2024 අන්තර් විශ්වවිද්‍යාලය ක්‍රිකට් ශූරයන් බවට පත් වීමට කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පසුගියදා සමත් වූවා. පසුගිය වසරේ දී ද අවසන් මහා තරගයටඑක් වෙමින් අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදු වූ කොළඹ විශ්වවිද්‍යාලය මෙවර පැවැති අවසන් මහා තරගයේ දී සබරගමු විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට එරෙහි ව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණය සැමරුවා.
තරගාවලිය සඳහා දිවයිනේ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් 16ක් සහභාගී වූවා.
කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් | තරගයේ ප්‍රතිඵලය | |
1 | අග්නිදිග විශ්වවිද්‍යාලය | කොළඹ විශ්වවිද්‍යාලයට කඩුලු 6ක ජයක්. |
2 | රුහුණ විශ්වවිද්‍යාලය | කොළඹ විශ්වවිද්‍යාලයට කඩුලු 9ක ජයක්. |
3 | සබරගමුව විශ්වවිද්‍යාලය | තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවා. |
අර්ධ අවසන් පූර්ව වටය | ||
4 | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | කොළඹ විශ්වවිද්‍යාලයට ලකුණු 189ක ජයක්. |
අවසන් පූර්ව වටය | ||
5 | මොරටුව විශ්වවිද්‍යාලය | කොළඹ විශ්වවිද්‍යාලයට ලකුණු 48ක ජයක්. |
අවසන් මහා තරගය | ||
6 | සබරගමුව විශ්වවිද්‍යාලය | කොළඹ විශ්වවිද්‍යාලයට කඩුලු 3ක ජයක්. |
තරගාවලිය
කාණ්ඩ 4ක් යටතේ පැවැති තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා එක් එක් කාණ්ඩයෙන් කණ්ඩායම් ද්විත්වය බැගින් තෝරා ගත්තා. ඒ අනුව A කාණ්ඩයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය ද, B කාණ්ඩයෙන් කොළඹ විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලය ද, C කාණ්ඩයෙන් මොරටුව විශ්වවිද්‍යාලය සහ කැළණිය විශ්වවිද්‍යාලය ද D කාණ්ඩයෙන් වයඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ද ඊට සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ කෙටි ලකුණු පුවරු
1 වැනි අර්ධ අවසන් පූර්ව තරගය
මොරටුව විශ්වවිද්‍යාලය – සියලුම දෙනා දැවී 258 (50.0)
යාපනය විශ්ව විද්‍යාලය – සියලුම දෙනා දැවී 171 (45.2)
මොරටුව විශ්වවිද්‍යාලයට ලකුණු 87ක ජයක්.
2 වැනි අර්ධ අවසන් පූර්ව තරගය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය – කඩුලු 9ක් දැවී 220 (50.0)
කැළණිය විශ්ව විද්‍යාලය – සියලුම දෙනා දැවී 168 (45.2)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලකුණු 52ක ජයක්.
3 වැනි අර්ධ අවසන් පූර්ව තරගය
සබරගමුව විශ්වවිද්‍යාලය – කඩුලු 8ක් දැවී 200 (50.0)
වයඹ විශ්ව විද්‍යාලය – සියලුම දෙනා දැවී 92 (36.3)
සබරගමුව විශ්වවිද්‍යාලයට ලකුණු 108ක ජයක්.
4 වැනි අර්ධ අවසන් පූර්ව තරගය
කොළඹ විශ්වවිද්‍යාලය – කඩුලු 5ක් දැවී 257 (46.0)
පේරාදෙණිය විශ්ව විද්‍යාලය – සියලුම දෙනා දැවී 68 (29.4)
කොළඹ විශ්වවිද්‍යාලයට ලකුණු 189ක ජයක්.
- වනිඳු Jaffna Titans සමඟ එක් වෙයි
- චමරි තවදුරටත් UP Warriorz සමඟ රැඳෙයි
- කිවි – සිංහ ගැටුමේ පෙරළිකාරයෝ
- යොවුන් පිටියට පෑයු තුන් ඉරියව් තරුව “යෙසිත්”
- Hong Kong Sixers කිරුළ ශ්‍රී ලංකාවට!
එම තරගවල ජයග්‍රාහකයන් අවසන් පූර්ව පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර ඒ අනුව පැවැති අවසන් පූර්ව වටය නිමා වෙන්නේ මේ ආකාරයෙනුයි.
