ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දියාරු පිතිකරණ දස්කම් නිසා ඉන්දියාවට කඩුලු 10ක පහසු ජයක් හිමිකර ගැනීමට හැකි වුනු අතර ඉන්දියාව ආසියානු කුසලානයක පහස ලබා ගත්තේ 2018 වසරට පසුවයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමක් ආසියානු කුසලානයක් ජය ගත් 8 වැනි වතාව මෙය වන අතර 7 වැනි වරටත් ශ්‍රී ලංකාව ආසියානු අනුශූරයින් ලෙස තරගාවලිය නිමා කළා.
තීරණාත්මක කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකාව අවසන් වරට පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ ජයග්‍රාහී කණ්ඩායමේ එක් වෙනසක් සිදු කරමින් ආබාධයකට ලක්ව සිටින දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ වෙනුවට, දුශාන් හේමන්තව අවසන් මහා තරගයට කැඳවා තිබුණා.
තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,
ශ්‍රී ලංකාව – Kusal Perera, Pathum Nissanka, Kusal Mendis (wk), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (capt), Dunith Wellalage, Dushan Hemantha, Matheesha Pathirana, Pramod Madushan
ඉන්දියාව – Rohit Sharma (capt), Shubman Gill, Virat Kohli, KL Rahul (wk), Ishan Kishan, Hardik Pandya, Ravindra Jadeja, Washington Sundar, Kuldeep Yadav, Mohammed Siraj, Jasprit Bumrah
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි කුසල් පෙරේරා සහ නිස්සංක ලකුණු 8ක් තුල දවා ගන්නට ඉන්දීය වේගපන්දු යවන්නන් සමත් වුනා. තරගයේ සිව්වැනි පන්දුවාරය Siraj විසින් ක්‍රියාත්මක කළ අතර එම පන්දුවාරය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු සුන් කළ පන්දුවාරයක් බවට පරිවර්තනය වුනේ ලකුණු 4කට කඩුලු 4ක් (නිස්සංක, සදීර, අසලංක සහ ධනංජය) දැවී ගිය නිසයි.
දැවී ගිය කඩුලු 10 අතරින් කඩුලු 2-3ක් හැරෙන්නට අනෙක් සියල්ලම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී සහ දුර්වල පිතිකරණ රටාවන් නිසා දැවී ගිය අවස්ථාවන් වීම කණගාටුවට කරුණක්.
පන්දු 34ක් තුල ශ්‍රී ලංකා ලකුණු සටහන 12/6ක් ලෙස දැවැන්ත ආගාධයක වැටී තිබුණු අතර ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවය ගොඩනංවමින් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 21ක් එක් කරන්නට මෙන්ඩිස් සහ වෙල්ලාලගේ සමත් වුනා. ශ්‍රී ලංකා පිතිකරණ සබඳතාවයන් 4ක් එකඳු හෝ ලකුණක් ලබා ගැනීමට පෙර දවා ගන්නට Siraj ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් සමත් වුනා.
Siraj සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කරමින් පන්දුවාර 7ක් තුල එක් නිලකුණු පන්දුවාරයක් ද ක්‍රියාත්මක කරමින් ලකුණු 21කට කඩුලු 6ක් දවා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු කුසල් මෙන්ඩිස් ලකුණු 17ක් ලබා ගත් අතර දුශාන් හේමන්ත ලකුණු 13කට දැවී ගියේ ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින්.
අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 15කුත් පන්දු 2ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 50ක් පමණයි. එය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලබා ගත් දෙවැනි අඩුම ලකුණු ප්‍රමාණය වන අතර ශ්‍රී ලංකාව තුල සහ ආර්. ප්‍රේමදාස ලබාගත් ක්‍රීඩාංගණයේ අඩුම එක්දින ලකුණු ප්‍රමාණය ද මෙයයි.
එසේම ආසියානු කුසලාන (එක්දින) තරගයක කණ්ඩායමක් ලබා ගත් අවම ලකුණු ප්‍රමාණය මෙය වන අතර ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය ද මෙය බවට පත්වුනා.
