Home Sinhala ශ්‍රී ලංකාව වසර 9කට පසුව එක්දින ආසියානු කුසලානයක අවසන් මහා සටනට

ශ්‍රී ලංකාව වසර 9කට පසුව එක්දින ආසියානු කුසලානයක අවසන් මහා සටනට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

6410

ශ්‍රී ලංකාව 11 වැනි වරටත් ආසියානු කුසලාන (එක්දින) ඉතිහාසයේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (14) සමත් වුනා.

ඒ අනුව 2022 වසරේ විස්සයි විස්ස ආසියානු කුසලානයේ ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකාව 2014 ආසියානු කුසලාන (එක්දින) අවසන් මහා තරගයෙන් වසර 9කට පසුව නැවතත් අවසන් මහා තරගයකට පැමිණීමට සමත් වීම කැපී පෙනෙනවා.

ඊයේ පැවති අයහපත් කාලගුණ තත්වය නිසා තරගයේ ආරම්භය මිනිත්තු 135කින් ප්‍රමාද වුනු අතර එම නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 45කට සීමා වුනා. කෙසේ නමුත් පාකිස්තානු ඉනිමේ අවසන් භාගයේ දී නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඉනිමකින් තවත් පන්දුවාර 3ක් අඩු කිරීමට සිදුවුණු අතර ඒ අනුව ඉනිමක් පන්දුවාර 42කට සීමා වුනා.

සවස 5ට උරඟා බැලුණු කාසියේ වාසිය ජය ගත් පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් ආරම්භක වමත් පිතිකරු දිමුත් කරුණාරත්න වෙනුවට කුසල් පෙරේරා නැවතත් කණ්ඩායමට එක් කර තිබූ අතර වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට ප්‍රමෝද් මදුශාන් නැවතත් කණ්ඩායමට පැමිණ තිබුණා.

පාකිස්තානය සිය කණ්ඩායමේ වෙනස්කම් 5ක් සිදු කර තිබූ අතර Zaman Khan පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරන මංගල එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Perera, Kusal Mendis (wk), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (capt), Dunith Wellalage, Maheesh Theekshana, Pramod Madushan, Matheesha Pathirana

පාකිස්තානය – Fakhar Zaman, Abdullah Shafique, Babar Azam (capt), Mohammad Rizwan (wk), Mohammad Haris, Iftikhar Ahmed, Shadab Khan, Mohammad Nawaz, Mohammad Wasim, Shaheen Shah Afridi, Zaman Khan

පාකිස්තාන ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 9කට සීමා කිරීමට ප්‍රමෝද් මදුශාන් සමත් වුනා. දෙවැනි කඩුල්ල වෙනුවෙන් Babar සමඟ Abdullah Shafique පන්දු 70ක් තුල ලකුණු 64ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත් Powerplay අවස්ථාව තුල ඔවුන් කඩුල්ලක් දැවී ලබා ගත්තේ ලකුණු 39ක් පමණයි.

ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් ගොඩනැංවුණු සබඳතාවය බිඳ දමමින් වෙල්ලාලගේ විසින්, දැනට ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව අංක 1 එක්දින පිතිකරු, Babarගේ කඩුල්ල ලකුණු 19කට දවා ගත්තා.

අනතුරුව පාකිස්තානු මැදපෙළ කඩුලු 3ක් ලකුණු 30ක් තුල බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනු අතර අවසානයේ දී ඔවුන්ගේ ලකුණු සටහන 130/5ක් ලෙස සටහන් වුනා.

පාකිස්තානු කණ්ඩායම ඉතාමත් අසීරු අවස්ථාවක සිටි මොහොතේ Mohammad Rizwan සහ Iftikhar Ahmed එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ශතක සබඳතාවයක් ගොඩනැංවූ අතර Iftikhar පන්දු 40ක් තුල ලකුණු 47ක් ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහර 2කින් සිය ඉනිම වර්ණවත් කරගෙනයි.

ලකුණු 11ක් ලබාගෙන සිටිය දී කුසල් මෙන්ඩිස් අතින් ස්ටම්ප්ස් කිරීමක් මඟ හැරීම නිසා Rizwan හට සිය ඉනිම දිගු කරගන්නට හැකියාව ලැබුණු අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස ඔහු සිය එක්දින දිවියේ 12 වැනි අර්ධ ශතකය වාර්තා කරගන්නට සමත් වුනා.

අවසානයේ දී පන්දු 73කට මුහුණ දුන් Rizwan නොදැවී ලකුණු 86*ක් ලබාගෙන පාකිස්තානය තරගකාරී සහ සටන්කාමී ලකුණු සටහනක් වෙත රැගෙන ගියා. අවසන් පන්දුවාර 10 තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 102ක් ලබා ගත් පාකිස්තානය නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 252ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී පතිරණ කඩුලු 3ක් දවා ගන්නා විට, ප්‍රමෝද් කඩුලු 2ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ශ්‍රී ලංකා නව ආරම්භක පිතිකරුවන් යුගලය වුනු නිස්සංක සහ කුසල් පෙරේරා ලකුණු 20ක ආරම්භයක් ලබා ගත් නමුත් ලකුණු 17ක් ලබාගෙන සිටි පෙරේරා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවුණා.

වසර 2කට වැඩි කාලයකට පසුව පිටියට පැමිණි පෙරේරා වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දු 8ක් තුල 4 පහර 4ක් එල්ල කරමින් ලකුණු 17ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පළමු කඩුලු දෙක ලකුණු 77කට බිඳ වැටී ගොස් තිබුණු අවස්ථාවේ කුසල් මෙන්ඩිස් සමඟ පිටියේ එක්වුණු සමරවික්‍රම අගනා ශතක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නැංවූවා.