1 වැනි අවසන් පූර්ව තරගය
කොළඹ විශ්වවිද්‍යාලය – සියලුම දෙනා දැවී 199 (48.4)
මොරටුව විශ්වවිද්‍යාලය – කඩුලු 7ක් දැවී 68 (21.4)
කොළඹ විශ්වවිද්‍යාලයට පැරබෝලා ගණනය කිරීම අනුව ලකුණු 48ක ජයක්.
2 වැනි අවසන් පූර්ව තරගය
සබරගමුව විශ්වවිද්‍යාලය – කඩුලු 9ක් දැවී 171 (48.0)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය – සියලුම දෙනා දැවී 146 (36.5)
සබරගමුව විශ්වවිද්‍යාලයට ලකුණු 25ක ජයක්.
අවසන් මහා තරගය
මෙම තරගය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සහ සබරගමුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සුදුසුකම් ලබා ගත් අතර තරගය මොරටුව විශ්වවිද්‍යාලයීය පිටියේ දී පැවැතියා.
සබරගමුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම
තේජාන් ශාක්‍ය, ප්‍රින්ස් ප්‍රනාන්දු, හෂාන් රන්සික, දසුන් ෆොන්සේකා, තිලාන් ප්‍රදීප්ත, චතුන් රණසිංහ, නිපුන් ලක්ෂාන්, සිසිත මදනායක, කවිඳු ප්‍රමෝද්, ඉන්දික උදාන, හසිත පෙරේරා.
අතිරේක – මොහොමඩ් ෆාහීම්, ප්‍රශාන් මයන්ත, රන්දික සඳුන්, සංදීප අකලංක, සසිරි අධිකාරි, ශානුක නිකේශල, සුපුන් රන්දික, සුරාජ් පුෂ්පකුමාර.
කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම
තෙවිඳු අමරසිංහ, පුබුදු බණ්ඩාර, වසන්තන් ජතුශාන්, චාලුක අතපත්තු, හිම්සර රන්දෙණි, කවිඳු පතිරත්න, රුවින් සෙනෙවිරත්න, වින්විනු වීරක්කොඩි, අනිශ්ක ද සොයිසා, දෙවිඳු කැකිරිදෙණිය, සවිත් බස්නායක.
අතිරේක – අමාන් තහා, ඩිශේන් වීරසිංහ, ගිහාන් මධුසර, නන්තකුමාර් අබිප්රියාන්, රන්දිල් රණසිංහ, රන්දුල චමත් සහ විසුර ප්‍රබෝද්.
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සබරගමුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ තිළිණ ප්‍රදීප්ත. ඔහු පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.
ඊට අමතර ව කවිඳු ප්‍රමෝද් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ද සහ සිසිත මදනායක පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී තෙවින් අමරසිංහ, රුවින් සෙනෙවිරත්න, හිම්සර රන්දෙණි සහ දෙවිඳු කැකිරිදෙණිය කඩුලු 2 බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තරගය අවසන් වීමට තවත් පන්දු 11ක් තිබිය දී කඩුලු 7ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තා.
එම ජයග්‍රාහී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු තෙවිඳු අමරසිංහ. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා.
ඊට අමතර ව හිම්සර රන්දෙණි පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී කවිඳු ප්‍රමෝද් සහ සිසිත මදනායක කඩුලු 2 බැගින් දවා ගත්තා.
අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව
සබරගමුව විශ්වවිද්‍යාලය – කඩුලු 9ක් දැවී 184 (50.0) තිළිණ ප්‍රදීප්ත 41, සිසිත මදනායක 26, කවිඳු ප්‍රමෝද් 35, දෙවිඳු කැකිරිදෙණිය 2/43, තෙවින් අමරසිංහ 2/27, රුවින් සෙනෙවිරත්න 2/36, හිම්සර රන්දෙණි 2/38
කොළඹ විශ්වවිද්‍යාලය – කඩුලු 7ක් දැවී 187 (48.1) තෙවිඳු අමරසිංහ 66, වසන්තන් ජතුශාන් 25, හිම්සර රන්දෙණි 42, සිසිත මදනායක 2/39, කවිඳු ප්‍රමෝද් 2/24
කොළඹ විශ්වවිද්‍යාලයට කඩුලු 3ක ජයක්.
