ශ්‍රී ලංකාව ලාඕසය එරෙහිව විශිෂ්ට ජයක් ලබයි

2027 AFC Asian Cup Qualification - 3rd Round

76
Sri Lanka vs Laos

2027 AFC ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ ලාඕසය සමඟ පැවැත්වුණු තරගයෙන් ගෝල 2-1ක් ලෙස විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) සමත් වුනා.

ලාඕසයේ දී පැවැත්වුණු මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම ශ්‍රී ලංකාව පෙරමුණේ රැඳෙමින් විශිෂ්ට අයුරින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර, තරගයේ 16 වැනි මිනිත්තුවේ දී Wade Dekker විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ වාර්තා වුනේ එම ගෝලය පමණක් වන නමුත්, තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමඟම තරගයේ 54 වැනි මිනිත්තුවේ දී Adhawan Rajamohan විසින් දෙවැනි ගෝලයත් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුනේ තරගයේ ජයග්‍රහණය තහවුරු කරමිනුයි.

ලාඕසය විසින් තරගයේ 88 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ලකුණු තත්වය 2-1ක් ලෙස ගෙන ආ නමුත්, ඔවුන්ට ඉන් අනතුරුව ගෝල රැස් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි ලාඕසය 186 වැනි ස්ථානයේ රැඳෙන අතර, ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේ රැඳෙනවා. ඒ අනුව මෙම ජයග්‍රහණය ද මෑතක දී ශ්‍රී ලංකා පාපන්දුව විසින් පෙන්වන සුබ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් තවත් කොළ එළියක් ලෙස ද හඳුනාගත හැකි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර තරගය එළඹෙන 25 වැනි දා පැවැත්වීමට නියමිතයි.

එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>