මෙම වසරේ අග බාගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතයි.
ටෙස්ට් ලෝක ශූරතාවලියට අදාළ ව පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය Durban හිදි නොවැම්බර් මස 27 වැනි දා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය දෙසැම්බර් මස 05 වැනි දා Gqeberha හිදි ආරම්භ වීමට නියමිතයි.
- ගාල්ල සහ මහනුවර ගැටෙන NSL අවසන් තරගය
- ලෝක කුසලානයට යන නවසීලන්ත සංචිතය නම් කරයි
- 2024 LPL තරගාවලියට විදෙස් ක්රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
- ශ්‍රී ලංකා ක්රීඩිකාවෝ 2 වැනි ජයත් වාර්තා කරයි
- චමරි ලොව අංක එකට පැමිණෙයි!
මීට අමතරව ශ්‍රී ලංකා A කණ්ඩායම ද එක්දින තරග තුනකට සහ සිව් දින තරග ද්විත්වයක් සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිත අතර, මෙහි දී පැවැත්වීමට නියමිත එක්දින තරග ත්‍රිත්වය අගෝස්තු 31, සැප්තැම්බර් මස 02 සහ 04 යන දිනවල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම පළමු සිව් දින තරගය සැප්තැම්බර් 8 සහ දෙවැනි සිව් දින තරගය සැප්තැම්බර් 15 යන දිනවල දී ආරම්භ වනු ඇති.
මෙම තරගාවලි ද්විත්වය පිළිබඳව ම සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<