කොදෙව් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය නම් කෙරේ

West Indies Women's Tour of Sri Lanka 2024

57
Sri lanka women's squad named

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තු හට හිමි වී ඇති අතර, ඇයගේ සහයට විශ්මි ගුණරත්න, හර්ශිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීශා දිල්හාරි ඇතුළු පිතිකාරිණියන් කණ්ඩායමට නම් කර තිබෙනවා. 

එමෙන්ම ඉනෝකා රණවීර, කාව්‍යා කාවින්දි, අචිනි කුලසූරිය වැනි පන්දු යවන්නියන්ගෙන් ද සංචිතය පරිපූර්ණ වී තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචිතය: 

චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ශිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ශි ද සිල්වා, කවීශා දිල්හාරි, හන්සිමා කරුණාරත්න, අනුශ්කා සංජීවනී, ඕෂදී රණසිංහ, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, ඉනෝශි ප්‍රනාන්දු, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, කාව්‍යා කාවින්දි 

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන මාර්තු 15 – 21 දක්වා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි. 

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<