සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 45කින් ජයග්‍රහණය ලබා ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වූහ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරගයක් වන මෙම තරගය නිමාවත් සමඟින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට ලකුණු 60ක් හිමිවෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ලකුණක් හිමි නොවේ. කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තරගයකට මුහුණ දුන්නේ මාස 11කට පසුව ය. ඔවුන් අවසන් වරට ක්‍රීඩා කළේ මේ වසර ආරම්භයේ පැවති සිම්බාබ්වේ සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගයට ය.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවි ලකුණු 396ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 621ක් ලබා ගත්හ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසියේ ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 225ක අවශ්‍යතාවක් සමඟිනි. නමුත් ඔවුන්ට තවත් දිනයක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබිය දී ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවි ලකුණු 180ක් පමණි.
තරගයේ සිව්වැනි දිනය ආරම්භ වෙන්නේ සංචාරක ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 65ක් ව තිබිය දී ය. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ඔවුන්ට තවත් ලකුණු 160ක් අවශ්‍යව තිබුණි.
තවත් ක්‍රිකට් පුවත්:
- 2021 ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කාලසටහන පිරී ඉතිරී යයි
- දෙවන ටෙස්ට් තරගයට Rabada කැඳවයි
- ආබාධ සහ ලකුණු පුවරුව නිසා ශ්‍රී ලංකාවට වැඩි පීඩනයක්
- පාපන්දුවෙන් පටන්ගෙන ක්‍රිකට්වලින් දශකය අවසන් කළ ක්‍රීඩිකාව
- ටෙස්ට් තරගවල ක්‍රීඩක ආදේශය ගැන Mickey Arthurගෙන් යෝජනාවක්
ඒ වෙද්දී පිටියේ රැඳී සිටියේ කුසල් පෙරේරා (33*) සහ දිනේෂ් චන්දිමාල් (21*) ය. මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනාට තරගයේ වැඩි වගකීම් පැටවුණ ද ඔවුන්ට යමක් කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත. දිනයේ ක්‍රියාත්මක 8 වැනි පන්දුවාරයේ දී දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගැනීමට Wiaan Mulder සමත් විය. ඒ වෙද්දී චන්දිමාල් ලකුණු 25ක් ලබා සිටි අතර අද දවසේ දී ඔවුන් දෙදෙනාට ලකුණු පුවරුවට එක් කිරීමට හැකි වූයේ තවත් ලකුණු 20ක් පමණි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා තම තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ.
අනතුරුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සමඟින් කුසල් පෙරේරා ශ්‍රී ලංකා ගමන ආරක්ෂිතව ගෙන යෑමට උත්සාහ කළ ද, ඔහු මුහුණ දුන් 87 වැනි පන්දුවේ දී එම ගමන නිමා කිරීමට Anrich Nortje සහ Quinton De Kock සමත් වූහ. ඒ වෙද්දී කුසල් පෙරේරා තම ටෙස්ට් තරග දිවියේ 5 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ටෙස්ට් ලකුණු 1000 සීමාව පසු කිරීමට ද සමත් විය.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව දික්වැල්ලට ද වැඩි යමක් කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 99 රැඳී තිබිය දී දික්වැල්ල ලකුණු 10කට දැවි ගියේය. එවර Wiaan Mulder ක්‍රියාත්මක වූ අතර ඊට කඩුල්ල පිටුපස සිටිමින් Quinton De Kock දායකත්වය දැක්විය.
දසුන් ශානකට මෙම ඉනිමේ දී දායකත්වය දැක්විය හැකි වූයේ ලකුණු 6කින් පමණි. නමුත් ඔහු ඒ වෙනුවෙන් පන්දු 35කට මුහුණ දුන්නේය. අනතුරුව පිටියට පිවිසි වනිඳු හසරංග ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ජීවය එක් කළේ පළපුරුදු පිතිකරුවන් සියලු දෙනා පිටිය හැර ගොස් හුදකලාව තිබූ අවස්ථාවකය. ඔහු තම මංගල අර්ධ ශතකය තමන් මුහුණ දුන් 46 වැනි පන්දුවේ දී වාර්තා කළේය.
