තුන් ඉරියව්වෙන්ම සිදු වූ බරපතළ අතපසුවීම්වල අවසන් ප්‍රතිඵලය වශයෙන් සංචාරක ඉන්දියානු කණ්ඩායම හමුවේ ලකුණු 304ක දැවැන්ත පරාජයකට තම මව්බිමේ දී ම මුහුණ දීමට අද (29) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹුණු තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මුල්ම තරගයට මුහුණ දෙමිනි.
දිල්රුවන්ට ශතකය අහිමි කරමින් ඉන්දියානුවන් පෙරමුණට
ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දින 3ක් ගෙවී යන විට ප්‍රබල තරග රටාවක නිරත වෙමින් සිටින සංචාරක…
කාසියේ වාසිය දිනාගත් ඉන්දියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 600ක් රැස් කර ගත් අතර එහි දී ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සහ චෙටෙස්වර් පුජාරා ශතක රැස්කර ගනිමින් තම කණ්ඩායමට දැවැන්ත සවියක් බවට පත්විය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට ලබාගත හැකි වූයේ ලකුණු 291ක් පමණි. ප්‍රථම ඉනිමේ ලකුණු 309ක ඉදිරියක් සමඟින් තම දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දියානු කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 189ක් ලබාගෙන ජයග්‍රහණය සඳහා අවශ්‍ය සාධක එකින් එක සපුරා ගනිමින් සිටියහ.
පසුගිය ටෙස්ට් තරග කිහිපයේ දී ම පිත්තෙන් අසාර්ථක වී සිටි විරාත් කෝලි දෙවැනි ඉනිමේ දී නවක ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගනිමින් නොදැවී ලකුණු 103ක් වාර්තා කර ගත්තේය. කෝලිගේ ටෙස්ට් දිවියේ 17 වැනි ශතකය ලෙස සටහන් වූ මෙම අනර්ඝ ඉනිම හතරේ පහර 5කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය. නවක පිතිකරු අභිනව් මුකුන්ද් ලකුණු 81යි. ඒ අනුව අද උදෑසනම ශ්‍රී ලංකා ඉනිමට වඩා ලකුණු 549ක් ඉදිරියෙන් පසුවෙද්දී ඉනිම අත්හිටුවා කඩුලු දඩයම ආරම්භ කිරීමට ඉන්දියානුවන් තීරණයකට පැමිණියහ.
එහි දී තරගය බේරා ගැනීමට නම් දින එකහමාරක පමණ කාලයක් පිටියේ රැඳී සිටීමේ වගකීම කර පින්නාගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් පළමු කඩුල්ල වෙනුවෙන් එක්වූයේ ලකුණු 22ක් පමණි. එහිදී ප්‍රථම ඉනිමේ අර්ධ ශතකයක් රැස් කරගත් උපුල් තරංග මෙවර ලකුණු 10ක් ලබා සිටිය දී ඉන්දියානුවන්ගේ පළමු බිල්ල බවට පත්වීම සමස්ත කණ්ඩායමටම දැවැන්ත පාඩුවක් බවට පත්විය. ඊට සුළු වේලාවකට පසුව නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ගේ හිස්තැන පිරවීම සඳහා කණ්ඩායමට එක්වුණු ධනුෂ්ක ගුණතිලක ද ලකුණු 2කට ක්‍රීඩාගාරයට පියවර මැන්නේ තත්වය තවදුරටත් නරක අතට හරවමිනි.
ලකුණු 29කට කඩුලු 2ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 79ක සබඳතාවයක් එක් කරන්නට දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් යන පිතිකරුවන් දෙදෙනා සමත් වූහ. මොවුන් දෙදෙනාම ප්‍රථම ඉනිමේ දී ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් තිබූ ක්‍රීඩකයින් දෙදෙනෙකි. කෙසේ වෙතත් දඟ පන්දු යවන්නන් තරගයේ පාලනය අතට ගැනීමත් සමඟම ලකුණු 36ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්ව දවා ගැනීමට රවින්ද්‍ර ජඩේජා සමත් වූ අතර ඒ වෙනුවෙන් විනිසුරු තීරණයට අභියෝග කිරීමට ද ඉන්දියානු කණ්ඩායමට සිදු විය. එහි දී පැහැදිලි වූයේ පන්දුව කුසල්ගේ පිත්තේ යන්තමින් ස්පර්ශ වෙමින් කඩුලු රකින්නා අතට ඇදී යන බවයි. කෙසේ වෙතත් මෙම ස්පර්ශය කුසල්ට පවා නොදැනුණු ඉතා සියුම් ගැටීමක් බවට ඔහුගේ ඉරියව් සාක්ෂි දැරීය.
