රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් සමඟින් ලබා ගත් ශතක හේතුවෙන් අද (06) ලීඩ්ස් හිදී නිමා වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ දී කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.
එම ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානයට පිවිසීමට සමත් විය. එහෙත් අද පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ අවසාන තරගය වන ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ ප්‍රතිඵල මෙම තීරණය බලපානු ඇත.
මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගය කෙසේ නිමා වෙයි ද?
ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන අවසන්…..
කෙසේ වෙතත් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු සටහනේ පළමුවැනියා වන කණ්ඩායම සමඟින් නවසීලන්තය සමඟ ද, දෙවැනි අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන දිනා ගන්නා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ද පැවැත්වීමට නියමිතයි. මෙම තරග ජූලි මස 9 සහ 11 දෙදින පැවැත්වීමට යෝජිත ය.
අද තරගයේ දී අවශ්‍යම අවස්ථාවක ලකුණු අතරට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ගේ ශතකයෙන් හැඩ වුන ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 7ක් දැවී ලකුණු 264ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දිය ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 265ක් ලබා ගත්හ. ඒ තවත් පන්දු 39ක් ඉතිරිව තිබිය දී ය.
ශ්‍රී ලංකා ඉනිමේ දී මැතිව්ස් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී තම ලෝක කුසලාන මංගල ශතකය වාර්තා කිරීමට සමත් වූයේ තමන් මුහුණ දුන් 115 වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමිනි. ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවකට රොහිත් ෂර්මා අතට උඩපන්දුවක් දී මැතිව්ස් දැවී යන විට පන්දු 128කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තේය.
තම එක්දින ජාත්‍යන්තර පිටියේ තෙවැනි ශතක පන්දු 115ක දී ලබා ගත් අතර ඔහුගේ ඉනිම පන්දු 128කින් සමන්විත වූ අතර හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 113කි. මෙම ඉනිම මැතිව්ස්ගේ හොඳම පෞද්ගලික ඉනිම් අතර දෙවැනි තැන ගත්තේ ය.
ඔහු මේ ශතකය වාර්තා කරන්නේ 2017 වසරේ දෙසැම්බරයේ ඉන්දියාවට එරෙහිව මොහාලි හිදී ලබා ගත් ශතකයට පසුව ය. මැතිව්ස් මේ දක්වා ජාත්‍යන්තර එක්දින ශතක 3ක් රැස්කර ගෙන සිටින අතර එම ශතක 3ම ඉන්දියාවට එරෙහිව මෙරටින් පිට දී වාර්තා වී තිබීම විශේෂත්වයක් ගන්නේය.
>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<
අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඉන්දියාවට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ය. පළමු කඩුල්ලට වැඩි වේලාවක් ගත කිරීමට ලැබුණේ නැත. දිමුත් කරුණාරත්න ජස්ප්‍රිට් බුම්රාගේ පිට ඉන්නෙන් පිටතට ඇදෙන පන්දුවකට පහරකට යමින් කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඔහු ඒ වෙද්දී ලකුණු 10ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා ඉනිම 17ක් ලෙස කියැවුණි.
අනතුරුව කුසල් පෙරේරාට එක් වූයේ අවිශ්ක ප්‍රනාන්දු ය. ඉනිම ලකුණු 29ක් වෙද්දී ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවකට අවිශ්ක ප්‍රනාන්දු කඩුල්ල මුවා කළේ යැයි නිගමනයෙන් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසින් ප්‍රධාන විනිසුරු නම් කළේය. එහෙත් එම තීරණය අභියෝගයට ලක් කිරීමට අවිශ්ක පියවර ගත්තේය. තෙවැනි විනිසුරුවරයා ද අවිශ්කගේ නිගමනයේ සිටිමින් ඔහුට නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි විය.
“අපේ ක්‍රීඩකයින්ටත් IPL බිග් බෑෂ් ක්‍රීඩා කරන්න ඉඩ හදලා දෙන්න” – දිමුත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් වෙනත් රටවල විස්සයි විස්ස ලීග් තරගාවලි ක්‍රීඩා….
