සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන ICC කාන්තා එක්දින ක්‍රිකට් ශූරතාවයේ තරග 3න් දෙකක් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
ඒත් සමඟම ඔවුන් දැනට ක්‍රීඩා කර තිබෙන තරග 17න් තරග 16ක් ජයගෙන පෙරමුණේ පසුවන නිසාවෙන් ඔවුන්ව අභිබවා යන්නට වෙනත් කිසිම කණ්ඩායමකට නොහැකිය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියානුවන් යම් මට්ටමකට මෙල්ල කරයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා ……..
ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 110ක දැවැන්ත ජයක් හිමි වූ මෙම තරගය බ්‍රිස්බේන් හිදී පැවැත්වුණු අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායිකා මැග් ලැනින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු හමුවේ එලයිසා හීලි හා රේචල් හේන්ස් ලකුණු 116ක සාර්ථක හා දැවැන්ත සබඳතාවයක් ගොඩනංවන ලදි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 69ක් හා ලකුණු 118ක් වාර්තා කරගත්තේය.
ශෂිකලා සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය හීලි 4 පහර 10ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 69ක් ලබා ගන්නා ලදි. පන්දු 62ක් තුල ඇය එම ලකුණු 69 වාර්තා කර ගත් අතර එය ඇයගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 10 වැනි අර්ධ ශතකය විය. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 20 අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 124ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය.
පළමු කඩුල්ලේ සබඳතාවයෙන් නොනැවතුණු හේන්ස් ඇතුළු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙවන කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 10ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ව දැඩි අසීරුතාවයකට පත් කළ අතර නායකත්වයේ පිතිකරණයක නිරත වූ ලැනින් ලකුණු 45ක් ලබා ගෙන සිටිය දී දැවී ගියේ අචිනි කුලසූරිය එවූ පන්දුවකටයි.
ඉනිමේ පන්දුවාර 44කුත් පන්දු 4ක් අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩනැංවීමට සහය වූ හේන්ස් 4 පහර 8ක් එල්ල කරමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් මංගල ශතකය වාර්තා කර ගැනීමට සමත් වූ අතර ඒ සඳහා ඇයට ඉනිමේ පන්දු 132ක් වැය වෙන ලදි.
නිපුන් ඇතුළු සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ සහිරාවරුන්ව හඬවති
දකුණතින් මද වේගපන්දු යවන ක්‍රීඩිකාවක් වන කුලසූරිය ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියානු මැදපෙළ හා පසුපෙළ ඉතාමත් හොඳින් පාලනය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියානු ඉනිම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 282/8කට සීමා කිරීමට අවස්ථාව ලැබුණි.
ඕස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 282ට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් යුගලය වූ චමරි අතපත්තු හා අනුෂ්කා සංජීවනී යන දෙදෙනාම ක්‍රීඩාගරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට මද වේලාවක් ක්‍රීඩා කිරීමට සිදු විය.
වෙනදා පැවැත්වෙන තරගවල ක්‍රීඩා කරන ආකාරයට සාපේක්ෂව ආක්‍රමණශීලී පිතිකරණ රටාවක නිරත වූ ශ්‍රී ලංකා මුල්පෙළ හා මැදපෙළ පිතිකාරිණියන් ශ්‍රී ලංකා ලකුණු සටහන යම් ගෞරවාන්විත මට්ටමකට රැගෙන එන ලදි. අනුෂ්කා සංජීවනී ලකුණු 36යි.
තරගාවලිය පුරාවටම යම් ප්‍රගතියක් පෙන්නුම් කළ හර්ශිතා සමරවික්‍රම මේ තරගයේ දී ලකුණු 39ක් වාර්තා කරගත් අතර ඇයට සහය වූ ශ්‍රී ලංකා නායිකා සිරිවර්ධන ලකුණු 22ක් ලබා ගන්නා ලදි.
ශිරාස්ගෙන් කඩුලු පහෙන් ශ්‍රී ලංකාවේ ජාමය බේරෙයි
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ……..
