Home Sinhala නොකඩවා තරග 13ක් ජය ගත් ශ්‍රී ලංකාව ආසියාවෙන්ම එකට

නොකඩවා තරග 13ක් ජය ගත් ශ්‍රී ලංකාව ආසියාවෙන්ම එකට

1564

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද (9) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

එම තරගයෙන් ලකුණු 21ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව නොකඩවා තරග 13ක් ජය ගනිමින් සිය ජයග්‍රාහී ගමන තවදුරටත් රඳවා ගැනීමට සමත් වුනා.

>>Photos – Sri Lanka vs Bangladesh – Super Four | Asia Cup 2023<<

ඒ අනුව නොකඩවා තරග 13ක් ජය ගත් ලොව දෙවැනි (පළමු තැන ඕස්ට්‍රේලියාවට) සහ එකම ආසියානු කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වුනේ නොකඩවා ඉනිමa 13ක දී සිය ප්‍රතිවාදීන්ගේ කඩුලු සියල්ල ද දවා ගනිමිනුයි.

අද කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක Shakib Al Hasan පළමුව පන්දු රැකීමට තීරණය කළා. ශ්‍රී ලංකාව ඔවුන් සහභාගී වූ අවසන් තරගය ජයග්‍රාහණය කළ කණ්ඩායම සමඟින් මේ තරගයට අවතීර්ණ වෙද්දී, බංග්ලාදේශය Afif Hossain වෙනුවට වමතින් දඟපන්දු යවන Nasum Ahmed සමඟින් මේ තීරණාත්මක තරගයට අවතීර්ණ වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Dunith Wellalage, Maheesh Theekshana, Kasun Rajitha, Matheesha Pathirana

බංග්ලාදේශය – Mohammad Naim, Mehidy Hasan Miraz, Litton Das, Shakib Al Hasan (c), Towhid Hridoy, Mushfiqur Rahim(w), Shamim Hossain, Taskin Ahmed, Shoriful Islam, Hasan Mahmud, Nasum Ahmed

බංග්ලාදේශ ආරාධනය ඇතිව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු සදීර සමරවික්‍රම පන්දු 72ක් තුල අගනා ලකුණු 92ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින්. එසේම ඔහුගේ හොඳම එක්දින ඉනිම ද මෙයයි. ඊට අමතරව කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූවා.

කරුණාරත්න සමඟ පිටියට අවතීර්ණ වුනු නිස්සංකගේ පළමු කඩුල්ලේ සබඳතාවය දිගු සබඳතාවයක් දක්වා රැගෙන යන්නට අවස්ථාවක් නොලැබුණේ කරුණාරත්නගේ දැවී යාම නිසයි.

ශ්‍රී ලංකාව පළමු පන්දුවාර 10 තුල කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබා ගත් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් නිස්සංක සමඟ පිටියේ එක්වූ මෙන්ඩිස් පන්දු 107ක් තුල ලකුණු 74ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන සෙමින් සීරුවේ තවදුරටත් ස්ථාවර කළා.

සිය එක්දින ක්‍රිකට් දිවියේ 25 වැනි අර්ධ ශතකය ලබා ගත් මෙන්ඩිස් නොකඩවා අර්ධ ශතක දෙකක් ලබා ගනිමින් සිය පිතිකරණ රිද්මය තවදුරටත් ඉහළින් තබා ගැනීමට සමත් වුනු අතර පන්දු 74ක් තුල 4 පහර 6ක් සහ 6 පහරක් එල්ල කරමින් මෙන්ඩිස් ලකුණු 50කට දැවී ගියා.

ලකුණු 117කට කඩුලු 3ක් ලෙස සටහන් වුනු ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නැවතත් යම් මට්ටමකට ඉස්මතු වීම නිසා ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු 3ක් ලකුණු 56ක් තුල දවා ගන්නට Hasan Mahmud සහ Taskin Ahmed සමත් වීමත් සමඟම ශ්‍රී ලංකා ලකුණු සටහන තරමක් මන්දගාමී වුනා.

අනතුරුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් නායක ශානක සමඟ එක්වුණු සදීර පන්දු 57ක් තුල අගනා ලකුණු 60ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා දළ ලකුණු ලබා ගැනීමේ වේගය ද ඉහල දැමුවා.

ශානක ලකුණු 24කට දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා බලාපොරොත්තු තරමක් පසුපසට තල්ලු වුනු නමුත් සදීර එක් අන්තයකින් සිය ප්‍රහාරය තරමක් වැඩි කරමින් පන්දු 72ක් තුල අගනා ලකුණු 92ක් ලබාගෙන සිය එක්දින ක්‍රිකට් දිවියේ 5 වැනි අර්ධ ශතකය ලබා ගත්තා. ඔහුගේ මනරම් ඉනිම 4 පහර 8කින් සහ 6 පහර 2කින් වර්ණවත් වුනා.

