකාවන් – හසිනි පෙරේරා, ප්‍රසාධිනි වීරක්කොඩි, සත්‍යා සංදීපනී, සචිනි නිසංසලා, මදුෂිකා මෙත්තානන්ද, හංසිමා කරුණාරත්න, මදුෂිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනි, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි.

ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් සංචිතය: චමරි අතපත්තු (නායිකා), ශෂිකලා සිරිවර්ධන, හර්ෂිතා සමරවික්‍රම, අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, යශෝධ මෙන්ඩිස්, නිලක්ෂි ද සිල්වා, ඩිලානි මනෝදරා, ඕෂදී රණසිංහ, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, අමා කාංචනා.

අතිරේක ක්‍රීඩිකාවන් – හසිනි පෙරේරා, ප්‍රසාධිනි වීරක්කොඩි, සත්‍යා සංදීපනී, සචිනි නිසංසලා, මදුෂිකා මෙත්තානන්ද

තරග කාලසටහන,

  • සැප්තැම්බර් 29 – පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය – සිඩ්නි (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට) 
  • සැප්තැම්බර් 30 – දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය (දිවා/රාත්‍රි) – සිඩ්නි (ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30ට) 
  • ඔක්තෝබර් 2 – තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය – සිඩ්නි (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට)
  • ඔක්තෝබර් 5 – පළමු එක්දින ක්‍රිකට් තරගය (ICC එක්දින ක්‍රිකට් ශූරතාවය) –  බ්‍රිස්බේන් – (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30ට)
  • ඔක්තෝබර් 7 – දෙවන එක්දින ක්‍රිකට් තරගය (ICC එක්දින ක්‍රිකට් ශූරතාවය) – (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30ට)
  • ඔක්තෝබර් 9 – තෙවන එක්දින ක්‍රිකට් තරගය (ICC එක්දින ක්‍රිකට් ශූරතාවය) – (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30ට)

මේ තරගාවලියේ සියලුම තරග වාර්තා, නවතම පුවත් සහ ලකුණු සටහන් ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<