ජයග්‍රාහී කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම
තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය අතර තරගයක් ද පැවැතුණා. කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී පැවැති එම තරගයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 162ක් ලබා ගත් අතර ප්‍රතිවාදී ඉනිම ක්‍රීඩා කළ මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 161ක් පමණයි.
ඒ අනුව පසුගිය වසරේ ශූරයන් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මෙවර තරගාවලියේ දී 3 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වූවා.
තරගාවලියේ දක්ෂතා දැක් වූ පිතිකරුවෝ
තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තිළිණ ප්‍රදීප්ත. ඔහු ඉනිම 5ක දී ලකුණු 201ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා. ඔහුගේ ඉනිම් අතර අග්නිදිග විශ්වවිද්‍යාලයට එරෙහි ව පන්දු 53ක දී ලබා ගන්නා ලද ලකුණු 62ක් ද ඇතුලත්.
මෙම ලැයිස්තුවේ ඊට පසුව අසුන් ගන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ දේවදාස් ශෙරොපන්. ඔහු වන්නි විශ්වවිද්‍යාලයට එරෙහි ව පන්දු 71ක දී ලබා ගත් ලකුණු 88ක් සහ ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය එරෙහි ව පන්දු 30ක දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 84ක් ද සමඟින් තරගාවලියේ ඉනිම 4ක දී ලකුණු 200ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කිව්වා.
අනතුරුව මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානයට පත් වෙන්නේ සබරගමුව විශ්වවිද්‍යාලය නියෝජනය කළ හෂාන් රන්සික. ඔහු අග්නිදිග විශ්වවිද්‍යාලයට එරෙහි ව පන්දු 113කට මුහුණ දෙමින් ලබා ගන්නා ලද ලකුණු 108ත් සමඟින් තරග 5ක දී ලකුණු 191ක් ලබා ගනිමින් මෙම අසුන වෙන් කර ගත්තා.
ඔහු අග්නිදිග විශ්වවිද්‍යාලයට එරෙහි ව වාර්තා කරන ලද ශතකය මෙවර තරගාවලියේ වාර්තා වූ එක ම ශතකය ද වූ අතර පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක් වූ ඔහු තරගාවලියේ වැඩිම කඩුලුලාභීන්ගෙ ලැයිස්තුවේ පළමු 5 දෙනා අතර ද සිටිනවා.
මෙම ලැයිස්තුවේ 4 වැනි ස්ථානය මොරටුව විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් තරග 5ක දී ලකුණු 181ක් ලබා ගත් ගවින් බොතේජු ද සහ 5 වැනි ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් තරග 5ක දී ලකුණු 163ක් ලබා ගත් තෙවින් අමරසිංහ ද හිමි කර ගත්තා.
තරගාවලියේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නෝ
තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ වසන්තන් ජතුශාන් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ රුවින් සෙනෙවිරත්න. ඔවුන් දෙදෙනා කඩුලු 15ක් බැගින් දවා ගනිමින් මෙම අසුන සම ව බෙදා ගත්තා.
මේ අතුරින් වසන්තන් ජතුශාන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එරෙහි ව ලකුණු 10කට කඩුලු 5ක් ද සහ අග්නිදිග විශ්වවිද්‍යාලයට එරෙහි ව ලකුණු 15කට කඩුලු 5ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
රුවින් සෙනෙවිරත්නගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ අග්නිදිග විශ්වවිද්‍යාලයට එරෙහි ව ලකුණු 13කට දවා ගත් කඩුලු 5යි.
මෙම ලැයිස්තුවේ ඊට පසුව අසුන් වෙන්කර ගැනීමේ දී සබරගමුව විශ්වවිද්‍යාලයේ හෂාන් රන්සික, මොරටුව විශ්වවිද්‍යාලයේ කසුන් බණ්ඩාර සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චානක රාජපක්ෂ සමත් වෙනවා. ඔවුන් කඩුලු 11ක් බැගින් දවා ගනිමිනුයි මෙම අසුන්වලට හිමිකම් කිව්වේ.
කෙසේ වෙතත් තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමේ ගෞරවය හිමි කර ගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චානක රාජපක්ෂ. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට එරෙහි ව ලකුණු 32කට කඩුලු 6ක් දවා ගනිමින් එම දක්ෂතාවේ නිරත වෙනවා.
අනුශූර සබරගමුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<