පන්දු යැවීමේ දී Hasan Mahmud සහ Taskin Ahmed කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

පළමු තරගය පරාජයට පත්ව සිටීම නිසා පීඩනයෙන් සිටි බංග්ලාදේශ කණ්ඩායමට මේ තරගය ජය ගැනීම ඉතාමත් වැදගත් වුනා.

Mehidy Hasan Miraz සහ Mohammad Naim එක්ව ගොඩනැංවූ අර්ධ ශතක සබඳතාවය බිඳ වැටීමෙන් අනතුරුව බංග්ලාදේශ කඩුලු 3ක් ලකුණු 28ක් තුල දවා ගන්නට දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණ සමත් වුනා.

කඩුල්ල තරමක් දඟපන්දු යවන්නන්ට වැඩි වශයෙන් සහයක් ලබා දීම නිසා පිතිකරණයට එතරම්ම පහසු වුනේ නැහැ. එවැනි අවස්ථාවක Towhid Hridoy සහ Mushfiqur Rahim එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් බංග්ලාදේශ ඉනිම නැවත වරක් ස්ථාවර කළා.

Mushfiqur Rahimගේ තීරණාත්මක කඩුල්ල දවා ගැනීම ශ්‍රී ලංකා සැලසුම බවට පත්ව තිබුණු අතර නායක ශානක සිය උපන් දිනයේ දා සිය සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින් ලකුණු 29ක් ලබාගෙන කඩුල්ලේ ස්ථාවර වීමට වෙර දැරූ Rahimගේ කඩුල්ල දවා ගත්තා.

බංග්ලාදේශ පිතිකරුවන් ඉතාමත් පැහැදිලි සැලසුමක් ඇතිව පාලනය කළ දසුන් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්, අවසන් පන්දුවාර 10 තුල (පන්දුවාර 8කුත් පන්දුවක් තුල) බංග්ලාදේශ කඩුලු 5ක් ලකුණු 59ක් තුල දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

Result


Sri Lanka
257/9 (50)

Bangladesh
236/10 (48.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Shaiful Islam 40 60 5 0 66.67
Dimuth Karunaratne c Mushfiqur Rahim b Hasan Mahmud 18 17 3 0 105.88
Kusal Mendis c Taskin Ahmed b Shaiful Islam 50 73 6 1 68.49
Sadeera Samarawickrama c Afif Hossain b Taskin Ahmed 93 72 8 2 129.17
Charith Asalanka c Shakib Al Hasan b Taskin Ahmed 10 23 1 0 43.48
Dhananjaya de Silva c Mushfiqur Rahim b Hasan Mahmud 6 16 0 0 37.50
Dasun Shanaka b Hasan Mahmud 24 32 1 0 75.00
Dunith Wellalage run out (Hasan Mahmud) 3 3 0 0 100.00
Mahesh Theekshana c Mushfiqur Rahim b Taskin Ahmed 2 3 0 0 66.67
Kasun Rajitha not out 1 1 0 0 100.00


Extras 10 (b 0 , lb 1 , nb 0, w 9, pen 0)
Total 257/9 (50 Overs, RR: 5.14)
Bowling O M R W Econ
Taskin Ahmed 10 0 62 3 6.20
Shaiful Islam 8 0 48 2 6.00
Hasan Mahmud 9 0 57 3 6.33
Shakib Al Hasan (vc) 10 0 44 0 4.40
Nasum Ahmed 10 1 31 0 3.10
Mehidy Hasan Miraz 3 0 14 0 4.67


Batsmen R B 4s 6s SR
Mohammad Naim Sheikh c Kusal Mendis b Dasun Shanaka 21 46 1 0 45.65
Mehidy Hasan Miraz c Dushan Hemantha b Dasun Shanaka 28 29 4 0 96.55
Liton Das c Kusal Mendis b Dunith Wellalage 15 24 1 0 62.50
Shakib Al Hasan c Kusal Mendis b Matheesha Pathirana 3 7 0 0 42.86
Mushfiqur Rahim c Kasun Rajitha b Dasun Shanaka 29 48 0 0 60.42
Towhid Hridoy lbw b Mahesh Theekshana 82 97 7 1 84.54
Shamim Hossain lbw b Mahesh Theekshana 5 10 0 0 50.00
Nasum Ahmed b Matheesha Pathirana 15 15 0 1 100.00
Taskin Ahmed lbw b Mahesh Theekshana 1 3 0 0 33.33
Shaiful Islam b Matheesha Pathirana 7 7 0 0 100.00
Hasan Mahmud not out 10 7 2 0 142.86


Extras 20 (b 0 , lb 8 , nb 4, w 8, pen 0)
Total 236/10 (48.1 Overs, RR: 4.9)
Bowling O M R W Econ
Kasun Rajitha 7 0 29 0 4.14
Mahesh Theekshana 9 0 69 3 7.67
Dasun Shanaka 9 0 28 3 3.11
Matheesha Pathirana 9.1 1 58 3 6.37
Dunith Wellalage 10 1 26 1 2.60
Dhananjaya de Silva 4 0 18 0 4.50



ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 12 වැනිදා ඉන්දියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<