කුසල් සහ අවිශ්ක අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව පැවතියේ ලකුණු 24ක් දක්වා පමණි. නැවත වරක් ක්‍රියාත්මක වූයේ ජස්ප්‍රිට් බුම්රා සහ මහේන්ද්‍ර සිං දෝනි ය. කුසල් ජනිත් පෙරේරා ඒ වෙද්දී පන්දු 14කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 40ක් ලෙසිනි.
එම දැවී යෑමත් සමඟින් මොරටු පුත්‍රයන් වන අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් පිටියේ එක් වූව ද ඔවුන්ගේ සබඳතාව ලකුණු 14කට සීමා විය. එවර අසාර්ථක වූයේ කුසල් මෙන්ඩිස් ය. ඔහු ලකුණු 3කට දැවී ගියේ රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවකට මහේන්ද්‍ර සිං දෝනිගේ ස්ටම්ප් කිරීමකට ගොදුරු වෙමිනි. ඒ වෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 53කි.
නවක පිතිකරු ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් පැමිණි විගසම හර්දික් පාන්ඩ්‍යාගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ මෙන්ඩිස් දැවී ගොස් යැවුණ 6 වැනි පන්දුවේ දී ය. අවිශ්කට අද ලබා ගත හැකි වූයේ පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20කි. ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 55කි.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
ශ්‍රී ලංකා ඉනිමේ සැනසුම් ලකුණු සබඳතාව ගොඩනැගුණේ ඉන් අනතුරුවය. ඒ ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු තිරිමාන්න අතර ය. ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 157ක් වැය කරමින් ලකුණු 124ක සබඳතාවක් එක් කළහ.
ලහිරු තිරිමාන්න තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ 21 වැනි අර්ධ ශතකය රැස් කරමින් අද ලකුණු 53ක් ලබා ගත්තේය. ඔහුගේ එම ඉනිමට පන්දු 68ක් වැය වූ අතර හතරේ පහර 4ක් ද ඒ අතර විය. කුල්දිප් යාදව්ගේ පන්දුවකට රවින්ද්‍ර ජඩේජා වෙතට උඩ පන්දුවක් දෙමින් තිරිමාන්න තම ඉනිම අවසන් කර ගනිද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 179ක් විය.
අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා සම එක්වෙමින් ශ්‍රී ලංකා ඉනිමට ගෞරවනීය ලකුණු පුවරුවක් ගොඩ නැගූහ. ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 74ක් ලබා ගත්හ. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 253 විය. ඉන් අනතුරුව තිසර පෙරේරා (2) ද ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 7ක් එක් වෙද්දී දැවී ගියේය.
ඉනිම අවසන් වන විට ධනංජය ද සිල්වා පන්දු 36කට මුහුණ දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා සිට අතර ඉසුරු උදාන ලකුණක් ලබා සිටියේ ය.
කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යැවූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත්තේය. ඊට අමතරව බුවනේශ්වර් කුමාර්, හර්දික් පාන්ඩ්‍යා, රවින්ද්‍ර ජඩේජා සහ කුල්දිප් යාදව් කඩුල්ල බැගින් දවා ගත්හ.
අද තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුව ඇති අතර ඒ ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවෙන් තිසර පෙරේරා කැඳවීමයි. ඉන්දීය කණ්ඩායම පෙර තරගය ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සහිතව පිටියට පිවිසුණි. ඒ මොහොමඩ් සාමි සහ යුස්වේන්ද්‍ර චාහල් වෙනුවට රවින්ද්‍ර ජඩේජා සහ කුල්දීප් යාදව් එක් කරමිනි.
දිමුත් දක්ෂ නායකයෙක් වේවි – හතුරුසිංහ
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය ආරම්භ වීමට තවත්….
පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිස එසවීමට ඉඩ නොදෙමින් ඉන්දීය ක්‍රීඩකයෝ තම ඉනිම ගොඩ නැගූහ. ඔවුන්ගේ පළමු කඩුල්ලේම සම්බන්ධතාව ලකුණු 189කි. එහි දී රොහිත් ශර්මා මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි ශතකය වාර්තා කිරීම කැපී පෙණුනි.
ඔහු මේ වෙද්දී තරග 9කට සහභාගී වී ලකුණු 647ක් ලබා ගනිමින් 12 වැනි ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්ව සිටී. එමෙන් ම තරගාවලියේ වැඩිම ශතකලාභියා වන්නේ ද ශර්මා ය.