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ සමරවික්‍රම 4 පහර 4 ක් සමඟින් එම ලකුණු 39 ලබාගෙන සිටිය දී ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියාය. ඉන්පසුව නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගයට අවතීර්ණ වීමට අවස්ථාව නොලැබුණේ ජෙස් ජොන්සන් ඇතුළු ක්‍රීඩිකාවන් දක්ෂ ලෙස පන්දු යැවූ නිසයි.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉරිතිව තිබිය දී ම 2-0ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
තරගයේ වීරවරිය – රේචල් හේන්ස්
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Alyssa Healy | c Ama Kanchana b Shashikala Siriwardene | 69 | 62 | 10 | 1 | 111.29 |
Rachael Haynes | c Achini Kulasuriya b Sugandika Kumari | 118 | 132 | 8 | 0 | 89.39 |
Meg Lanning | c Anushka Sanjeewani b Achini Kulasuriya | 45 | 62 | 3 | 0 | 72.58 |
Ellyse Perry | c Nilakshi de Silva b Shashikala Siriwardene | 5 | 10 | 0 | 0 | 50.00 |
Ashleigh Gardner | c Dilani Manodara b Sugandika Kumari | 8 | 4 | 0 | 1 | 200.00 |
Beth Mooney | b Achini Kulasuriya | 18 | 16 | 2 | 0 | 112.50 |
Nicola Carey | c & b Achini Kulasuriya | 5 | 7 | 0 | 0 | 71.43 |
Heather Graham | not out | 4 | 5 | 0 | 0 | 80.00 |
Jess Jonassen | run out (Anushka Sanjeewani) | 2 | 2 | 0 | 0 | 100.00 |
Extras | 8 (b 0 , lb 0 , nb 0, w 8, pen 0) |
Total | 282/8 (50 Overs, RR: 5.64) |
Fall of Wickets | 1-116 (19.3) Alyssa Healy, 2-219 (39.5) Meg Lanning, 3-235 (43.1) Ellyse Perry, 4-246 (44.4) Rachael Haynes, 5-252 (44.6) Ashleigh Gardner, 6-266 (47.1) Nicola Carey, 7-280 (49.4) Beth Mooney, 8-282 (49.6) Jess Jonassen, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Udeshika Prabodhani | 8 | 0 | 41 | 0 | 5.12 | |
Achini Kulasuriya | 10 | 1 | 50 | 3 | 5.00 | |
Sugandika Kumari | 10 | 0 | 66 | 2 | 6.60 | |
Inoka Ranaweera | 10 | 0 | 69 | 0 | 6.90 | |
Chamari Athapaththu | 2 | 0 | 15 | 0 | 7.50 | |
Shashikala Siriwardene | 10 | 0 | 41 | 2 | 4.10 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamari Athapaththu | c Heather Graham b Jess Jonassen | 14 | 23 | 3 | 0 | 60.87 |
Anushka Sanjeewani | b Nicola Carey | 36 | 69 | 1 | 0 | 52.17 |
Harshitha Madavi | c Alyssa Healy b Tayla Vlaeminck | 39 | 61 | 4 | 0 | 63.93 |
Dilani Manodara | b Jess Jonassen | 7 | 10 | 1 | 0 | 70.00 |
Shashikala Siriwardene | b Georgia Wareham | 22 | 37 | 3 | 0 | 59.46 |
Nilakshi de Silva | c Ellyse Perry b Jess Jonassen | 25 | 42 | 2 | 0 | 59.52 |
Ama Kanchana | c Heather Graham b Georgia Wareham | 1 | 12 | 0 | 0 | 8.33 |
Sugandika Kumari | lbw b Jess Jonassen | 4 | 11 | 1 | 0 | 36.36 |
Udeshika Prabodhani | not out | 5 | 16 | 0 | 0 | 31.25 |
Achini Kulasuriya | c Alyssa Healy b Heather Graham | 1 | 5 | 0 | 0 | 20.00 |
Inoka Ranaweera | not out | 1 | 14 | 0 | 0 | 7.14 |
Extras | 17 (b 1 , lb 3 , nb 0, w 13, pen 0) |
Total | 172/9 (50 Overs, RR: 3.44) |
Fall of Wickets | 1-25 (7.3) Chamari Athapaththu, 2-95 (22.4) Anushka Sanjeewani, 3-110 (26.5) Dilani Manodara, 4-120 (29.3) Harshitha Madavi, 5-137 (35.4) Shashikala Siriwardene, 6-151 (39.6) Ama Kanchana, 7-164 (43.5) Sugandika Kumari, 8-165 (45.1) Nilakshi de Silva, 9-167 (46.3) Achini Kulasuriya, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ellyse Perry | 5 | 2 | 7 | 0 | 1.40 | |
Tayla Vlaeminck | 6 | 0 | 30 | 1 | 5.00 | |
Jess Jonassen | 10 | 1 | 31 | 4 | 3.10 | |
Ashleigh Gardner | 2 | 0 | 12 | 0 | 6.00 | |
Heather Graham | 8 | 0 | 29 | 1 | 3.62 | |
Nicola Carey | 9 | 0 | 30 | 1 | 3.33 | |
Georgia Wareham | 10 | 1 | 29 | 2 | 2.90 |
දෙරට අතර පැවැත්වෙන මීළඟ එක්දින ක්‍රිකට් තරගය අනිද්දා (9) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට බ්‍රිස්බේන් හිදී පැවැත්වීමට නියමිතයි.
මේ තරගාවලියේ සියලුම තරග වාර්තා, නවතම පුවත් සහ ලකුණු සටහන් ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<