එහි දී ඔවුන් දෙදෙනා පාකිස්තානු පන්දු යවන්නට එරෙහිව මනා සැලසුමක් ඇතිව පහර දෙමින් සෙමින් සීරුවේ ඉතාමත් හොඳ සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහනේ පීඩනය අවම කළා.

සමරවික්‍රම ලකුණු 48ක් ලබාගෙන සිටිය දී Iftikhar Ahmedගේ පන්දුවක් හමුවේ නැවත වරක් ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගිය අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු සටහන 177/3ක් ලෙස සටහන් වුනා.

Rizwanගේ කඩුල්ල ලකුණු 11 දී මඟ හැරී යාමේ වාඩුවගත් මෙන්ඩිස් සිය එක්දින ක්‍රිකට් දිවියේ 25 වැනි අර්ධ ශතකය ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ කොඳුනාරටිය බවට පත්වුනා.

ආසියානු කුසලාන තරගාවලිය තුල ලබා ගත් තෙවැනි අර්ධ ශතකය ලබා ගත් මෙන්ඩිස් සිය ශතකය පෙනෙන මානයේ සිටිය දී අවාසනාවන්ත ලෙස ලකුණු 91කට දැවී ගියා. Iftikhar Ahmedගේ නමට ඉදිරියෙන් සටහන් වුනු එම කඩුල්ල දැවී යන විට පන්දු 87කට මුහුණ දී සිටි මෙන්ඩිස් 4 පහර 8ක් සහ 6 පහරක් එල්ල කරමින් එම ලකුණු 91ක් ලබා ගත් අතර මෙන්ඩිස් පාකිස්තානයට එරෙහිව ලබා ගත් මංගල එක්දින අර්ධ ශතකය ද මෙයයි.

මෙන්ඩිස්ගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා කඩුලු 4ක් ලකුණු 24ක් තුල දැවී යාම නිසා තරගය උණුසුම් මුහුණුවරක් ගත් නමුත් අසලංක පන්දු 47ක් තුල නොදැවී ලකුණු 49*ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා.

අවසන් පන්දු 2කට ලකුණු 6ක් ලබා ගැනීමට තිබුණු අවස්ථාවේ දී අසලංකගේ පිත්තේ පිටත දාරයේ වැදී 4 සීමාවට යාම නිසා නැවතත් තරගය උණුසුම් වුනු අතර අවසන් පන්දුවට ලකුණු 2ක් ලබා ගත් අසලංක ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු මල් ඵල ගැන්වූවා.

Result


Sri Lanka
252/8 (42)

Pakistan
252/7 (42)

Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Pramod Madushan b Matheesha Pathirana 52 69 3 2 75.36
Fakhar Zaman b Pramod Madushan 4 11 0 0 36.36
Babar Azam st Kusal Mendis b Dunith Wellalage 29 35 3 0 82.86
Mohammad Rizwan not out 86 73 6 2 117.81
Mohammad Haris c & b Matheesha Pathirana 3 9 0 0 33.33
Mohammad Nawaz b Mahesh Theekshana 12 12 2 0 100.00
Iftikhar Ahmed c Dasun Shanaka b Matheesha Pathirana 47 40 4 2 117.50
Shadab Khan c Kusal Mendis b Pramod Madushan 3 3 0 0 100.00
Shaheen Shah Afridi not out 1 1 0 0 100.00


Extras 15 (b 0 , lb 1 , nb 1, w 13, pen 0)
Total 252/7 (42 Overs, RR: 6)
Bowling O M R W Econ
Pramod Madushan 7 1 58 2 8.29
Mahesh Theekshana 9 0 42 1 4.67
Dasun Shanaka 3 0 18 0 6.00
Dunith Wellalage 9 0 40 1 4.44
Matheesha Pathirana 8 0 65 3 8.12
Dhananjaya de Silva 6 0 28 0 4.67


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c & b Shadab Khan 29 44 4 0 65.91
Kusal Perera run out (Shadab Khan) 17 8 4 0 212.50
Kusal Mendis c Mohammad Haris b Iftikhar Ahmed 91 87 8 1 104.60
Sadeera Samarawickrama st Mohammad Rizwan b Iftikhar Ahmed 48 51 4 0 94.12
Charith Asalanka not out 49 47 3 1 104.26
Dasun Shanaka c Mohammad Nawaz b Iftikhar Ahmed 2 4 0 0 50.00
Dhananjaya de Silva c Mohammad Wasim Jnr b Shaheen Shah Afridi 5 7 0 0 71.43
Dunith Wellalage c Mohammad Rizwan b Shaheen Shah Afridi 0 1 0 0 0.00
Pramod Madushan run out (Zaman Khan) 1 3 0 0 33.33
Matheesha Pathirana not out 0 0 0 0 0.00


Extras 10 (b 1 , lb 4 , nb 0, w 5, pen 0)
Total 252/8 (42 Overs, RR: 6)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 9 0 52 2 5.78
Zaman Khan 6 1 39 0 6.50
Mohammad Wasim Jnr 3 0 25 0 8.33
Mohammad Nawaz 7 0 26 0 3.71
Shadab Khan 9 0 55 1 6.11
Iftikhar Ahmed 8 0 50 3 6.25



ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේ මස 17 වැනිදා, ඉරිදා නැවත වරක් ආසියානු කුසලානයක අවසන් මහා තරගයක දී එකිනෙකා මුණගැසීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<