2027 AFC ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ තායිලන්තය සමඟ පැවැත්වුණු තරගයෙන් ගෝල 1-0ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට ඊයේ (25) සිදු වුනා.
තායිලන්තයේ Rajamangala ක්‍රීඩාංගණයේ දී ඊයේ රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ ආරම්භයේ පටන් ම තායි ක්‍රීඩකයින් පෙරමුණේ රැඳෙමින් ශ්‍රී ලංකා ගෝල සීමාව ආක්‍රමණය කිරීම සිදු කළා.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස තරගයේ 43 වැනි මිනිත්තුවේ දී තායිලන්ත ක්‍රීඩක Patrik Gustavsson විසින් තරගයේ වාර්තා වූ පළමු සහ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය ඒ අයුරින් නිමාවට පත් වුනා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
තරගයේ දෙවැනි අර්ධය තුළ තායිලන්ත ක්‍රීඩකයින් නැවතත් ශ්‍රී ලංකා ගෝල සීමාව තරණය කිරීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වුනා. කෙසේ වෙතත් තායිලන්ත පසු පෙළ විසින් ශ්‍රී ලංකා ඉදිරි පෙළ ක්‍රීඩකයින්ගේ ගෝල උත්සාහයන් ව්‍යර්ථ කිරීමට ද සමත් වෙමින් තරගයේ වාසිය තමන් සතු කරගත්තා.
මෙහි දී ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා විසින් ශ්‍රී ලංකා දැල් රකින්නා ලෙස තායිලන්ත ගෝල උත්සාහයන් කිහිපයක් ම නතර කිරීමට සමත් වීමත් අගය කළ යුතුයි.
වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 97 වැනි ස්ථානයේ රැඳෙන තායිලන්තය සමඟ තරග වැදුණු ශ්‍රේණිගත කිරීම් හි 200 වැනි ස්ථානයේ රැඳෙන ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තරගයෙන්, ශ්‍රී ලංකාව මෙවන් ප්‍රතිඵලයක් ලැබීමට ලබා දුන් සටන විශේෂයෙන්ම අගය කළ යුතුයි.
දේශීය පාපන්දු පිටියේ තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>