ඉන් අනතුරුව පිටියට පිවිසි ටෙස්ට් පිටියේ දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ හැකියාව සහිත හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවා අද ලකුණු 2ක් ලබා සිටිය දී ආපසු හැරී ගියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂක බලාපොරොත්තු සියල්ල සුන්කර දමමිනි. හාර්දික් පාණ්ඩ්‍යා අතට පහසු උඩපන්දුවක් ලබා දෙමින් ඔහු ඉතාමත් අපරීක්ෂාකාරී ලෙස දැවී ගිය අයුරු තම කණ්ඩායමට දරුණු පරාජයක් කරා ගෙන යාමට පාර කැපීය. මේ සියල්ල මැද ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් එකම සාර්ථක ඉනිම ගොඩනැගූ දිමුත් කරුණාරත්න අද ලකුණු 97ක් වාර්තා කර ගත්තේය. ඒ හතරේ පහර 9ක් සමඟිනි.
දිමුත්ගේ මෙම ස්ථාවර ඉනිම නිසා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නැගීමට ද ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය. එහි දී ඔහුගේ පිතිකරණ සඟයා බවට පත්වූයේ ලකුණු 67ක් රැස් කර ගත් නිරෝෂන් දික්වැල්ලයි. අශ්වින්ගේ පන්දුවක් හමුවේ ව්‍රිදිමන් සහා අතට උඩපන්දුවක් ලබා දී දැවී යන විට දික්වැල්ල ඉතාමත් ආකර්ෂණීය හතරේ පහර 10ක් එල්ල කොට තිබුණි. කෙසේ වෙතත් කලකට පසු සාර්ථක ඉනිමක් ඉනිමක් ගොඩනැගූ දිමුත්ට තම 6 වැනි ශතකය ලබා ගැනීමට ඉඩ නොදුන් රවිචන්ද්‍රන් අශ්වින් ඔහුගේ කඩුල්ල බිඳ දැමීමත් සමඟ ඉන්දියානුවන්ගේ ජය මඟ විවර විය.
ඒ අනුව අද දිනය නිමා වීමට හෝරාවක් පමණ ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා පිළ ලකුණු 240කට සීමා කළ ඉන්දියානු කණ්ඩායම ලකුණු 304ක ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ දී සිය පළමු අභියෝගය ඉතාමත් සාර්ථක අන්දමින් සම්පූර්ණ කර ගත්හ. පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. එසේම මෙම ජයග්‍රහණය ඉන්දියානු කණ්ඩායමක් මව්බිමෙන් පිටත දී ලැබූ දැවැන්තම ටෙස්ට් ජයග්‍රහණය ලෙසින් ද වාර්තා පොත් අතරට එක්විය. එම වාර්තාගත තරගයේ, වීරයා ලෙස සම්මානය හිමි වූයේ විශිෂ්ට ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ප්‍රථම ප්‍රහාරය එල්ල කළ ශිකර් ධවාන්ටයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී ක්‍රීඩාවේ යෙදුණු ආකාරය බැලූ විට ඔවුන් ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමට සුදුසු තත්ත්වයක නොසිටි බව පැහැදිලිවම නිරූපණය විය. එබැවින් අගෝස්තු මස 3 වැනිදා කොළඹ SSC පිටියේ දී ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී හෝ මෙම අතපසුවීම් මඟහරවා ගැනීම අතිශයින්ම වැදගත් වනු ඇත. ඒ සඳහා දින 4ක පමණ කාලයක් ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත. කෙසේ වෙතත් ඉදිරි තරගවල දී ද මේ අයුරින්ම තරගයකින් තොරවම ශ්‍රී ලංකා පිළ දරුණු පරාජයන් හිමිකර ගතහොත් ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තවදුරටත් ඈත්වීම වළක්වාගත නොහැකි වනු ඇත.
ඉන්දීය ප්‍රථම ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 600 (පන්දුවාර 133.1): ශිකර් ධවාන් 190, චෙටෙස්වර් පුජාරා 153, අජින්ක්‍යා රහානේ 57, හාර්දික් පාණ්ඩ්‍යා 50, රවිචන්ද්‍රන් අශ්වින් 47, මොහොමඩ් ශමි 30, නුවන් ප්‍රදීප් 6/132, ලහිරු කුමාර 3/131.
ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 291 (පන්දුවාර 78.3): දිල්රුවන් පෙරේරා 92, ඇන්ජෙලෝ මැතිව්ස් 83, උපුල් තරංග 64, ධනුෂ්ක ගුණතිලක 16, රවින්ද්‍ර ජඩේජා 3/67, මොහොමඩ් ශමී 2/45, හාර්දික් පාණ්ඩ්‍යා 1/13.
ඉන්දීය දෙවන ඉනිම – කඩුලු 3ක් දැවී ලකුණු 240 (පන්දුවාර 53): විරාත් කෝලි 103*, අභිනව් මුකුන්ද් 81, අජින්ක්‍යා රහානේ 23, චෙටෙස්වර් පුජාරා 15, ධනුෂ්ක ගුණතිලක 1/16, ලහිරු කුමාර 1/59.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 245 (පන්දුවාර 76.5): දිමුත් කරුණාරත්න 97, නිරෝෂන් දික්වැල්ල 67, කුසල් මෙන්ඩිස් 36, දිල්රුවන් පෙරේරා 21*, රවිචන්ද්‍රන් අශ්වින් 3/63, රවින්ද්‍ර ජඩේජා 3/71.
