12 වැනි ලෝක කුසලානය තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු ක්‍රිකට් තරගය හෙට (1) නවසීලන්තය සමඟ එංගලන්තයේ කාර්ඩිෆ් හිදී ආරම්භ වේ.
ස්ටෝක්ස් හා ආචර්ගෙන් එංගලන්තයට ජයග්‍රාහී ආරම්භයක්!
ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය අද (30) එංගලන්තයේ ……..
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට එකිනෙකා මුණගැසී ඇත්තේ මේ වසර ආරම්භයේ දී වන අතර එම එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0ක් ලෙස පරාජය විය. එසේම 2012/13 වසරේ නවසීලන්තය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී තරග 3-0ක් ලෙස එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මුහුණට මුහුණ
1979 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 98ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 48ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 41ක් ජයග්‍රහණය කර ඇත. තවද තවත් එක්දින තරග 8ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වන විට තවත් එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී තිබේ.
ලෝක කුසලාන තරගාවලි 11 තුල දස වතාවක් ශ්‍රී ලංකාව හා නවසීලන්තය එකිනෙකා මුණගැසී තිබෙන අතර එහි දී තරග 6-4ක් ලෙස පෙරමුණ දිනාගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර වසර 40ක් පමණ ඉපැරණි එක්දින ක්‍රිකට් තරග ප්‍රමාණය තුල මෙතක් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි. ඔහු නවසීලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 47ක් ක්‍රීඩා කර ලකුණු 1568ක් ලබාගෙන ඇත්තේ 40.20ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් වන අතර ඔහු නවසීලන්තය සමඟින් එක්දින ක්‍රිකට් තරග 41කට සහභාගී වෙමින් කඩුලු 74ක් දවාගෙන ඇත.
Photos: CWC19 – Sri Lanka training session ahead of New Zealand match
ප්‍රහාරාත්මක පිතිකරුවන්
- ඇන්ජලෝ මැතිව්ස්

- කේන් විලියම්සන්

ජාත්‍යන්තර එක්දින තරග 139ක් තුළ ලකුණු 5554ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 45.90ක් වැනි හොඳ මට්ටමක පසුවෙමිනි. විලියම්සන් එක්දින ශතක 11කින් සහ අර්ධ ශතක 37කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 24ක දී ලකුණු 684ක් ලබාගෙන තිබෙන්නේ 32ක පමණ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
- කුසල් ජනිත් පෙරේරා
ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල සහ පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරන කුසල් ජනිත්, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 88ක දී ලකුණු 2283ක් ලබාගෙන ඇත්තේ 29.26ක් වැනි මට්ටමක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 11ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු ස්කොට්ලන්තයට එරෙහිව එක් එක්දින ක්රිකට් තරගයක් ක්රීඩා කර ඇත.
ප්‍රහාරාත්මකව පහර දීලා තරග දිනන්න ටිකක් අමාරුයි – තිරිමාන්න
වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාව තුල 300ට ………
- රෝස් ටේලර්

දකුණතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එදිරිව ලකුණු 33කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ.
තර්ජනාත්මක පන්දු යවන්නන්
- ලසිත් මාලිංග

වයස අවුරුදු 35ක් වන මාලිංග නවසීලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 25ක දී කඩුලු 36ක් දවාගෙන තිබෙන්නේ 27.58ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
- ටිම් සවුතී

මොහු එක්දින තරග 139ක දී කඩුලු 185ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 34.07ක් ලෙස දැක්වේ. සවුති එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.42ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.
දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 7/33කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරග 16ක දී කඩුලු 23ක් සවුති විසින් දවාගෙන ඇත.
- නුවන් ප්‍රදීප්

නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 35ක දී කඩුලු 42ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් 6.10ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. තවමත් වයස අවුරුදු 32ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දිය හැක.
ලෝක කිරුළේ සිංහයෝ කොයිබට ද?
එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ………..
- ට්‍රෙන්ට් බෝල්ට්

Video – පා දඟපන්දු යවන්නෙක් ලෙස කඩුලු ගන්න බලාපොරොත්තු වෙනවා – ජීවන් මෙන්ඩිස්
- කාර්ඩිෆ් තණතීරුව හා අවට කාලගුණය

කාලගුණය දෙස බැලීමේ දී මේ තරගයට ඉතාමත් හොඳ කාලගුණ තත්වයක් අපේක්ෂා කිරීමට හැක. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 18-22 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.
සංචිතයන්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩර්සේ.
නවසීලන්තය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, රොස් ටේලර්, ටොම් බ්ලන්ඩන්, මිචෙල් සැන්ටනර්, කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම්, ලුකී ෆර්ගසන්, ටිම් සවුතී, ට්‍රෙන්ට් බෝල්ට්, කොලින් මන්රෝ, ඉෂ් සෝධී, හෙන්රි නිකොල්ස්, මාර්ටින් ගප්ටිල්, මැට් හෙන්රි, ජීමී නීෂම්
අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග.
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම 4 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 3729ක් සමඟ ප්‍රසාද ලකුණු 113ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 3266ක් සමඟ ප්‍රසාද ලකුණු 76ක් දිනා ගෙනයි.
Video – ලෝක කුසලානය අපේ ක්‍රිකට්වල අලුත් පටන්ගැන්මක් – දිමුත්
ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද නවසීලන්තය පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන
- ජුනි 1 – නවසීලන්තය – කාර්ඩිෆ්
- ජුනි 4 – ඇෆ්ගනිස්තානය – කාර්ඩිෆ්
- ජුනි 7 – පාකිස්තානය – බ්‍රිස්ටල්
- ජුනි 11 – බංග්ලාදේශය – බ්‍රිස්ටල්
- ජුනි 15 – ඕස්ට්‍රේලියාව – ඕවල්
- ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
- ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 1 – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 6 – ඉන්දියාව – ලීඩ්ස්
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















