තරඟය සමවෙමින් අවසන් පන්දුවේදී ක්‍රිකට් ජයගනී

386
CRICKET-ENG-SRI-ODI
ශ්‍රී ලංකා ක්‍රීඩක ෆර්වීස් මහරුෆ් සිය කණ්ඩායම් ක්‍රීඩකයින් සමඟ ඩෙවිඩ් විලි දවා ගත් අවස්ථාව සමරමින් - 2016 ශ්‍රී ලංකා - එංගලන්ත ප්‍ර‍ථම ODI තරගාවලිය ©AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ඊයේ  (21) ආරම්භ වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය නොටින්හැම් හිදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම  සාර්ථක ආරම්භයක් ගොඩනැංවීමට සමත් විය. නමුත් ලකුණු 56 කට කඩුලු 3 ක් දැවී තිබෙන විට, මැද පෙල සවිමත් කරමින් දිනේෂ් චන්දිමාල් හා නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64 සබඳතාවයක් ගොඩනැංවීමට  සමත් විය. මැතිව්ස් 4 පහරවල් 5 ක් සමඟ ලකුණු 73 රැස් කරන ලදි. වේගවත් පිතිකරණයක නිරත වූ සීකුගේ ප්‍රසන්න පන්දු 28 කදී ලකුණු 59 ක් ලබාගැනීමට සමත් විය.  එයට 4 පහරවල් 8 ක් හා 6 පහරවල් 4 ඇතුළත් විය. මැතිව්ස් හා ප්‍රසන්න ලකුණු 68 සබඳතාවයක් 5 වන කඩුල්ල සදහා ගොඩනැංවීමට සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 286 ක් ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: කුසල් සහ ධනුශ්කගෙන් සාර්ථක අාරම්භයක්

ශ්‍රී ලංකා කණ්ඩායම – 286-9 (50) ඇන්ජලෝ මැතිව්ස් 73, සීකුගේ ප්‍රසන්න 59, දිනේෂ් චන්දිමාල් 37, ෆර්විස් මහරූෆ් 31*, ක්‍රිස් වෝක්ස් 2/56, ඩේවිඩ් විලී 2/56, ලෙයිම් පලන්කට් 2/67

අනතුරුව ලකුණු 287 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 30 කට දවාලීමට මැතිව්ස් හා සුරංග  ලක්මාල් සමත් විය. මැද පෙල තරමක් හෝ සවිමත් කල ඉයන් මෝගන් 4 පහරවල් 7 ක් සමඟ ලකුණු 43 ක් ලබාගැනීමට සමත් විය.

අනතුරුව ලකුණු පුවරුව ලකුණු 82 කට කඩුලු 6 ක් දැවී තිබූ විට පිටියේ එක්වූ ජෝස් බට්ලර් හා ක්‍රිස් වෝක්ස් 7 වන කඩුල්ලට ලකුණු 138 දැවැන්ත සබඳතාවයක් එක් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රාහී තරඟය වෙනතකට යොමු කිරීමට සමත් විය. බට්ලර් 4 පහරවල් 6 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 93 ක් ලබාගන්නා ලදි. කෙසේ වෙතත් තරඟය උණුසුම් කරමින් අවසන් පන්දුවාරයට ලකුණු 14 ක් ලබාගැනීමට එංගලන්තයට නියමිතව තිබිණි .

නමුත් කඩුල්ලේ සිටියේ වෝක්ස් හා පන්දු යවන ක්‍රීඩක ලෙයිම් පලන්කට් ය. අවසන් පන්දුවට පෙර පන්දුව ලකුණු 2 ක් ලබා පිත්තේ දක්ෂයා වන වෝක්ස් අවසන් පන්දුවට මුහුණ නොදී පලන්කට්ට අවස්ථාව වෝක්ස් ලබා දී අවසන් පන්දුවට ලකුණු 7 අභියෝගයක් ලබාදෙන ලදි. පලන්කට් එම පන්දුවට 6 ක් ගසමින් මේ වසරේ දැනට සමවූ එකම අන්තර් ජාතික ක්‍රිකට් තරඟය හා ඉතිහාසයේ ලකුණු සමවූ 33 වන තරඟය ලෙස නිමාවට පත්කරන ලදි.

මෙහිදී වෝක්ස් විසින් පලන්කට්ට අවසන් පන්දුවට පහරදීමට අවස්ථාව දීම ක්‍රිකට් ජයගත් අවස්ථාවක් ලෙස සැලකීමට හැකිය. එසේ නොවන්නට ප්‍රදීප් අතින් අතිරේක ලකුණක් නොදෙන්නට එක් ලකුණක තියුණු ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට නිසැකව  ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

එංගලන්ත කණ්ඩායම – 286-8 (50) ක්‍රිස් වෝක්ස් 95, ජෝස් බට්ලර් 93, ඉයන් මෝගන් 43, ඇන්ජලෝ මැතිව්ස් 2/22, නුවන් ප්‍රදීප් 2/64, සුරංග ලක්මාල් 2/65

තරඟයේ වීරයා ක්‍රිස් වෝක්ස්

දෙරට අතර දෙවන එක්දින තරඟය ජුනි 24 බ්‍රිමින්හැම් හීදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල් පිටුවට

1st ODI Match Highlights