අද තරගයේ දී තම ජාත්‍යන්තර එක්දින තරගවල 27 වැනි ශතකය වාර්තා කළ ශර්මා පන්දු 94ක දී හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 103ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව විනාශ කිරීමේ පළමු ඉන්දීය පිතිකරුවා විය.
ශර්මා සමඟින් ඉනිම ආරම්භ කළ දකුණත් පිතිකරු ලෝකේශ් රාහුල් තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ හොඳම ඉනිම වාර්තා කරමින් පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තේය. ඔහු මීට පෙර තමන්ගේ හොඳම ඉනිම ලෙසින් සුරක්ෂිත කරගෙන සිටියේ 2016 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 100යි.
තරගය නිමා වන විට නායක විරාත් කෝලි පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියේය. පන්දු යැවීමේ දී ලසිත් මාලිංග, කසුන් රාජිත සහ ඉසුරු උදාන කඩුල්ල බැගින් ලබා ගත්හ.
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | c MS Dhoni b Jasprit Bumrah | 10 | 17 | 2 | 0 | 58.82 |
Kusal Perera | c MS Dhoni b Jasprit Bumrah | 18 | 14 | 3 | 0 | 128.57 |
Avishka Fernando | c MS Dhoni b Hardik Pandya | 20 | 21 | 4 | 0 | 95.24 |
Kusal Mendis | st MS Dhoni b Ravindra Jadeja | 3 | 13 | 0 | 0 | 23.08 |
Angelo Mathews | c Rohit Sharma b Jasprit Bumrah | 113 | 128 | 10 | 2 | 88.28 |
Lahiru Thirimanne | c Ravindra Jadeja b Kuldeep Yadav | 53 | 68 | 4 | 0 | 77.94 |
Dhananjaya de Silva | not out | 29 | 36 | 1 | 0 | 80.56 |
Thisara Perera | c Hardik Pandya b Bhuvneshwar Kumar | 2 | 3 | 0 | 0 | 66.67 |
Isuru Udana | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 15 (b 4 , lb 2 , nb 1, w 8, pen 0) |
Total | 264/7 (50 Overs, RR: 5.28) |
Fall of Wickets | 1-17 (3.4) Dimuth Karunaratne, 2-40 (7.1) Kusal Perera, 3-53 (10.4) Kusal Mendis, 4-55 (11.4) Avishka Fernando, 5-179 (37.5) Lahiru Thirimanne, 6-253 (48.2) Angelo Mathews, 7-260 (49.2) Thisara Perera, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Bhuvneshwar Kumar | 10 | 0 | 73 | 1 | 7.30 | |
Jasprit Bumrah | 10 | 2 | 37 | 3 | 3.70 | |
Hardik Pandya | 10 | 0 | 50 | 1 | 5.00 | |
Ravindra Jadeja | 10 | 0 | 40 | 1 | 4.00 | |
Kuldeep Yadav | 10 | 0 | 58 | 1 | 5.80 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
KL Rahul | c Kusal Perera b Lasith Malinga | 111 | 118 | 11 | 1 | 94.07 |
Rohit Sharma | c Angelo Mathews b Kasun Rajitha | 103 | 94 | 14 | 2 | 109.57 |
Virat Kohli | not out | 34 | 41 | 3 | 0 | 82.93 |
Rishab Pant | lbw b Isuru Udana | 4 | 4 | 1 | 0 | 100.00 |
Hardik Pandya | not out | 7 | 4 | 1 | 0 | 175.00 |
Extras | 6 (b 0 , lb 1 , nb 0, w 5, pen 0) |
Total | 265/3 (43.3 Overs, RR: 6.09) |
Fall of Wickets | 1-189 (30.1) Rohit Sharma, 2-244 (40.6) KL Rahul, 3-253 (41.6) Rishab Pant, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lasith Malinga | 10 | 1 | 82 | 1 | 8.20 | |
Kasun Rajitha | 8 | 0 | 47 | 1 | 5.88 | |
Isuru Udana | 9.3 | 0 | 50 | 1 | 5.38 | |
Thisara Perera | 10 | 0 | 34 | 0 | 3.40 | |
Dhananjaya de Silva | 6 | 0 | 51 | 0 | 8.50 |