India - Batting | Toss: India | |
---|---|---|
Shikhar Dhawan | c Mathews b Pradeep | 190 (168) |
Abhinav Mukund | c Dickwella b Pradeep | 12 (26) |
Chesteshwar Pujara | c Dickwella b Pradeep | 153 (265) |
Virat Kohli | c Dickwella b Pradeep | 3 (8) |
Ajinkya Rahane | c Karunarathne b Kumara | 57 (130) |
Ravinchandran Ashwin | c Dickwella b Pradeep | 47 (60) |
Wriddhiman Saha | c Perera b Herath | 16 (32) |
Hardik Pandya | c De Silva (Sub) b Kumara | 50 (49) |
Ravindra Jadeja | b Pradeep | 15 (24) |
Mohammed Shami | c Tharanga b Kumara | 30 (30 |
Umesh Yadav | Not Out | 11 (10) |
Total | Extras (16) | 600 (133.1 overs) |
Sri Lanka - Bowling | O | M | R | W |
---|---|---|---|---|
Nuwan Pradeep | 31 | 2 | 132 | 6 |
Lahiru Kumara | 25.1 | 3 | 131 | 3 |
Dilruwan Perera | 30 | 1 | 130 | 0 |
Rangana Herath | 40 | 6 | 159 | 1 |
Danushka Gunathilaka | 7 | 0 | 43 | 0 |
Sri Lanka - Batting | Toss: India | |
---|---|---|
Dimuth Karunarathne | LBW b Yadav | 2 (9) |
Upul Tharanga | Run Out | 64 (93) |
Danushka Gunathilaka | c Dhawan b Shami | 16 (37) |
Kusal Mendis | c Dhawan b Shami | 0 (4) |
Angelo Mathews | c Kohli b Jadeja | 83 (130) |
Niroshan Dickwella | c Mukund b Ashwin | 8 (15) |
Dilruwan Perera | Not Out | 92 (132) |
Rangana Herath | c Rahane b Jadeja | 9 (13) |
Nuwan Pradeep | b Pandya | 10 (26) |
Lahiru Kumara | b Jadeja | 2 (12) |
Asela Gunaratne | DNB | |
Total | Extras (5) | 291 (78.3 overs) |
India - Bowling | O | M | R | W |
---|---|---|---|---|
Mohammed Shami | 12 | 2 | 45 | 2 |
Umesh Yadav | 14 | 1 | 78 | 1 |
Ravichandran Ashwin | 27 | 5 | 84 | 1 |
Ravindra Jadeja | 22.3 | 3 | 67 | 3 |
Hardik Pandya | 3 | 0 | 13 | 1 |
India - Batting | Toss: India | |
---|---|---|
Shikhar Dhawan | c Gunathilaka b Perera | 14 (14) |
Abhinav Mukund | LBW b Gunathilaka | 81 (116) |
Chesteshwar Pujara | c Mendis b Kumara | 15 (35) |
Virat Kohli | Not Out | 103 (136) |
Ajinkya Rahane | Not Out | 23 (18) |
Ravinchandran Ashwin | ||
Wriddhiman Saha | ||
Hardik Pandya | ||
Ravindra Jadeja | ||
Mohammed Shami | ||
Umesh Yadav | ||
Total | Extras (4) | 240/3 (53 overs) |
Sri Lanka - Bowling | O | M | R | W |
---|---|---|---|---|
Nuwan Pradeep | 12 | 2 | 63 | 0 |
Dilruwan Perera | 15 | 0 | 67 | 1 |
Lahiru Kumara | 12 | 1 | 59 | 1 |
Rangana Herath | 9 | 0 | 34 | 0 |
Danushka Gunathilaka | 5 | 0 | 16 | 1 |
Sri Lanka - Batting | Toss: India | |
---|---|---|
Dimuth Karunarathne | b Ashwin | 97 (208) |
Upul Tharanga | b Shami | 10 (10) |
Danushka Gunathilaka | c Pujara b Yadav | 2 (8) |
Kusal Mendis | c Saha b Jadeja | 36 (71) |
Angelo Mathews | c Pandya b Jadeja | 2 (10 |
Niroshan Dickwella | c Saha b Ashwin | 67 (94) |
Dilruwan Perera | Not Out | 21 (50) |
Nuwan Pradeep | c Kohli b Ashwin | 0 (2) |
Lahiru Kumara | c Shami b Jadeja | 0 (8) |
Rangana Herath | Did Not Bat | |
Asela Gunaratne | Did Not Bat | |
Total | Extras (10) | 245 (76.5 overs) |
India - Bowling | O | M | R | W |
---|---|---|---|---|
Mohammed Shami | 9 | 0 | 43 | 1 |
Umesh Yadav | 9 | 0 | 42 | 1 |
Ravindra Jadeja | 24.5 | 4 | 71 | 3 |
Ravichandra Ashwin | 27 | 4 | 65 | 3 |
Hardik Pandya | 7 | 0 | 21 | 0 |