ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු කාණ්ඩයේ තරඟයක් ලෙස අද (20) ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය ඉන්දියාවේ බැංගලෝර් හීදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කරන ලදි.
සුපුරුදු පරිදි ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ශාන් හා දිනේෂ් චන්දිමාල් ගේ සබඳතාවය ලකුණු 20 කට සීමා කරමින් විනිසුරු ලබා දුන් වැරදි තීරණය නිසා තිලකරත්න ඩිල්ශාන් ගේ ඉනිම පන්දු 10කදි, ලකුණු 12 කට සීමා විය. ඉන් පන්දු කිහිපයකට පසු පන්දු 17 කදී ලකුණු 16 ක් ලබා ගත් දිනේෂ් චන්දිමාල් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු විය. අනතුරුව පිටියේ ක්‍රිඩා කරමින් සිටි චාමර කපුගෙදර හා ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ලකුණු පුවරුව 41 ක් ලෙස සටහන් වෙද්දී ලහිරු තිරිමාන්න පන්දු 7 කදී ලකුණු 5 ක් ලබා දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් හා එක් වූ චාමර කපුගෙදරට ද සාර්ථක වීමට හැකිවුයේ නැත. 4 වන කඩුල්ල ලෙස චාමර කපුගෙදර පන්දු 10 කදී ලකුණු 6 ක් ලබා දැවී යන ලදි. අනතුරුව පැමිණි මිලින්ද සිරිවර්ධන ද යළිත් අසාර්ථක විය. ඔහු ලකුණු ලබා ගැනීමටත් පෙර දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 47 කට කඩුළු 5 ක් ලෙස අසීරු තත්ත්වයකට ඇද දමමිනි. අනතුරුව පැමිණි තිසර පෙරේරා හා එක්වූ ඇන්ජලෝ මැතිව්ස් 6 වන කඩුල්ල සඳහා ලකුණු 44 ක් එක් කරමින් සෑහීමකට පත් විය හැකි ලකුණු තත්ත්වයකට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන එන ලදි.
පන්දුවාර 16 ක් නිමා වන විට කඩුළු 6 ක් දැවී ලකුණු 91 ක් ශ්‍රී ලංකා කණ්ඩායම සටහන් කර තිබිණි. 6 වන කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් පන්දු 32 කදී ලකුණු 20 ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට කිසිදු 4,6 පහරක් එල්ල නොවිණි. අනතුරුව පිටියට පිවිසි නුවන් කුලසේකර හා එක්වූ තිසර පෙරේරා ලකුණු 25 ක සබඳතාවක් ගොඩනැගු අතර 7 වන කඩුල්ල ලෙස පන්දු 8 කදී ලකුණු 7 ක් ලබා සිටි නුවන් කුලසේකර දැවී යන ලදි. ලකුණු පුවරුව 121 ක් වන විට පන්දු 3 කදී ලකුණු 3 ක් ලබා සිටි රංගන හේරත් දුවද්දී දැවී යන ලදි. ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරු වූ තිසර පෙරේරා 4 පහරවල් 5 ක් හා එක් 6 පහරක් සමඟින් පන්දු 29 කදී ලකුණු 40 ලබා ගන්නා ලදි. කෙසෙ වෙතත් පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගැනීමට හැකි වූයේ කඩුළු 9 ක් දැවී ලකුණු 122 ක් පමණි.
පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සැමුවෙල් භද්‍රී පන්දුවාර 4 කදී ලකුණු 12 කට කඩුළු 3 ක්ද, ඩුවේන් බ්‍රාවෝ පන්දුවාර 4 කදී ලකුණු 20 කට කඩුළු 2 ක් ද දවා ගන්නා ලදි.
ලකුණු 123 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු යුගල වන ඇන්ඩෘ ෆ්ලෙචර් හා ජොන්සන් චාල්ස් ලකුණු 39 ලකුණු පුවරුවේ සටහන් කර සිටියදී ප්‍රථම කඩුල්ල ලෙස ජොන්සන් චාල්ස්, ජෙෆ්රි වැන්ඩෙස් යැවූ පන්දුවකට දැවී ගියේ ලකුණු 10 ලබා සිටියදීය. අනතුරුව පිටියට පිවිසි මාලන් සැමුවෙල් ලකුණු 3 කට දැවී යන ලදි. දිනේෂ් රාම්ඩින් ද ලකුණු 5 කට දැවී යන ලදි. එවිට ලකුණු පුවරුව ලකුණු 72 කට කඩුළු 3 ක් ලෙස සටහන් විය. මෙම තරඟයේ ද විනිසුරු තීරණ කිහිපයක් ම වැරදි සහගත තීරණ විය. එය ද ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක අසාධාරණයක් විය. අනතුරුව පිටියේ එක්වූ ඇන්ඩෘ ෆ්ලෙචර්ස් හා ඇන්ඩෘ රසල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා සාර්ථකව මෙහෙයවන ලදි. ශ්‍රී ලංකා පන්දු රැකීමද තරමක් දුර්වල විය. ඔවුන් කඩුළු 3 ක් දැවී පන්දුවාර 18 පන්දු 2 කදී ලකුණු 127 ක් ලබා තරඟය කඩුළු 7 කින් ජයග්‍රහණය කරන ලදි. නොදැවී ක්‍රීඩා කල ඇන්ඩෘ ෆ්ලෙචර් පන්දු 64 කදී ලකුණු 84 ක් ගැනීමට 4 පහරවල් 6 ක් හා 6 පහරවල් 5 ක් ද, එයට සහය වූ ඇන්ඩෘ රසල් නොදැවී පන්දු 8 කින් ලකුණු 20 ලබා ගන්නා ලදි.
තරඟයේ වීරයා ලෙස ඇන්ඩෘ ෆ්ලෙචර් සම්මාන දිනා ගන්නා ලදි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරඟය එංගලන්තයට එරෙහිව ලබන සෙනසුරාදා (26) දිල්ලි හිදී පැවැත්විමට නියමිතය.