ධනුෂ්ක සහ තිරිමාන්නගෙන් දෙවැනි ඉනිමට හොඳ ආරම්භයක්

2884

නවසීලන්ත තරග සංචාරයේ පුහුණු තරගයේ ආරම්භක දිනය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එතරම් ම හිතකර නොවූව ද අද (09) නිමා වූ දෙවැනි දිනයේ දෙවැනි ඉනිමේ දී තරමක් පැකිළීමකින් තොරව පන්දුවට පහර දුන් සංචාරක ක්‍රීඩකයෝ කඩුලු දෙකක් දැවී ලකුණු 160ක් වාර්තා කර ගැනීමට සමත් වීම කැපී පෙණුනි.

මැතිව්ස් ශතකයකින් වැඩ අල්ලයි

නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් අද (08) ආරම්භ වූ පුහුණු තරගයේ දී අනෙකුත් පිතිකරුවෝ තම දුර්වලතා ප්‍රදර්ශනය කරද්දී එක් අන්තයක් සම්පූර්ණයෙන්ම බාර ගත්…

නේපියර් පිටියේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 210ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නවසීලන්ත සභාපතිගේ ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා ගනිමින් අද තම ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට නැවත පන්දුවට පහර දීම බාර කළහ.

පළමු ඉනිමේ ලත් පරාජයත් සමඟින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 116ක සබඳතාවක් ගොඩ නැගූහ. එහි දී ධනුෂ්ක ගුණතිලක පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 83ක් ලබා ගනිමින් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේය.

ඊට අනගි සහයෝගයක් ලබා දෙමින් ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේ ය.

තරගයේ දෙවැනි දිනය අවසන් වෙද්දී ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 19ක් ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 11ක් ද ලබා ගනිමින් පිටියේ රැඳී සිටිය හ.

නවසීලන්ත ක්‍රීඩකයෝ පෙර දිනයේ කඩුලු 4ක් දැවී ලකුණු 67ක් තිබිය දී ඉතා අසරණ තත්ත්වයෙන් තම ඉනිම දෙවැනි දිනයට ආරම්භ කළ ද, 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවක් එක් කිරීමට සන්දීප් පටෙල් සහ මයිකල් සිනෙඩන් සමත් වූහ.

කමිඳු මෙන්ඩිස්ගේ දක්ෂතා හමුවේ ඇෆ්ගන් ක්‍රීඩකයෝ දණ නමති

නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ හෙවත් ‘ඒ’ කාණ්ඩයේ යටතේ තරග වැදි දෙවැනි එක්දින තරගයෙන් ද ඇෆ්ගනිස්තානු…

මයිකල් සිනෙඩන් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටිය දී ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. අනතුරුව නවසීලන්ත ඉනිමේ හය වැනි කඩුල්ලට සිනෙඩන්ගේ කඩුල්ල දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් විය. ඒ නිරෝෂන් දික්වැල්ල විසින් කඩුල්ල බිඳ දැමීම හේතුවෙනි. සිනෙඩන් ඒ වන විට පන්දු 106කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 69ක් ලබා සිටියේ ය.

තරගයේ දෙවැනි දින දිවා විවේකය වෙද්දී නවසීලන්ත ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 190ක්ව තිබුණි. ඒ වෙද්දී කේටන් ක්ලාක් පන්දු 35කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 35ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ බ්‍රෙට් හැම්ප්ටන් ලකුණු 6ක් ලබා සිටියේ ය.

දිවා විවේකයෙන් පසුව ලකුණු පුවරුවට එක් ලකුණක් පමණක් එක් වෙද්දී බ්‍රෙට් හැම්ප්ටන් දැවී ගියේය. අනතුරුව 8 වැනි කඩුල්ල ඩබල් නෙල්සන් (222) වෙද්දී පිටියෙන් ඉවත් කිරීමට ධනංජය ද සිල්වා සමත් විය. එතෙක් සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි කේටන් ක්ලාක් පන්දු 93කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් විය.

අසේලගේ දැවැන්ත වාර්තාවක් දුශාන් විසින් බිඳ දමයි

අනාගතයේ ලොව දිනන තරු හඳුනා ගැනීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2018/19 අන්තර් සමාජ මේජර් ලීග් ක්‍රිකට් A තරගාවලියේ දෙවැනි…

නවසීලන්ත සභාපතිගේ ක්‍රීඩකයන්ගේ ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් වෙද්දී අත්හිටුවීමට ඔවුන් තීරණය කළ හ. ඒ වෙද්දී නායක පීටර් යංගස්බෑන්ඩ් පන්දු 112කට මුහුණ දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටි අතර මැක්ස් චූ පන්දු 74ක දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ඩිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 2 බැගින් දවා ගත් හ.

හෙට (10) තරගයේ අවසන් දිනයයි.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 210 (59) දිනේෂ් චන්දිමාල් 26, ඇන්ජලෝ මැතිව්ස් 128, මයිකල් සිනෙඩන් 2/29, පීටර් යංගස්බැන්ඩ් 2/25, බ්ලේක් කොබුම් 3/44

නවසීලන්ත ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 270 (82) විලියම් ඕ ඩොනෙල් 22, සන්දීප් පටෙල් 69, මයිකල් සිනෙඩන් 24, කේටන් ක්ලාක් 46, පීටර් යංගස්බෑන්ඩ් නොදැවී 31, මැක්ස් චු නොදැවී 33, ඩිල්රුවන් පෙරේරා 2/30, ලක්ෂාන් සඳකැන් 2/67

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 160 (37) ධනුෂ්ක ගුණතිලක 83, ලහිරු තිරිමාන්න 45, ධනංජය ද සිල්වා නොදැවී 19

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<