ශ්‍රී ලංකා තරුණ මැදපෙළත් දුර්වලයි

515
Sri Lanka v South africa u19 cricket 1st ODI day 2

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ පළමු යොවුන් ටෙස්ට් තරඟය ඊයේ  (23) පී. සාරා. ඕවල් පිටියේදී ඇරඹිනි. අද (24) එම තරගයේ දෙවන දිනය ක්‍රියාත්මක විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බලය පතුරුවයි

දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 108 ක් ලබා සිටින ලදි . ශ්‍රී ලංකා කණ්ඩායම ‍ගොඩ නගාගෙන තිබූ ස්ථාවරය මැදපෙළ පිතිකරණයට පවත්වාගෙන යාමට නොහැකි විය. අනුව දිගින් දිගටම කඩුලු දැවී ගිය අතර දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් දක්ෂ ලෙස ක්‍රීඩා කරන ලදි. ශ්‍රී ලංකා ඉණිම ද දකුණු අප්‍රිකානු ඉණිම මෙන් ලකුණු 10 සීමාව පසුකර ලකුණු ලබාගැනීමට සමත් වූයේ ක්‍රීඩකයින් 3 දෙනෙකු පමණි. ශ්‍රී ලංකා ඉණිම දහවල් 1.00 පමණ වන විට නිමා විය. අවසන් කඩුලු 8 ලකුණු 43 ක් ඇතුළත දවාලීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය. විශ්ව චතුරංග 4 පහරවල් 12 ක් සමඟ ලකුණු 81 ක් ලබාගත් අතර සම්මු අශාන් 4 පහරවල් 6 ක් සමඟ ලකුණු 43 ක් ලබාගෙන සිටින විට දුවද්දී දැවී යාමකට හසුවිය. නායක වියාන් මුල්ඩර් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

දකුණු අප්‍රිකානු පළමු ඉණිම – 206-10 (56.1) රිකාඩෝ වැස්කොනලස් 78, රේනාඩ් වෑන් ටොන්ඩර් 41, වියාන් මුල්ඩර් 41, තිසරු දිල්ශාන් 3/62, ප්‍රවීන් ජයවික්‍රම 2/41, තිලාන් ප්‍රසාන් 2/31

ශ්‍රී ලංකා පළමු ඉණිම – 180-10 (64.5) විශ්ව චතුරංග 81, සම්මු අශාන් 43, තිලිණ ප්‍රසාන් 14 , වියාන් මුල්ඩර් 5/52, ජඩ් ඩී ක්ලාක් 3/18

ලකුණු 26 වාසියක් ද සමඟ තම දෙවන ඉණිම ආරම්භ කල දකුණු අප්‍රිකානු කණ්ඩායම සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් නොවීය. ලකුණු 5 කට කඩුලු 2 ක් ලෙස මුල් කඩුලු 2 කම ඉක්මනින්ම දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. එසේ වුවද ජොශුවා වෑන් හර්ඩින් 4 පහරවල් 8 ක් සමඟ ලකුණු 59 ක් නොදැවී ලබාගැනීමට සමත් විය. ඔහුට සහය වෙමින් ජෙරම් බූසර් 4 පහරවල් 5 ක් සමඟ ලකුණු 46 ක් දිනය නිමාවන වට  නොදැවී ලබාගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකානු දෙවන ඉණිම (2වන දිනය නිමා වනවිට) – 119-2 (55) ජොශුවා වෑන් හර්ඩින් 59, ජෙරම් බූසර් 46, තිලිණ ප්‍රසාන් 1/13, තිසරු ඩිල්ශාන් 1/28

දෙවන දිනය නිමාවන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 145 ක් ඉදිරියෙන් සිටියි.හෙට (25) තරගයේ අවසන් දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

SLvsSA_U19_Day02_Highlights.mp4
0 seconds of 1 minute, 49 secondsVolume 90%
Press shift question mark to access a list of keyboard shortcuts
00:00
01:49
01:49