- මහීෂ්ට ආසියා කුසලාන අවසන් තරගය අහිමි වෙයි
- කුසලානයට මාන බලන අවසන් උත්සාහය
- ශ්‍රී ලංකාව වසර 9කට පසුව එක්දින ආසියානු කුසලානයක අවසන් මහා සටනට
- “කෝ ACC, කෝ ICC?” අර්ජුනගෙන් BCCI වෙත සැර විවේචනයක්!
- WATCH – මහීෂ් වෙනුවට කවුරුන් ඇතුළට එයි ද? නායක දසුන් අවසන් සටන පෙර කියූ දේ
ඉන්දියාව සිය ආරම්භක පිතිකරණ සුසංයෝගයේ වෙනසක් සිදු කරමින් Gill සමඟ Ishan ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට අවතීර්ණ වුනු අතර ඔවුන් ඔවුන් දෙදෙනා පන්දුවාර 6කුත් පන්දුවක් අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 51ක් ලබාගෙන පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කළා.
එකම වසරක් තුල ශ්‍රී ලංකා නම ඉදිරියෙන් සටහන් වුනු තවත් දැවැන්ත තරග පරාජයක් ලෙස මෙය වාර්තා අතරට එකතු වන අතර ඉන්දියාව මේ තරගය තවත් පන්දු 261ක් ඉතිරිව තිබිය දී ජය ගත්තා. එසේම මේ වසර ආරම්භයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 317ක දැවැන්ත පරාජයක් ලබා ගැනීමට ද ශ්‍රී ලංකාවට සිදු වුනා.
තරගයේ වීරයා – Mohammed Siraj (ඉන්දියාව)
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Ravindra Jadeja b Mohammed Siraj | 2 | 4 | 0 | 0 | 50.00 |
Kusal Perera | c KL Rahul b Jasprit Bumrah | 0 | 2 | 0 | 0 | 0.00 |
Kusal Mendis | b Mohammed Siraj | 17 | 34 | 3 | 0 | 50.00 |
Sadeera Samarawickrama | lbw b Mohammed Siraj | 0 | 2 | 0 | 0 | 0.00 |
Charith Asalanka | c Ishan Kishan b Mohammed Siraj | 0 | 1 | 0 | 0 | 0.00 |
Dhananjaya de Silva | c KL Rahul b Mohammed Siraj | 4 | 2 | 1 | 0 | 200.00 |
Dasun Shanaka | b Mohammed Siraj | 0 | 4 | 0 | 0 | 0.00 |
Dunith Wellalage | c KL Rahul b Hardik Pandya | 8 | 21 | 0 | 0 | 38.10 |
Dushan Hemantha | not out | 13 | 15 | 1 | 0 | 86.67 |
Pramod Madushan | c Virat Kohli b Hardik Pandya | 1 | 6 | 0 | 0 | 16.67 |
Matheesha Pathirana | c Ishan Kishan b Hardik Pandya | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 5 (b 0 , lb 2 , nb 0, w 3, pen 0) |
Total | 50/10 (15.2 Overs, RR: 3.26) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Jasprit Bumrah | 5 | 1 | 23 | 1 | 4.60 | |
Mohammed Siraj | 7 | 1 | 21 | 6 | 3.00 | |
Hardik Pandya | 2.2 | 0 | 3 | 3 | 1.36 | |
Kuldeep Yadav | 1 | 0 | 1 | 0 | 1.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Ishan Kishan | not out | 23 | 18 | 3 | 0 | 127.78 |
Shubman Gill | not out | 27 | 19 | 6 | 0 | 142.11 |
Extras | 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0) |
Total | 51/0 (6.1 Overs, RR: 8.27) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Pramod Madushan | 2 | 0 | 21 | 0 | 10.50 | |
Matheesha Pathirana | 2 | 0 | 21 | 0 | 10.50 | |
Dunith Wellalage | 2 | 0 | 7 | 0 | 3.50 | |
Charith Asalanka | 0.1 | 0 | 1 | 0 | 10.00 |
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<