ඉතිහාසයේ අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී යමින් නොසිතූ ව්‍යසනයකට මුහුණ දීමට සිදු වූ දකුණු අප්‍රිකානුවන්ට අද (14) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ දෙරට අතර පැවති පළමු සහ එකම විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක පරාජයකට මුහුණ දීමට සිදු වුනා.
අකිලගේ මැජික් පන්දු යැවීම දකුණු අප්‍රිකානුවෝ අසරණ කරයි
අකිල දනංජයගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ දෙරට අතර අද (12) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා…..
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 98ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරා ගිය ගමනේ දී කඩුලු 7ක් අහිමි කර ගත්තා. එහෙත් ඔවුන් පන්දු 24ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිම ලකුණු 98ක් වෙද්දී විනාශ කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත් වුනා. මෙහි දී වැඩි කාර්යභාරයක් කිරීමට සමත් වුණේ ලක්ෂාන් සඳකැන් ය. ඔහු තමන්ගේ පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමිනි. එම පන්දු යැවීමේ දී ඉනිමේ වාර්තා වූ එකම නොයිඳුල් පන්දු වාරය යැවීමට ද ලක්ෂාන් සමත් වුනා.
ඊට අමතරව දඟපන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක් වූ ධනංජය ද සිල්වා සහ අකිල දනංජය කඩුලු දෙක බැගින් දවා ගත්තා. වේගපන්දු යවන්නන් වූ කසුන් රාජිත හා ඉසුරු උදානට හිමි වූයේ කඩුල්ල බැගින්.
මීට ප්‍රථම දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිමක අඩුම ලකුණු සංඛ්‍යාව වී තිබුණේ පාකිස්තානයට එරෙහි ව සෙන්චුරියා හි දී 2013 වසරේ දී ලබා සිටි ලකුණු 100යි. ඒ ෆෆ් ඩු ප්ලෙසිස්ගේ නායකත්වය යටතේ ය. එදා ඉනිම පන්දු වාර 12.2කට සීමා වූව ද අද ඔවුන් පන්දුවාර 16.4කට මුහුණ දීමට වාසනාවන්ත වුනා.
ඉතා පහසු ඉලක්කයක් පසු පස යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු ද්විත්වය පළමු පන්දුවාරයේ දී ම නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවීමට කාගිසෝ රබාඩා සමත් වුනා. ලොකු කුසල් සමඟින් පොඩි කුසල් සමඟින් ඉනිම ආරම්භ කළ ද ඔවුන් දෙදෙනා කඩුලු හැර යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 6ක් ලෙසින්.
මැතිව්ස් එක වී ශ්‍රී ලංකාව දෙක වූ එක්දින තරගාවලිය
තරගාවලියක නිමාව ගණිත විජ්ජාවකි. ඉලක්කම් මත යැපෙන තරගයක වාර්තාවන් ලියැවෙන්නේ ද ඉලක්කම් ඉහළ පහළ යන ආකාරය අනුව ය. ඒ අනුව….
කුසල් පෙරේරා ලකුණු 3කට ද කුසල් මෙන්ඩිස් ලකුණකට ද රබාඩාට කඩුලු පුද කළ පසු තෙවැනි කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා එක්වූ අතර ඔවුන් දෙදෙනා ද ආරම්භයේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවූයේ මන්දගාමීව. එසේ යන ගමනේ දී ධනංජය ද සිල්වා, නිගිඩි යැවූ ඉනිමේ හතර වැනි පන්දුවාරයේ දී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා.
ඔවුන් දෙදෙනා අතර අවබෝධාත්මක කඩුලු සබඳතාවක් ශ්‍රී ලංකා ඉනිමට එක් වෙද්දී ඩලා විසින් යැවුණ ඉනිමේ 8 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී හයේ පහරක් එල්ල කළ පසු මුහුණ දුන් දෙවැනි පන්දුවේ දී ධනංජය තම ඉනිම නිමා කර ගත්තා. ඒ වෙද්දී ඔහු පන්දු 26කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා. දෙදෙනා අතර වූ කඩුලු සබඳතාව ලකුණු 53ක් වූ අතර ධනංජය තුන් ඉරියව්වෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා.
ඔහුගේ දැවී යෑමත් සමඟින් යැවුණ 5 වැනි පන්දුවේ දී නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම ද නිමා වූවා. මැතිව්ස් පන්දු 3කට පමණක් මුහුණ දුන් අතර ඔහුට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වුනා. අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක තමන් මුහුණ දුන් 9 වැනි පන්දුවේ සිට පිට පිට හතරේ පහර ත්‍රිත්වයක් එල්ල කරමින් තරගයට අවතීර්ණ වුනා.