විශ්ව ප්‍රනාන්දු කිසිදු ලකුණක් නොලබා දුවද්දී දැවී යෑමකට ගොදුරු වූ අතර ඒ සමඟම සිව්වැනි දිනයේ දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කරන ලදි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලෙසය.
දිවා ආහාරයෙන් අනතුරුව පිටියට එක් වූයේ කසුන් රාජිත ය. වනිඳු සහ කසුන් අතර 8 වැනි කඩුල්ලට ලකුණු 31ක සබඳතාවක් එක් වූයේ පන්දුවාර 9ක් තුළ ය. ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙසින් වනිඳුගේ ඉනිම අවසන් වෙද්දී ඔහු පන්දු 53කට මුහුණ දී හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියේ ය. අනතුරුව 9 වැනි කඩුල්ල ලෙසින් කසුන් දැවී යද්දී ඔහු පන්දු 27කට මුහුණ දෙමින් කිසිදු ලකුණක් ලබා නොසිටියේය.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ආබාධයකට ලක් වු ධනංජය ද සිල්වා පිතිකරණය වෙනුවෙන් පිටියට නොපිවිසි අතර ඉනිම නිමා වන විට ලහිරු කුමාර ලකුණු නොලබා නොදැවී පිටියේ රැදී සිටියේය.
කඩුලු දවා ගැනීමේ දී Lungi Ngidi, Anrich Nortje, Wiaan Mulder සහ Lutho Sipamla කඩුලු 2 බැගින් දවා ගත්හ. තරගයේ වීරයා ලෙසින් එංගලන්තයේ Faf du Plessis නම් කෙරුණි.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය එළඹෙන වසරේ 3 වැනිදා Johannesburg හි දී ආරම්භ වීමට නියමිත ය. තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | b Lungi Ngidi | 22 | 20 | 4 | 0 | 110.00 |
Kusal Perera | c Quinton de Kock b Wiaan Mulder | 16 | 29 | 2 | 0 | 55.17 |
Kusal Mendis | c Lungi Ngidi b Anrich Nortje | 12 | 16 | 2 | 0 | 75.00 |
Dinesh Chandimal | c Faf du Plessis b Wiaan Mulder | 85 | 161 | 11 | 0 | 52.80 |
Dhananjaya de Silva | retired | 79 | 105 | 11 | 1 | 75.24 |
Niroshan Dickwella | lbw b Wiaan Mulder | 49 | 86 | 6 | 0 | 56.98 |
Dasun Shanaka | not out | 66 | 87 | 3 | 5 | 75.86 |
Wanindu Hasaranga | b Lutho Sipamla | 18 | 20 | 3 | 0 | 90.00 |
Kasun Rajitha | c Dean Elgar b Lutho Sipamla | 12 | 49 | 2 | 0 | 24.49 |
Vishwa Fernando | b Lutho Sipamla | 0 | 1 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | c Rassie van der Dussen b Lutho Sipamla | 0 | 7 | 0 | 0 | 0.00 |
Extras | 37 (b 16 , lb 9 , nb 6, w 6, pen 0) |
Total | 396/10 (96 Overs, RR: 4.12) |
Fall of Wickets | 1-28 (4.5) Dimuth Karunarathne, 2-54 (9.5) Kusal Mendis, 3-54 (10.5) Kusal Perera, 4-284 (65.4) Dinesh Chandimal, 5-296 (70.3) Niroshan Dickwella, 6-320 (76.3) Wanindu Hasaranga, 7-387 (93.2) Kasun Rajitha, 8-387 (93.3) Vishwa Fernando, 9-396 (95.6) Lahiru Kumara, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lungi Ngidi | 19 | 3 | 64 | 1 | 3.37 | |
Lutho Sipamla | 16 | 1 | 76 | 4 | 4.75 | |
Anrich Nortje | 22 | 3 | 88 | 1 | 4.00 | |
Wiaan Mulder | 20 | 4 | 69 | 3 | 3.45 | |
Keshav Maharaj | 19 | 3 | 74 | 0 | 3.89 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dean Elgar | c & b Dasun Shanaka | 95 | 130 | 16 | 0 | 73.08 |
Aiden Markram | c Dasun Shanaka b Vishwa Fernando | 68 | 94 | 14 | 0 | 72.34 |
