සංචාරක දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා 19 පහළ සභාපති කණ්ඩායම අතර පෙරේදා (20) MCA පිටියේදී ආරම්භ වූ පුහුණු තරඟය ඊයේ (21) ජය පරාජයෙන් තොරව නිමාවිය.
පසුගිය ලිපි: ශ්‍රී ලංකා 19 පහළ සභාපති කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවෙන් ශතකයක්
තරගයේ දෙවන දිනය අරඹන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට ලකුණු 33 කට කඩුලු 3 ක් දැවී ගොස් තිබිණි.
රාජකීය විද්‍යාල ක්‍රීඩක පසිදු සූරියබණ්ඩාර වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 34 ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. තවද අයන සිරිවර්ධන ලකුණු 28 ක් ලකුණු පුවරුවේ තබන ලදි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් අක්යොනා මියන්කා ලකුණු 15 කට කඩුලු 3 ක් දවාලමින් ශ්‍රී ලංකා යොවුන් පිල අවධානම් පෙදෙසකට ඇද දමන ලදි. පළමු ඉණිමේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක ශතකයක් ලබාගත් වෑන් ටොන්ඩර් දෙවන ඉණිමටද අර්ධ ශතකයක් සමඟ නොදැවී ලකුණු 73* ක් ලබාගනිමින් ඔහුගේ දක්ෂතා යලි යලිත් විදහා දක්වන ලදි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉණිම – 343 -5 dec (73.4) රේනාඩ් වෑන් හර්ඩින් 147, වියාන් මොල්ඩර් 79 අශේන් වර්ණකුලසූරිය ලකුණු 62 කට කඩුලු 2
ශ්‍රී ලංකා 19 න් පහළ සභාපති කණ්ඩායම පළමු ඉණිම – 149 -10 (56.1) පසිදු සූරියබණ්ඩාර 34, අයන සිරිවර්ධන, 28 අක්යොනා මියන්කා 3/15 ඩැනියල් මොරාටි 2/17
දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ඉණිම – 214-4 (46) රේනාඩ් වෑන් හර්ඩින් 73*, ජේස් ක්‍රිස්ටින් 57, අයන සිරිවර්ධන 4/77
පළමු තරුණ ටෙස්ට් තරඟය ජුනි 23 වනදා පී.සරා ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.