නමුත් ඔහු ඊළඟ පන්දුවාරයේ දී 5 වැනි කඩුල්ල ලෙසින් කඩුල්ල හැර ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 16කට මුහුණ දී එල්ල කළ හතරේ පහර ත්‍රිත්වයත් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා. මෑත කාලයේ වඩාත් දක්ෂතා අතරට පිවිසි තිසර පෙරේරා අද තරගයේ දී පන්දු දෙකක් පමණක් මුහුණ දී සිටිය දී දැවී ගියා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ 83ක් ලෙසින්.
ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 88ක් වෙද්දී දවා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වුනා. එය සංචාරක ක්‍රීඩකයන්ගේ සිත් අමන්දානන්දයට පත් කරන්නක් වූවා. එහෙත් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් සිටි දිනේෂ් චන්දිමාල් ඔවුන්ගේ ප්‍රමුඛ සතුරා වුනා. චන්දිමාල් තරගය සියතට ගනිමින් ජයග්‍රහණය කරා ගිය ගමනේ දී පන්දු 33කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 36ක් ලබා ගත්තා. තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කළ ඉසුරු උදාන නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.
කඩුලු ලබා ගැනීමේ දී කාගිසෝ රබාඩා, තබ්‍රයිස් ශම්සි සහ ජුනියර් ඩලා කඩුලු දෙක බැගින් ලබා ගත්තා.
කාසියේ වාසිය දිනා එහි වාසිය ගැනීමට පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද දකුණු අප්‍රිකානු නායකයාට තමන් සිතූ තරගයක් ලබා දීමට තරම් දක්ෂතා දැක්වීමට හැකි වූයේ නැත. ඔවුන්ගේ පළමු කඩුල්ල දෙවැනි පන්දුවාරයේ දී ම නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවීමට ධනංජය ද සිල්වා සමත් වූයේ දසුන් ශානක උඩ පන්දුවක් ලබා ගැනීමත් සමඟින්. එම ආරම්භයත් සමඟින් ඉනිමේ පළමු කඩුලු 8 ම නැවත ක්‍රීඩාගාරයට යැවීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ සමත් වුනා.
ඉනිමේ සාර්ථකම පිතිකරු වූ ක්වින්ටන් ඩි කොක් දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා. ඩි කොක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 20ක්. ඔහුගේ ඉනිම පන්දු 11කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 4ක් ඇතුලත් වුනා.
ඉනිමේ පවර් ප්ලේ පන්දුවාර 6 තුළ සංචාරක ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ කඩුලු ලකුණු 48ක් පමණයි. ඒ වන විට කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා. ඊළඟ පන්දු වාරයේ වට වැස්ස හේතුවෙන් තරගය මද වේලාවක් පවා වූ අතර ඒ වෙද්දී ලකුණු පුවරුව කියවුණේ කඩුලු 7කට ලකුණු 54ක් ලෙසයි.
සධීර හා ඩැනියල්ගෙන් සුපිරි සබඳතාවයක්
ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින් හා එක්දින ක්‍රිකට් තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගය අද…..
වර්ෂාවෙන් මද හානියක් පමණක් වූ දකුණු අප්‍රිකා ඉනිමේ අනෙක් සාර්ථක පිතිකරුවා වූයේ රීසා හෙන්ඩ්‍රික්ස් ය. ඔහු පන්දු 16කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා. ඩේව්ඩ් මිලර් අද ලබා ගත්තේ ලකුණු 14ක් පමණයි.
අනෙකුත් පිතිකරුවන් අතුරින් ඉනිම නිමා වන විට ජුනියිර් ඩලා නොදැවී ලකුණු 12ක් ලබා සිටියා. සෙසු පිතිකරුවන් අතුරින් කිසිදු ලකුණක් නොලබා පිතිකරුවන් සිව්දෙනෙක් දැවී ගිය අතර අනෙක් දෙදෙනා ලකුණු 5කට අඩුවෙන් තැබීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා.
දකුණු අප්‍රිකාව: සියලුම දෙනා දැවී 98 (16.4) ක්වින්ටන් ඩි කොක් 20, රීසා හෙන්ඩ්‍රික්ස් 19, ඩේවිඩ් මිලර් 18, ධනංජය ද සිල්වා 2/22, අකිල දනංජය 2/15, ලක්ෂාන් සඳකැන් 3/19
ශ්‍රී ලංකාව: කඩුලු 7ක් දැවී 99 (16.0) දිනේෂ් චන්දිමාල් නොදැවී 36, ධනංජය ද සිල්වා 31, කාගිසෝ රබාඩා 2/24, තබ්‍රයිස් ශම්සි 2/26, ජුනියර් ඩලා 2/22
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















