කොදෙව් තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා T20 සංචිතය නම් කෙරේ

West Indies Women's Tour of Sri Lanka 2024

103
Sri lanka women's t20 squad named for west indies

හෙට දිනයෙන් (24) ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර විස්සයි විස්ස ‍ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තු හට හිමි වී ඇති අතර, පිතිකාරිණියන් ලෙස විශ්මි ගුණරත්න, හර්ශිතා සමරවික්‍රම, හසිනි පෙරේරා වැනි ක්‍රීඩිකාවන් සංචිතයට ඇතුළත් වී තිබෙනවා. 

මේ අතර පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමට කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා ප්‍රමුඛ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ම නම් කර තිබෙනවා. 

කෙසේ වෙතත් අත්දැකීම් බහුල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වන උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, අනුශ්කා සංජීවනී සහ හන්සිමා කරුණාරත්න යන ක්‍රීඩිකාවන් මෙම සංචිතයෙත් ඉවතට විසි වීම විශේෂත්වයක්. 

ශ්‍රී ලංකා සංචිතය; 

චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ශිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ශි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඕෂධී රණසිංහ, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, අමා කාන්චනා, රෂ්මිකා සෙව්වන්දි, ඉමේශා දුලනි, ශෂිනි ගිම්හානි,   කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා සහ කෞශිනී නුත්‍යාංගනා  

දෙරට අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට පැවැත්වීමට නියමිත අතර, ඉතිරි තරග ද්විත්වය 26 සහ 28 යන දින වල දී පැවැත්වෙනු ඇති. මෙම තරග සියල්ල හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<