Rassie van der Dussen | c Niroshan Dickwella b Lahiru Kumara | 15 | 42 | 2 | 0 | 35.71 |
Faf du Plessis | c & b | 199 | 276 | 24 | 0 | 72.10 |
Quinton de Kock | c Lahiru Thirimanne b Wanindu Hasaranga | 18 | 11 | 3 | 0 | 163.64 |
Temba Bavuma | c Niroshan Dickwella b Dasun Shanaka | 71 | 125 | 7 | 0 | 56.80 |
Wiaan Mulder | c Niroshan Dickwella b Wanindu Hasaranga | 36 | 63 | 4 | 1 | 57.14 |
Keshav Maharaj | c Wanindu Hasaranga b Vishwa Fernando | 73 | 106 | 6 | 2 | 68.87 |
Anrich Nortje | c Niroshan Dickwella b Vishwa Fernando | 0 | 3 | 0 | 0 | 0.00 |
Lutho Sipamla | lbw b Wanindu Hasaranga | 0 | 1 | 0 | 0 | 0.00 |
Lungi Ngidi | not out | 2 | 9 | 0 | 0 | 22.22 |
Extras | 44 (b 9 , lb 18 , nb 7, w 10, pen 0) |
Total | 621/10 (142.1 Overs, RR: 4.37) |
Fall of Wickets | 1-141 (28.4) Aiden Markram, 2-200 (42.6) Rassie van der Dussen, 3-200 (43.4) Dean Elgar, 4-220 (47.1) Quinton de Kock, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 31.1 | 2 | 130 | 2 | 4.18 | |
Kasun Rajitha | 2.1 | 0 | 16 | 0 | 7.62 | |
Dasun Shanaka | 28.5 | 2 | 98 | 2 | 3.44 | |
Wanindu Hasaranga | 45 | 5 | 171 | 4 | 3.80 | |
Lahiru Kumara | 21.1 | 0 | 103 | 1 | 4.88 | |
Dimuth Karunarathne | 6.5 | 0 | 36 | 0 | 5.54 | |
Kusal Mendis | 7 | 0 | 41 | 0 | 5.86 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | b Lungi Ngidi | 6 | 8 | 1 | 0 | 75.00 |
Kusal Perera | c Quinton de Kock b Anrich Nortje | 64 | 87 | 10 | 0 | 73.56 |
Kusal Mendis | c Rassie van der Dussen b Lungi Ngidi | 0 | 5 | 0 | 0 | 0.00 |
Dinesh Chandimal | b Wiaan Mulder | 25 | 45 | 4 | 0 | 55.56 |
Niroshan Dickwella | c Quinton de Kock b Wiaan Mulder | 10 | 15 | 2 | 0 | 66.67 |
Dasun Shanaka | c Quinton de Kock b Lutho Sipamla | 6 | 35 | 0 | 0 | 17.14 |
Wanindu Hasaranga | c Temba Bavuma b Lutho Sipamla | 59 | 53 | 12 | 1 | 111.32 |
Vishwa Fernando | run out (Wiaan Mulder) | 0 | 1 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | c Keshav Maharaj b Anrich Nortje | 0 | 27 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
Dhananjaya de Silva | retired | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 10 (b 4 , lb 2 , nb 4, w 0, pen 0) |
Total | 180/10 (46.1 Overs, RR: 3.9) |
Fall of Wickets | 1-10 (2.6) Dimuth Karunarathne, 2-22 (4.5) Kusal Mendis, 3-85 (19.5) Dinesh Chandimal, 4-99 (23.6) Niroshan Dickwella, 5-114 (28.4) Kusal Perera, 6-142 (35.5) Dasun Shanaka, 7-148 (36.6) Vishwa Fernando, 8-179 (45.2) Wanindu Hasaranga, 9-180 (46.1) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lungi Ngidi | 10 | 2 | 38 | 2 | 3.80 | |
Anrich Nortje | 10.1 | 1 | 47 | 2 | 4.65 | |
Wiaan Mulder | 12 | 1 | 39 | 2 | 3.25 | |
Lutho Sipamla | 5 | 0 | 24 | 2 | 4.80 | |
Keshav Maharaj | 6 | 3 | 20 | 0 | 3.33 | |
Aiden Markram | 3 | 2 | 6 | 0 | 2.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<